Print this Article


ගඟ නොදැකීම

ගඟ නොදැකීම

එදා ඉතා උණුසුම් දවසක්. හිරු අහසේ බබළනවා. භික්ෂූන් වහන්සේ පිරිසක්, දවල් පිණ්ඩපාත පිණිස වඩිනවා. ඒ මඟ අසල ගංගාවක් රිදීවන් ජල දහර හිරු රැසින් බබළනවා. පුදුමයක්. අවතාරයක් ඒ ගඟ දිගේ එහා මෙහා යනවා. ‘ඔබ කවුද?’ භික්ෂූන් වහන්සේ අවතාරයෙන් විමසුවා.

“ස්වාමීනි මා වසර ගණනාවක සිට පිපාසයෙන් පෙළෙනවා. වතුර බිඳක් සොයමින් එහේ මෙහේ ඇවිදිනවා”

අවතාරය කියනවා.

ගඟ දිය මත සිටියත් අවතාරය එය මහා ගංගාවක් බව දන්නේ නෑ. ගඟ දිය මත සිටියත් දිය බිඳක් බොන්නට නෑ. මොනතරම් පාපයක් ද? හේතුව කුමක් ද? පේ‍්‍රතයෙක් ව උපත ලැබීමයි.

ස්වාමීන් වහන්සේ පේ‍්‍රතයාගේ සිරුරට ජලය ඉස්සා. “ස්වාමීනි , වතුර පොදක්වත් සිරුරට වැටුණේ නෑ” පේ‍්‍රතයා කියනවා.

කර්මයක විපාකය මොන තරම් ද?

සංසාරය පුරා මොහු කිසිවකුට වතුර බිංදුවක් හෝ නොදීමේ විපාකයයි මේ.

ජල මූලාශ්‍ර අපවිත්‍ර කළ විපාකයයි මේ.

තුනුරුවන්ට යමක් පූජා කරන්නට තිබුණා නම් එය වීසි කළ විපාකයයි මේ.