සෙත් පිරිතක් වී
ඉන්න ලොවේ
නැමුවොත් අපෙ හිස
සහසක් හිස් නැමෙනු ඇති
නොනැමෙන හිස් ළඟ
ගැරහුම් බස්මය තුඩ තුඩ රැව්දෙන්නේ
මනුසත් භවයේ සොඳුරු සරින්
සෙත් පිරිතක් වෙමු ලොවට උතුම්
හොඳ දේ දුනහොත්
යළි එය අපට ලැබේවි
කළල දිය මත
පිපුණ නෙළුම් මල සැමදා සුවඳ ගෙනේ
මනුසත් භවයේ සොඳුරු සරින්
සෙත් පිරිතක් වෙමු ලොවට උතුම්
වනස්පතිඳු සේ
අතුපත් දස දෙස විහිදා
මහවැසි ගෙන දී
වියැළුණු පොළවට සරුබව ලැබ දෙන්නේ
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |