බුදුරජාණන් වහන්සේ
දැක ගනිමු
පරවාහැර
චන්දරතන හිමි
ජාත්‍යන්තර බෞද්ධ
මධ්‍යස්ථානය
ප්‍රංශය
බෞද්ධයාගේ පරමාර්ථය විය යුත්තේ කෙළවරක් නැති මෙම සංසාර ගමන කෙටි කර ගැනීමයි. ඒ සඳහා
නිසි මඟ බුදුන් වහන්සේ විසින් පෙන්වා වදාරා තිබෙද්දීත් සංසාර පුරුද්ද නිසාම බොහෝ
දෙනා යොමු වන්නේ ලබා ගත් මිනිසත් භාවයෙන් නිසි ඵලය ලබා ගැනීමට නොව තව තවත්
අන්ධකාරයේ නිමග්න වීමට ය.
සත්ත්ව වර්ගයා දෙස කල්පනා කරන විට මිනිස් බව උසස්ම තත්ත්වයයි. ”මනස්ස උස්සන්නත්තා
මනුස්සා” යනුවෙන් උගන්වා වදාළේ එම නිසා ය. තිරිසන් සතුන් සහ මනුෂ්‍යයන් අතර වෙනස
හැටියට දකින්නට හැකි වන්නේ ඔහු තුළ පිහිටා ඇති සිත දියුණු කිරීමේ ශක්තියයි.
බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටීමට හැකියාව ලැබීම ම, මනුෂ්‍යයන් ලෙස අප මහත්
භාග්‍යවන්තයෝ ය. එහෙත් බුදුන් වහන්සේගේ ජීවමාන ධර්මය නොසැඟවී තිබෙන යුගයක ලබාගත්
මිනිසත් භාවයෙන් නිසි ප්‍රයෝජන ලබා නොගන්නේ නම් තව දුරටත් අපි මේ සංසාර ගමන දික්කර
ගනිමු.
බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටි ඇතැම් රාජ රාජ මහාමාත්‍යවරුන්ට පමණක් නොව බුද්ධ
සාසනයේ පැවිද්ද ලබා සිටි ඇතැම් අයටවත් නියම බුදුරජාණන් වහන්සේ දකින්නට නොහැකි වූ බව
බුද්ධ කාලයේ සිදුවූ සිදුවීම් පරිශීලනය කරන විට මැනවින් අවබෝධ වෙයි.
සසර කෙටි කර ගෙන මේ සංසාර ගමන නතර කිරීමට බුද්ධෝත්පාද කාලයක ඉපිද සිටියත්, පාරමිතා
සම්පූර්ණ කර නැතිනම් හැකියාවක් නොලැබේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලබා
සිටි දේවදත්තට බුදුන් දකින්නට වරම් නොලැබුණේ එනිසයි.
අජාසත් රජ බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රධානම දායකයෙක් ලෙස කටයුතු කළත්, ඔහුට ද සැබෑ
බුදුන් දකින්නට නොහැකිව අපා ගත වුණේ පියා මැරීමේ පාප කර්මය නිසා ය. මෙවන් බොහෝ
උදාහරණ බුදු සිරිත ඇසුරින් සොයාගත හැකි ය. එයින් අපට පැහැදිලි වන්නේ සැබෑ බුදුන්
දැකීම යනු බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැකීම යන්නයි.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ”යො ධම්මං පස්සති. සො මං පස්සති” යනුවෙන් සඳහන්
වන දේශනාවට අනුව පැහැදිලිව ම සඳහන් වන්නේ යමෙක් මාගේ ධර්මය මනාකොට අවබෝධ කරයි ද, ඒ
පුද්ගලයා නියම බුදුන් දුටු බවයි.
බුදුන් දවස විසූ පුක්කුසාති නැමති පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සොයා උන්
වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට යාමට මඟට පිළිපන්නේ ය. හෙතෙම රාති‍්‍රය ගත කිරීමට
කුඹල් හලක අයිතිකරුවකුගෙන් අවසර ඉල්ලා ඒ තුළට ඇතුළු වුණි. මේ තැනැත්තා ගැන දුටු
බුදුරජාණන් වහන්සේ ද එදින රාති‍්‍රය ගත කිරීමට කුඹල් හල වෙතට පැමිණ කලින් පැමිණ
සිටි තැනැත්තාගේ අවසරය ලබාගෙන ඒ තුළට පිවිසියහ. ටික වේලාවකින් පසුව බුදුන් වහන්සේ
පුක්කුසාතිගේ තොරතුරු විමසන්නට වූයෙන් දැන ගන්නට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය
සොයා ජේතවනාරාමයට යාම සඳහා මඟට පිළිපන් බවයි.
තමන් වහන්සේ සොයා මඟට පිළිපන් මේ තැනැත්තාගෙන් ධර්මය දේශනා කරන්නද කියා බුදුරජාණන්
වහන්සේ විමසා සිටියෙන් ඔහුගේ කැමැත්ත අනුව ඔහුට ධර්මය දේශනා කිරීම සිදු කිරීමෙන්
පසුව පුක්කුසාතිට වැටහී ගියේ මේ තමන් සොයා යන ධර්මයත්, තමන් සොයන අචාර්යවරයාත් බව
ය.
අනතුරුව මිත‍්‍ර ලීලාවෙන් කතා කිරීම සම්බන්ධ ව සමාව ඉල්ලා සිටි පුක්කුසාති
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයකු වීමේ කැමැත්ත පළ කරයි.
මේ සිද්ධියෙන් අපට මනාව පැහැදිලි වන්නේ පුක්කුසාති නැමැති, කිසිදිනක බුදුන් වහන්සේ
නොදුටු පුද්ගලයා උන්වහන්සේගේ ශ‍්‍රාවකයකු බවට පත්වී මාර්ග ඵල අවබෝධයෙන් පසු බුදුන්
දුටු වගයි.
එනිසා අප මෙහිදී තේරුම් ගත යුත්තේ, බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙක් ලෙස ඉපිද, මිනිස්
ලොව දුක අවබෝධ කරගෙන, මනුෂ්‍යයෙක් ලෙස පත්වන්නට පුළුවන් උතුම්ම තත්වය වන බුද්ධත්වය
අවබෝධ කරගත් උත්තරීතර මනුෂ්‍යයකු ලෙසයි.
බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ම උන්වහන්සේ කවුද යන්න සේල සූත‍්‍රයේ දී මෙසේ
පැහැදිලි කර ඇත. “දැනගත යුතු සියලු දේ මනාව දැනගත් නිසාත්, පුහුණු කළ යුතුදේ මනාව
පුරුදු කළ නිසාත්, ප‍්‍රහාණය කළයුතු සියලු දේ ප‍්‍රහාණය කළ නිසාත් මා බුද්ධ
යනුවෙන් දැනගන්නට කියා සේල බ‍්‍රාහ්මණයට බුදුන් වහන්සේ වදාළහ.
මෙහි අන්තර්ගතය දෙස බලන විට දැනගත යුතු සියලු දේ දැනගත්තා යනුවෙන් අදහස් වන්නේ
උන්වහන්සේ දුක්ඛ සත්‍යය සහ නිරෝධ සත්‍යය යන දෙක දැනගත් බවයි. පුහුණු කළ යුතුදේ මනාව
පුරුදු කළා යනුවෙන් සඳහන් කළේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව හෙවත් අරී අට මඟ මනාව
පුරුදු කළ බවයි.
ප‍්‍රහාණය කළයුතු සියලු දේ ප‍්‍රහාණය කළා යන්නෙන් අදහස් වන්නේ දුක්ඛ සමුදය සත්‍යය
හෙවත් දුක හට ගැනීම නැති කළ බවයි. මේ නිසා උන්වහන්සේ බුද්ධ කියා හඳුන්වනු ලබන බව
උන්වහන්සේගේ වචන වලින් ම පැහැදිලි වේ.
එනිසා බුදුන් දැකීමට උන්වහන්සේ උගන්වා වදාළ ප‍්‍රතිපත්ති පූජාව ම ඉතා උතුම් කොට
සැලකිය යුතු ය. ආමිස පූජාවට වඩා ප‍්‍රතිපත්ති පූජාව වැදගත් බව ධම්මදායදා
සූත‍්‍රයේ දී උන් වහන්සේ උගන්වා වාදාළේ එනිසායි. නිවන් අවබෝධය යනු බුදුරජාණන්
වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමයි. එම අවබෝධය සඳහා ප‍්‍රාර්ථනය පමණක් ප‍්‍රමාණවත්
නොවේ.
බුදුන් දැකීමට නම් අඩුම වශයෙන් සෝවාන් ඵලය වත් අවබෝධ කර ගත යුතු බව සිහියේ තබා ගත
යුතුයි. සැකය දුරුවන්නේ සෝවාන් මාර්ගය අවබෝධ කිරීමෙනි. බුදුන් පිළිබඳ සැකය දුරු කළ
පුද්ගලයා කවදාවත් අපාය ගතියක උපත නොලබයි. එනිසා ලබා ගත් මිනිස් භවයෙන් ප‍්‍රයෝජන
ගෙන බුදුන් දැකීමට උන්වහන්සේ උගන්වා වදාළ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙමු. |