Print this Article


රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ පින්කම් මාලාව

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ පින්කම් මාලාව

විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සෞඛ්‍ය උපදෙස් පරිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, 6.00 ට සිල් සමාදන්වන සියලු පින්වතුන් අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමි, 6.45 ට බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 7.00 ට හීල දානය පිරිනැමීම, 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ සාරද හිමි, 9.00 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන මැතිතුමා, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර මැතිතුමා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මැතිතුමා, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද මැතිතුමා ඇතුලු වියතුන් සහභාගී වෙති. 10.45 ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා පූජා කිරීම, 11.15 ට දහවල දානය පිරිනැමීම, ප.ව. 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 01.30 සිට 02.30 දක්වා ජාතක ධර්ම දේශනාව, 3.00 සිට 4.00 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාදුවේ කෝලිත හිමි, 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාව දොම්පේ සියනෑ ජාතික පාසලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි.