Print this Article


ලෝකවිදූ බුදුගුණ භාවනාව

ලෝකවිදූ බුදුගුණ භාවනාව

සුගත බුදුගුණය භාවනා කරලා සිතට වශී වුනාට පසුව ලෝකවිදූ බුදුගුණය වඩන්න පටන් ගන්න. පස්වන බුදුගුණය ලෝකවිදූ බුදුගුණය යි. බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප යන තුන් ලෝකයේ සියලු යථා ස්වභාවයන් අවබෝධ කරගෙන, යථාස්වභාවය නොදත් ලෝකයාට කියා දුන් නිසාත්, එසේම සත්ත්ව, අවකාශ, සංස්කාර යන ත්‍රිවිධ ලෝකයේ සියලු යථා ස්වභාවයන් අවබෝධකර ගෙන, යථා ස්වභාවය නොදත් ලෝකයාට කියා දුන් නිසාත්, ලෝකවිදූ නම් ගුණය ලැබී තියෙනවා.

ලෝකවිදූ ගුණය වැඩීම සඳහා සරල කෙටි කමටහනක් පළමුවෙන් දක්වන්නම්.

“මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ, කාම රූප අරූප යන තුන් ලෝකයේ සියලු තතු, දැන ගෙන නොදත් ලෝකයාට කියා දුන් සේක, එසේම සත්ව අවකාශ සංස්කාර යන තුන් ලෝකයේ සියලු තතුද, දැනගෙන නොදත් ලෝකයාට කියා දුන් සේක. මේ කාරණා නිසා, මාගේ බුදුපියාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක, ලෝකවිදූ නම් වන සේක, ලෝකවිදූ නම් වන සේක”

මේ කමටහන දින කිහිපයක් වඩන්න. එවිට ඉතා ඉක්මනින් ලෝකවිදූ ගුණය සිතට වශී වේවි.