Print this Article


පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

අපිස්බව

සංඝයා වහන්සේ වර්ණනා කළ යුතු වන්නේ අපිස්බව යි. අපිස්බව නම්, ටිකක් ලබා සතුටු වීමයි.

බුදුන් වහන්සේ දේශනා කළ අන්දමට භික්ෂූන් වහන්සේ අපිස් බව අනුගමනය කරනවා නම් රටක් බොහෝ සෙයින් නිවැරැදි වෙයි. එවිට අනෙක් මිනිසුන් ද එවැනි වෙයි. ධර්මාශෝක රජු දිනක් මාර්ගය දෙස බලා සිටින විට සාමණේර නමක් පාරෙහි වඩිනවා දැක බෞද්ධයකු බවට පත් විය.

ධර්මාශෝක රජු බෞද්ධයකු වූයේ බණ අසා නොවේ. මහා වංසයේ පස්වැනි පරිච්ඡේදයේ මේ කතා පුවත සඳහන් වේ. සංඝයා වහන්සේ ශාන්ත දාන්තව, භික්ෂූන් වහන්සේ උදෙසා දේශනා කොට වදාළ ලෙස හැසිරෙනවා නම්, නියම භික්ෂුවක් ව සිටිනවා නම් එයයි, අනුන්ටත් තමන්ටත් කරන ලොකුම සේවය යැයි කියන්නේ.

‘අප්පසන්නා නං පසාදාය

පසන්නානං හි්‍යයො භාවාය’ කියලයි. සඳහන් වන්නෙන්. ඒ නිසා හොඳ සංවරයක් යුතුව සිටියාම ප්‍රමාණවත් ය.

විභාගයක් සමර්ථ වූ කෙනා අසමත් වූ කෙනාට වඩා සමත් යැයි සිතයි. එවිට, අනුන්ට වඩා උසස් යැයි සිතන විට අරියපර්යේෂණ සූත්‍රයේ හැටියට මාන්නය ඇති වේ. සංඝයා වහන්සේ නමක් වූ විට කිං කුසල ගවේෂි විය යුතු ය. බුදුරදුන් වදාළ ලෙස භික්ෂූන් වහන්සේ සංවරව හැසිරිය යුතු ය. සංඝයා වහන්සේ තුළ පවතින නව විධ මානය නැතිකොට භික්ෂූත්වය වඩාත් ආරක්ෂා කරගත හැකි වන්නේ එවිට ය.

****

පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය

ජාතික ආගමික සේවාවන් රැසක් සිදු කරන ගාල්ල උණවටුන හෙට්ඨාචල මහ පිරිවෙන

1976 වර්ෂයේ සිට අද දක්වාම උන් වහන්සේගේ උදාර කැපවීම පිරිවෙනේ වර්තමාන නවෝදය පිණිස විශේෂයෙන් හේතු වී ඇති බව සටහන් කළ යුතුය.

මෑත කාලීනව පිරිවෙනෙහි සේවය කොට විශ්‍රාමලත් පරි‍වේණාධිපති හිමිවරු ද ( රාජකීය පණ්ඩිත බටදූවේ ධම්මදස්සි ස්ථවිර / ශාස්ත්‍රවේදී පණ්ඩිත හේනේගම සෝරත ස්ථවිර / ශාස්ත්‍රපති මිරිස්වත්තේ සුමන ස්ථවිර ) අතිවිශිෂ්ට සේවාවක් සිදුකරමින් පිරිවෙනේ උන්නතියට ක්‍රියාකරන ලදි.

2009 වර්ෂයේ ගාල්ල පිරිවෙන් පුනරුදය කලා මංගල්‍යය තත් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට්ඨාචල මහ පිරිවෙන් පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණි. එම කාලපරාසය තුළ දහස් ගණනින් දීප ව්‍යාප්ත භික්ෂූන් වහන්සේලා පිරිවෙන් භූමියට සම්ප්‍රාප්ත වූ අතර හැමදෙනාගේ ප්‍රසාදය පිරිවෙන් මාතාවට හිමි වූ බව ඉතා සතුටින් කිව යුතුය. එබදු මහත් භාරදූර කර්තව්‍යයක් වුව ඉතා සාර්ථකව සිදුකළ හැකි වූයේ පිරිවෙන සතු මානව සම්පත් හා භෞතික සම්පත් හී ප්‍රාමාණිකත්වය නිසාවෙනි. ඊට වත්මන් පරි‍වේණාධිපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය ප්‍රජාවගේ දායකත්වයත් වෙසෙසින්ම හේතු වූහ. 2015 වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ ඵල සපිරි පිරිවෙන් පරීක්ෂණයේදී හොඳම මහ පිරිවෙන් ත්‍රිත්වය අතරට පත්වී තිබීම ද සිහි කළ යුතු කරුණකි.

එසේම සෑම වසරකම සරසවි ප්‍රවේශයට සිසුන් සකස් කරනා අප පිරිවෙන පසුගිය වසරේ විශේෂ ගෞරවයකට ලක් වූයේ පිරිවෙනේ ආදි ශිෂ්‍යයකු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ස්වර්ණ සම්මානයකින් පිදුම් ලැබීම මගිනි.කුඩා සාමණේරයන් වහන්සේලා දැන උගත්කම් වලින් සපිරි සසුනට සෑහෙන භික්ෂුන් ලෙස සකස් කිරීමට ද පිරිවෙන මහත් වෙහෙසක් දරයි. ඊට සුදුසු දක්ෂ ඇදුරු මඩුල්ලක් පිරිවෙන තුළ සේවය කිරීම පරිවේණස්ථානයේ දියුණුවට හේතුවකි.

* පරිවේණාධිපති - කෙහෙල්වල සුමංගල ස්ථවිර (ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, අධ්‍යාපනවේදී)

* නි.පරිවේණාධිපති - පදලංගල අස්සජි ස්ථවිර (ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, අධ්‍යාපනවේදී)

* ගුරු උපදේශක - මිරිස්වත්තේ සුමන ස්ථවිර (ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති,)

* ගොරකවෙල විනීත ස්ථවිර (ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, අධ්‍යාපනවේදී)

* මාපලගම චන්දිම හිමි (රාජකීය පණ්ඩිත)

* ගුරු උපදේශක - සුගත් ජයවර්ධන මහතා (පුහුණු ගුරු)

* සඳරුවන් වීරසිංහ මහතා (ශාස්ත්‍රවේදී, පුහුණු ගුරු)

* අමල් නවරත්න මහතා (ශාස්ත්‍රවේදී, අධ්‍යාපනවේදී)

* දිමුතු ජයමාල් මහතා (පුහුණු ගුරු)

* බී. තිළිණ මහතා (පුහුණු ගුරු)

දකුණු ලක ඉතා පැරැණි විද්‍යස්ථානයක් වන හෙට්ඨාචල පිරිවෙන තම සියවස් සැමරුම (1891-1991) 1991 වසරේ දී සිදුකළ අතර අද වන විට 125 වන සංවත්සරයට ආසන්නව සිටී. සියවසකට අධික විදු පියසේ ඉතිහාසය තුළ පිරිවෙන් මාතාව බිහිකළ ප්‍රාඥයන් බොහෝමයකි. ඒ අතරින් ජගත් කීර්තිධරයන් කිහිපදෙනෙකු පිළිබද පමණක් මෙහි සටහනක් තබමි.

* විද්‍යෝදය මහ පිරිවෙන්පතිව වැඩවිසූ පණ්ඩිත ශිරෝමණී බද්දේගම පියරතන නාහිමි

* මල්වතු මහා විහාර කාරක සංඝ සභිකව වැඩසිටි අන්දරවැව අත්තදස්සි හිමිපාණන් වහන්සේ

* ප්‍රබුද්ධ ගීත රචක රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ

* කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද ස්ථවිර - කැළණිය විශ්ව විද්‍යාලය

* හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්

* ආචාර්ය ඒ. විජයරත්න මැතිතුමා

* ආචාර්ය ඩී. අමරසිංහ මැතිතුමා - ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාලය

හෙට්ඨාචලමහපිරිවෙනෙහිපහසලබමින් බිහි වූ ශාස්ත්‍රීය ලේඛනයන් ද බොහෝ ප්‍රමානයකි. ඒ අතරින් සිහිපත් කළ හැකි කෘති කිහිපයක් මෙසේ ය.

* සිරිසිදුහත් සුමගුල්වත / ප්‍රාතිමෝක්ෂ ග්‍රන්ථ දීපනී - කවිකුලතිලක කලහේ ශ්‍රී ගුණරතන නාහිමි

* පාලි රසවාහිනී - මලිදුව සෝමරතන හිමි

* සිතුල්පව්ව - ඕපාත අනෝමදස්සි නාහිමි

* යටගල රාජමහා විහාර ඉතිහාසය / සිතුල්පව්ව ඉතිහාසය / සර්ව පිරිත් සයුර(සිංහල) - වත්තෙහේනේ ශ්‍රී පියරතන පඩිහිමි

* සුභාෂිත රත්න(සංස්කෘත-සිංහල) / අභිනව පාලි පාඨාවලී - ආචාර්ය මිල්ලව ගුණරතන හිමි

* සිංහල බුද්ධ වන්දනාව - වත්තෙහේනේ ශ්‍රී රතනසාර නාහිමි

* ලේඛන රේඛා / ඉන්දු ආර්ය සංස්කෘතිය / උසස් පෙළ බෞද්ධ සංග්‍රහය / මගුල්මහා විහාරය - මැටරඹ හේමරතන නාහිමි

* දෙවොල් දෙවියෝ - තල්පේ අරියජෝති හිමි

* ශ්‍රී මහා බෝධි අසිරිය - ලේල්වල සමිත හිමි

* ආධුනික පාලි පදමාලා / හෙට්ඨාචල - මිරිස්වත්තේ සුමන හිමි

* උසස් පෙළ බුද්ධ ධර්මය - පදලංගල අස්සජි හිමි

මෙසේ ඓතිහාසික වටිනාකමින් හා ස්වභාව සෞන්දර්යයෙන් අනූන, ධර්ම ශාස්ත්‍රීය හා ජාතික ආගමික සාමාජික සේවාවන් රැසක් සිදුකරන “විජ්ජා උප්පතතං සෙට්ඨං” යන ආදර්ශ පාඨයෙන් ක්‍රියාත්මක වන හෙට්ඨාචල මහ පිරිවෙන සදා දිනේවායි හදවතින් සුභ පැතුම් එක් කරමි.

මෙම ලිපියේ මුල් කොටස වප් අමාවක පෝදා (14) පත්‍රයේ පළ විය.