Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

බුදු පියාණෙනි

නෙත රැඳි කලට අපමණ සැනසුමක් ගෙනා
සිත බැඳි දනට අමයුරු සිසිලසක් දෙනා
සත වෙත පතළ කළ කරුණා ගුණය මනා
නැත අන් සරණ තිලොවග හිමි සරණ විනා

****

වෛරසය ඇවිදින්

බුදුන් වැඩ සිටි සමයේ
විශාලා මහනුවර
මහා වසංගත රෝ බියකින්
මිනිසුන් දහස් ගණනක් මැරුණා

අදත් ඒ ලෙසින්
කොරෝනා වෛරසය ඇවිදින්
ලක්ෂ ගණනක් ලොවේ
මිනිසුන් දුකෙන් මිය ඇදෙනවා

සියලු දේ අනියත බව
බුදුන් දෙසූ දහමෙ තිබුණා
රතන සුත්ත දෙසුමෙන්
එදා තුන් බිය මැකුණා

පරිසරයට වින කරන විට
දහස් ගණන් සතුන් මරණ විට
වැඩිහිටියන්ට නොසලකන කොට
බිහිසුණු රෝග ඇති නොවේවි ද මිනිසුන් හට

****

සසර මඟ සැප දුක

වහලට ටකරන් ය, මැටි ගේ අන් අයට
ඉන වට සරල පිළි, දුටු දා සිට ඇඟට
කිව්වට මොකද පුටු දෙක තුනමයි ගෙයට
හැමවිට සිනා හඬ එනමුත් ගෙන් පිටට

එහෙමට නැතත් තැනකදි උතුරන සතුට
සරුවට ඇතත් නොසතුට ඇයි තව අයට
දහමට යටත් මෙය පව පින මුත් අපට
සසරට බැඳෙන විමසිය යුතු දේ සැරට