සිතුල්පවු මහ වෙහෙරට
පුනර්ජීවය ලබා දුන්
යටගල රාජමහා විහාරය
මොරටුව විශ්ව විද්‍යාලයේ
කථිකාචාර්ය විද්‍යාපති, ඉංජිනේරු
දිමුතු පුන්සර කොළඹගේ
ගාල්ල දෙවට මංසන්ධියෙන් ඇරඹෙන ගාල්ල අකුරැස්ස මාර්ගයේ හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ
පින්නදූව පිවිසුම පසුකොට වංචාවලින් හැරී ගමන් කරන විට අනුරාධපුර යුගයට අයත්
ඓතිහාසික යටගල රාජමහා විහාරය හමුවෙයි.
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞරාණික
ම පුදබිම යටගල රාජමහා විහාරය යි. මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජතුමා රටපුරා
යොදුනෙන් යොදුන පිහිට වූ විහාරස්ථානයක් ලෙස යටගල රජමහ විහාරය හඳුන්වනු ලබයි.
ජනතාවගේ විශ්වාසය අනුව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ
නමකි.
යටගල රජමහ විහාර ඉතිහාසය පිළිබඳ මීළඟට තොරතුරු හමුවන්නේ දඹදෙණි යුගයේ දෙවන
පරාක්‍රමබාහු රාජ යුගයේ දී ය. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධියෙන් පුද ලබමින්
කව් සිළුමිණ වැනි සාහිත්‍යකරණයෙහි නිරත වූ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ
අග්‍රාමාත්‍යවරයා වූ දේවප්‍රතිරාජ ඇමතිවරයා විසින් වනගත ව පිහිටි මෙම පුදබිම
හඳුනාගෙන ලෙන් විහාරයෙහි දොළොස් රියන් සැතපෙන බුදු පිළිමයක් තනවා, චෛත්‍යය ද
ප්‍රතිසංස්කරණය කර වූ බව විහාර මන්දිරයේ ද්වාරයේ ඇති සෙල් ලිපියක සඳහන් වෙයි.
යුරෝපීය ආක්‍රමණ හමුවේ විනාශයට පත් මෙම පුදබිම නැවත කාලානුරූපී ව වනගත ව විනාශයට
පත් වූ අතර, ඉන්පසු පුනර්ජීවන යුගයක් උදා වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස
කැටගොඩ රතනජෝති හිමියන් විසින් නැවත සොයා ගැනීමෙන් පසුව ය. වැලිවිට සරණංකර සංඝරාජ
හිමියන්ගේ සහ වේහැල්ලේ ධම්මදින්න නා හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වූ කැටගොඩ රතනජෝති
හිමියන් ස්‍යාමෝපසම්පදාව මෙරට පිහිට වූ 1753 වර්ෂයේ දී ම උපසම්පදාව ලද බවත්, ඉන්පසු
වනගත ව පැවැති යටගල පුදබිමට පුනර්ජීවනය සලසා ඉපැරැණි පුස්කොළ පොත් පිටපත් කොට බෙදා
හරිමින් එහි වසමින් ලෝක ශාසන සංග්‍රහයෙහි නිරත වූහ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස 1806 වසරෙහි දී කැටගොඩ රතනජෝති මා හිමියන් විසින්
ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ඉදිකරවා එම ප්‍රතිමා වහන්සේ රජතුමා වෙත යැවීම සඳහා ගිංගඟ
දක්වා කරත්තයක ගෙනයනු ලැබූහ. එතැන සිට පාරුවකින් බටුවංගල දක්වා රැගෙන ගිය කල මේ
පිළිබඳ රජතුමා දැනගෙන දූතයන් යවා පිළිමය පරීක්ෂා කරවා පිළිම වහන්සේ යටගල විහාරයේ
තැන්පත් කොට පුද පූජා පවත්වන ලෙස දැන්වීය. ප්‍රතිමාවෙහි නෙත් යුගල සඳහා නිල්
මැණික්, ඇත් දළ යුගල දෙකක්, රන්සුණු පිඬක්, ධාතු කරඬුවක්, රන් පහනක්, ස්වර්ණමය තිර
දෙකක් සමග බටුවන්ගල ග්‍රාමවරය නින්දගමක් වශයෙන්
පවරන ලදී.
අසූවස් ආයු වැළඳූ කැටගොඩ රතනජෝති මා හිමියන් 1809 වසරේ දී අපවත් වීමෙන් පසු
හිරිඹුරේ ආනන්ද හිමියන් ද, ඉන්පසු
පිළිවෙළින් යටගම ජෝතිපාල හිමි, හල්ලොලුවේ දේවමිත්ත හිමි සහ තල්පේ සෝණුත්තර හිමියන්
විහාරාධිපති පදවි හොබවා ඇත. යටගල රජමහ විහාරයේ නූතන නවෝදය සිදුවන්නේ මින්පසු එළඹෙන
කලෙහේ ශ්‍රී ගුණරතන නා හිමියන්ගේ යුගයේ දී ය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරුවෙනේ
හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් යටතේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කළ කලහේ
ගුණරතන නාහිමිපාණෝ යටගල රජමහ විහාරයේ සියලුම විහාරාංග ප්‍රතිසංස්කරණය කළහ.
විහාර මන්දිරය |
වර්ෂ 1891 දී විහාරස්ථානයේ හෙට්ඨාචල පිරුවන අරඹන ලද අතර ඉන් පසු බෞද්ධ දරුවන්ගේ
අභිවෘද්ධිය වෙනුවෙන් පාසල් හයක් ආරම්භ කළහ. කලෙහේ ශ්‍රී ගුණරතන නා හිමියන්ගේ
සුවිශේෂිතම මෙහෙවර ලෙස සඳහන් කළ හැක්කේ පැරැණි සාහිත්‍ය හා ධර්ම ග්‍රන්ථවල කියැවෙන
තොරතුරු අධ්‍යයනය කරමින් වර්ෂ 1918 දී යාල වනෝද්‍යානයෙහි සැඟවී පැවති කාවන්තිස්ස මහ
රජතුමා ඉදිකළ, දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩසිටි ඓතිහාසික සිතුල්පව්ව පුදබිම
සොයා ගැනීම සහ සිතුල්පව් මඟුල් මහාවිහාර ප්‍රතිසංස්කරණ දායක සභාව පිහිටුවා
ඉංග්‍රීසි ආණ්ඩුවේ අවසර ලබාගෙන එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම යි.
අද මෙන් කිසිදු පහසුකමක් නො මැති යුගයක යටගල දායකයන්ගේ ශ්‍රමයෙන් මාර්ගය සකස් කරවා
සියවස් ගණනාවකට පසු සිතුල්පව්වෙහි සංඝයා වහන්සේලා වැඩ වසන තත්ත්වයක් ඇති කළහ.
කලෙහේ ගුණරතන නාහිමියන්ගේ මෙහෙවරට උපහාර පිණිස මල්වතු මහාවිහාරය මඟින් කවිකුලතිලක
ගෞරව උපාධිය, කර්මවාගාචාර්ය පදවිය, තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ ගාලු පළාතේ
උපප්‍රධාන සංඝ නායක පදවි පිරිනමන ලදි.
ඉන්පසු පිළිවෙළින් ඉලුක්පිටියේ ජිනරතන මා හිමි, වත්තේහේනේ රතනසාර නා හිමි
විහාරාධිපති පදවිය ද පණ්ඩිත වත්තේහේනේ පියරතන මා හිමියන් හෙට්ඨාචල පිරුවනේ
පරිවේණාධිපති පදවිය ද හෙබවූ පසු වර්තමාන විහාරාධිපති මැටරඹ හේමරතන නා හිමියන්
විහාරාධිපතීත්වයට හා පරිවේණාධිපතීත්වයට පත් වූහ. යටගල සිතුල්පව් උභය රාජමහා විහාර
ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ටමහා විහාරාධිපති, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝ නායක, උපාධ්‍යාය ධුරන්දර, සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර,
ශාස්ත්‍රපති මැටරඹ හේමරතන නා හිමියන් විසින් 1996 වර්ෂයේ දී හිටපු අධ්‍යාපන අමාත්‍ය
රිචඩ් පතිරණ මැතිතුමාගේ මූලිකත්වයෙන් යටගල රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කරන
ලදි.
සිතුල්පව් මඟුªල් මහාවිහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මැතිතුමා, අනුශාසක චමල් රාජපක්ෂ මැතිතුමා, වෛද්‍ය
රමේෂ් පතිරණ මැතිතුමා ඇතුළු දායකකාරකාදීන්ගේ සහයෝගයෙන් විහාරස්ථානයේ සියලු කටයුතු
සංවර්ධනය කළහ. |