Print this Article


ආරොග්‍ය පරමා ලාභා

ආරොග්‍ය පරමා ලාභා

සුව සම්පත හැර අන් සුව
ලොවේ කොයින්දා
අගුපිල සිහසුනෙ සිටියත්
සුවය කොයින්දා

සුවයක් නම් නැත සතහට
අරුමෙ කුමන්දා
පරම සැබෑවයි මෙය ලොව
දහම සුගන්දා

දියුණු හිනේ ඉහළ යන්න
දිව රෑ දෙක නොබලා
නිදි වරලා වෙහෙස වෙලා
අකාලෙ ලෙඩ වීලා

ගේ දොර වතුපිටි සම්පත්
සැමදේ අතහැරලා
පරලොවකට ගෙන යන්නට
කිසිවක් නැත කරලා

දිවිය පුරා උපයා ගත්
සැම සේසත පුදලා
ලෙඩ ඇඳ මත තනිවීලා
දුක සේ මිය ඇදෙනා

නිරෝග නම් මහ සම්පත
මිල කරන්න බැරුවා
මහ රහතුන් ලොව අගනා
සුව සම්පත විඳීනා

ආරොග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
(ධම්ම පදය සුඛ වග්ග - ගාථාව ඇසුරෙනි.)