Print this Article


උතුම් පැවිදි බිමට

උතුම් පැවිදි බිමට

වාද්දුව, දෙල්දුව,ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි, ශාස්ත්‍රපති කිතලගම නන්දසාර හිමියන්ගේ 37 වැනි ජන්ම දිනය හා උන්වහන්සේ පැවිදි වී 29 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී පින්කම් රාශියක් පසුගිය දිනවල දී සිදු කෙරිණි.

ගනේවත්ත පුරාණ විහාරාධිපති, දෙල්දූව සුමන නා හිමියන්ගේ ආශිර්වාද හා අනුශාසනා පරිදි , විහාරාධිකාරි කිතලගම නන්දසාර හිමියන්ට සෙත්පතා පැවැති මෙම පින්කම් මාලාවේ දී කුල දරුවන් තුන් දෙනකු සසුන් ගත කිරීම හා ගවයකුට අභය දානය ලබාදීම සිදු කෙරිණි.

ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එච්.කේ.ආලෝක ධනංජය (14) ශිෂ්‍යයා මාලිගාවිල සුමිත්තවංශ සාමණේර හිමි නමින් ද,

ඇඹිලිපිටියේ කරවිලයාය මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්.ඒ.තිලංක ලක්මාල් (12) ශිෂ්‍යයා කුට්ටිගල සුපුන්නරංසි නමින් ද,

ඇඹිලිපිටියේ කරවිලයාය මහ විදුහලේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු එල්. හංසක සිසුවා කුට්ටිගල සුගතවන්න සාමණේර හිමි නමින් ද, විහාරාධිකාරි කිතලගම නන්දසාර හිමියන්ගේ භාරකාරත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූහ.