Print this Article


බුදුරජාණන් වහන්සේ දැකගනිමු - 3: භයානක විපාක ගෙන දෙන කෙලෙස්

බුදුරජාණන් වහන්සේ දැකගනිමු - 3

භයානක විපාක ගෙන දෙන කෙලෙස්

දේවත්වයට පත් වන්නේ සද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා නම් වූ ගුණ ධර්ම වැඩීමෙන් ය. මම ද, ඒ සද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා නම් වූ ගුණ වඩන්නෙමියි මනාකොට සිත සිහිය පිහිටුවා ගත යුතු ය.

ඒ ගුණ තමා තුළ දියුණු වීමෙන් ලෝභාදී කෙලෙස්වල සංසි¼දීමකට, අලෝභාදී කුසල ධර්ම මතුවීමකට අවස්ථාව සැලසෙන්නේ නම් ඒ “සග්ග“ කාතාවෙන් ගන්නා වූ ධර්මානුකූල ආදර්ශයයි.

එමෙන් ම කාමාදී අකුසල ධර්මයන්හි ඇති ආදීනවය මනාකොට මෙනෙහි කොට ගත යුතු වෙනවා.

“අත්ථි කංඛලූපමා කාමා“ කාමයෝ නම් ඇට සැකිල්ලක් බඳු ය. එබැවින් මේ ශරීරයට හෝ අන් ශරීරයකට හෝ නිමිති, අනු නිමිති, ව්‍යංජන රස වශයෙන් ගෙන ඇලෙන්න, බැඳෙන්න, කුල්මත් සිතක් බවට පත්කරගන්න, කිසිවක් මෙහි නැත. මස් නැති ලොහොඹුවක් සේ ද, දෙපැත්ත ඇවිලුණු මැද අපවිත්‍ර තැවරුණු ගිනිහුලක් සේ ද, රත් වූ අඟුරු වලක් සේ ද, ණයට ඉල්ලා ගත් දෙයක් සේ ද, ගසකින් වැටෙන්නට ඉතා ම සමීප වූ ඵලයක් සේ ද, කඩු මුවහතක් සේ ද, සර්ප හිසක් සේ ද, මේ කාමයන්හි ඇති ආදීනව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ.

අල්ප වූ ආස්වාද ඇති බොහෝ දුක් සහගත බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. මාර්ගඵලාවබෝධයට එක එල්ලේ අවස්ථාවක් නොතිබුණු ශ්‍රාවකයාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආනුපුබ්බී කතාවයි. මේ පැහැදිලි කරන්නේ.

පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන නිවන් මඟ සමීපයට පැමිණෙන තැනයි. රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්වල ඇති කිළිටි බව, දුෂ්‍ය බව, භයානක බව අප විසින් අවබෝධ කර ගත යුතු වෙනවා.

ඒ වෙනුවෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතරත්, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ නම් වූ ස්කන්ධ පංචකයත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ආයතන හයත් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට දැක ගත යුතු වෙනවා. මෙනෙහි කරගත යුතු වෙනවා. පුරුදු කරගත යුතු වෙනවා.

ලෞකික ලෝකයේ පැවැත් ම පිණිසත්, ධර්මාවබෝධය පිණිසත් සැබවින් ම ස්කන්ධ පංචකයේ පැවැත්මත් අවශ්‍යයයි. එහෙත් ඒ ස්කන්ධ පංචකය සීලයේ පිහිටා පවත්වාගෙන, ඒ ස්කන්ධ පංචකය මුල්කොටගෙන කෙලෙස්වල සකස්වීමක් ඇති කර නොගැනීමට ශ්‍රාවකයා විසින් සිත මෙහෙයවා ගත යුතු වෙනවා.

නිදසුනක් ලෙස දැක්වුවොත් රූපය යථා ස්වභාවය දකිනවා. පඨවි ආදී හේතූන්ගෙන් සකස් වූ රූපයක් ය. ඒ හේතූන්ගේ විසිර යෑමෙන් මේ රූපය නැතිව යන්නේ ය. අතිත සංඥා හා වර්තමාන හේතු මුල්කොටගෙන තමන් ඇති කර ගන්නා වූ නියමයන් අනුව ඒ රූපය ප්‍රසන්න හෝ අප්‍රසන්න යනුවෙන් සිතිවිලි පහළ විය හැකියි.

එහෙත් ප්‍රසන්න බව තද ඇලීමකට හෙවත් අභිජ්ජාවකට හෝ රාගයකට හෝ කාමයකට අවස්ථාවක් නොවෙන්නත්, අකමැති අරමුණෙහි තරහවෙන්, ව්‍යාපාදයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් නොගැටෙන්නටත්. හේතුඵල දහමෙන් ලබන්නා වූ අවබෝධය ඇති කරගත යුතුයි. එනම් මේ හේතු නිසා මේ ඵලය හටගන්නවා. මේ හේතූන්ගේ ම

විසිර යෑමෙන් ඵලය නැතිව යන්නේ ය යන හේතුඵල දහමයි.

නෙක්ඛම්මයේ ආනිසංසයෝ නික්මීම පුරුදු කරගත යුතුයි. මෙය දෙපයෙන් නැගී සිට ගමන් කරන නික්මීමක් ගැන නම් නොවේ. ඇසෙන් රූප දැක නොඇලීම, නොගැටීම, නොමුලාව මින් අදහස්

කරනවා. ලෝකය දකින්න, එනමුත් නොඇලෙන්න. නොගැටෙන්න. නොබැෙඳන්න. හේතුව නම් ඔබ ඇලුණත්, ගැටුණත් ඒ සංස්කාරය හෙවත්, ඒ ආරම්මන හටගත්තා සේ ම විසිරී නැතිව යන විට ඔබට ඇතිවෙන්නේ ශෝකයක් . දුකක් . වේදනාවක් .