වඳිමි පුදනෙමි මහා කරඬුව
පායලා සඳ මහ මලුව මැද කිරණ සඳ දෝ දිය ගලාලා
මාලිගා බිම දොව දොවා නිති සුදුම සුදු පාවඩ එළාලා
නෙළුම් සුදු රතු ඕලු නිල් මානෙල් සමන්මල් විසුරු වාලා
සාදු හඬ දී වඳිති සිරි දළදා සමිඳු දණ බිම ගසාලා
සුළං රැල්ලේ සුවඳ ගල්වා සුදු සඳුන් සුවඳින් පිරීලා
පහන් අග තිර දැල්වෙමින් සිල නටයි තක්කිට තරි කියාලා
වලාකුළු බැම්මේ වැදෙන වැව් රැල්ල දිය සිල් රෙදි පොරෝලා
බවුන් වඩනා උවැසියන් සේ සෙමින් ගමනක නිරත වීලා
සුවඳ පැන් කිරි ආහාර පලතුරු ගිලන්පස ගෙන සාධු කියලා
සැදැහැවත් දන ඇදෙයි සිරි දළදා වැඩ සිටින මාලිගය බලා
සුවාසූ මහ දහම් කඳ ගැලු බුදු හිමිගේ මුවකමල සරලා
දොහොත් මුදුනත තබා නමදියි උතුම් සිරි දළදාව වැඳල
රාජ රාජාධි මැති ඇමතිවරු දනන් තුඩ තුඩ චිරත් කාලෙක
හෙළ දනන් හා බැඳුණු බුදු දම යාවි මහ හැදියාව මේ ලක
ලොවක් පුදදෙන මහ සංස්කෘත සැබියාව වී දිලී ලෝකෙට
ලකෙන් ලෝකෙට පිදිය හැකි වටිනාම දෙය විය දහම් පානෙමි
සරණ විය මේ ලකට සහ ජනයාට බුදුහිමි මෙන් ජීවමාන ව
මහ වනස්පති සේ කුඩා ගස් වැල් ද පිබිදුනි පිපී මල් නව
ලැබු නිදහස සියොත් වනසෙත සොය සොයා ඒ දම් අමා සුව
අපේ හිස මත සිතින් තබමින් වඳිමි පුදනෙමි මහා කරඬුව
එල්.එච්. හරිස්චන්ද්ර
මහනුවර |