Print this Article


සෙන් කතා: එකමුතුකම

සෙන් කතා

එකමුතුකම

‍ප්‍රසිද්ධ ගුරුවරයකුගේ භාරකාරත්වය යටතේ යුද ශිල්පය හදාරන ශිෂ්‍යයකු විය. එක් දිනෙක ගෙමිදුලෙහි පුහුණුව ලබන තම සිසුන් දෙස ගුරුවරයා බලා සිටියේ ය.

එහි දී අනෙක් සිසුන් ඉදිරියෙහි, එක් සිසුවකු තමාගේ ඉතාමත් නිවැරදි ශිල්පීය ක‍‍්‍රම පෙන්වීමට උත්සාහ කරමින් සිටිනු නිරීක්‍ෂණය කළේ ය. එහි දී තරුණයාගේ ඉච්ඡාභංගත්වය ගුරුවරයාට අවබෝධ කරගත හැකිවිය. ගුරුවරයා ඔහු ළඟට ගොස් ඔහුගේ උරහිසට තට්ටුකර ‘මොකක් ද ප‍‍්‍රශ්නය‘ යනුවෙන් විමසී ය.

‘මම දන්නේ නැහැ‘ යනුවෙන් ශිෂ්‍යයා පිළිතුරු දුන්නේය. මම මොනතරම් උත්සාහ කළාද? මට බැරිවුණා සම්පූර්ණයෙන්ම හරිහැටි අත එහා මෙහා කරන්න මේ ශිල්පය ගැන නිපුණත්වය ලබන්න.

“එවිට ගුරුවරයා මෙසේ කීවේ ය.” පළමුව ඔබ අවබෝධ කර ගත යුතුයි මොකක් ද එකමුතුකම කියල, එන්න මාත් එක්ක. මම ඔබට එය පැහැදිලි කරන්නම්.‘‘

ගුරුවරයා සහ ශිෂ්‍යයා එතනින් පිටත් ව ටික දුරක් ඇවිද ගොස් කැලෑවකට ඇතුළු විය. තව දුරටත් වනය තුළට ගමන් කරන විට කඳු අතරින් ගමන් කර, ගලින් ගලට පහළට ඇද හැලෙන දිය පාරක් හමුවිය. එහි ඉවුරෙහි ගුරුවරයා නතර වී ටික වේලාවක් නිශ්ශබ්ද ව සිටියේය. පසුව ශිෂ්‍යයා දෙසට හැරී බලන්න අර දිය පාර දෙස‘ යනුවෙන් පැවසී ය.

මේ ‘දියපාර ගලන මග කළුගල් කුළු තියෙනවා. දිය පාර ඒවාට පහර දෙනවාද ඉච්ඡාභංගත්වයෙන්?

‘‘නැහැ, දියපාර නිතැතින්. ඒවා උඩින් සහ වටෙන් ඉදිරියට ගලා යනවා‍. ඔබ දිය පාර වගේ වෙන්න, එවිට ඔබ එකමුතුකම කුමක්දැයි දැනගනීවි” යැයි ගුරුවරයා කී ය.

තරුණ ශිෂ්‍යයා ගුරුවරයා දුන් උපදෙස හදවතට ගත්තේය.

ඉක්මනින් ම ඔහු ඔහු වටා සිටින අනෙක් සිසුන් අමාරුවෙන් හඳුනා ගත්තේ ය. සම්පූර්ණයෙන් ම නිවැරදිව කිසිවක් කිසිවකුට කළ නොහැකි ය. එහෙත් එන බාධකවලින් ඉච්ඡාභංගත්වයට නොගොස් ඒවා මැඬගෙන හෝ ඒවා මඟ හැර තම ගමන යා යුතු ය.