Print this Article


ළමා මනසට ජවය

ළමා මනසට ජවය

කර්තෘ - පි‍්‍රයන්ත නවරත්න
ප්‍රකාශකයෝ - චන්දන පි‍්‍රන්ටර්ස් - ගම්පහ

ජීවිතයේ සොඳුරුතම කාලය කුමක්දැයි යමෙක් විමසුවොත් ඕනෑම වයස් මට්ටමක සිටින අයෙක් ලබාදෙන පිළිතුර ළමා වයස යන්න යි. එම සොඳුරු වයස ගතකරන දරුවන්ට වර්තමානයේ මුහුණ දෙන්නට ඇති අභියෝග හඳුනාගෙන කතුවරයා මෙම ග්‍රන්ථය මැනවින් සම්පාදනය කොට ඇත. දරුවා හා පරිසරය, සාර්ථක අධ්‍යාපනයකට අත්‍යවශ්‍ය අවධානය, මතක හා ආවර්ජන ශක්තිය දියුණුකර ගන්නේ කෙසේ ද ආදී මාතෘකා අටක් ඔස්සේ මෙම කෘතිය ඔබ අතට පත් වේ.