රුහුණු පුරවරයේ
ඓතිහාසික පින්බිම
තම්මැන්නාගල රාජමහා විහාරය
කඳු මුදුනේ ඉපැරණි දාගැබක් තිබූ බවට සාධක ඇත. දැනට හමු වී ඇති පැරණි ගඩොළු
අනුරාධපුර යුගයට අයත් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතයයි. මෙම පර්වතය ආසන්නයේ ම
කටාරම් කෙටූ ගල් ගුහාවක් දක්නට ඇති අතර, අතීතයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා මෙම
ස්ථානයේ
වැඩ විසූ බවට විශ්වාසයක් පවතී.
අනුරාධපුර මධ්‍ය යුගයට අයත් යැයි සැලකෙන ඉපැරැණි පුරාවිද්‍යාත්මක භූමියක් හම්බන්තොට
දිස්ත්‍රික්කයේ පහළ ඉඳිවැව ගමෙහි පිහිටා ඇත.
තම්මැන්නාගල රජමහා විහාරය නමින් හැඳින්වෙන මෙම විහාරය සූරියවැව නගරයේ සිට මීගහජඳුරට
පැමිණ එතැන සිට හම්බන්තොට මාර්ගයේ කිලෝමීටර් 03ක් පමණ දුරක් ගිය විට හමුවෙයි. එහි
පර්වතය මතට නැගුණවිට අවට හාත්පස පරිසරය අතිශය සුන්දර දසුනක් මවාපායි.දකුණු දෙසින්
මාගම්පුර වරාය දක්නට හැකි ය. තවත් ඉසව්වකට ඇස ගැටෙනුයේ මත්තල ජාත්‍යන්තර ගුවන්
තොටුපළ ය.හාත්පස විහිද ගිය කුඹුරු යාය එදා මෙදා තුර තම්මැන්නාගල ඇත්තන්ගේ සාරවත්
අස්වැන්නේ ශේෂයන් ය.නිතර දෙවේලේ හමුවන වන අලින්ගේ රජ දහනක් ව ඇති මහා වනාන්තරය මේ
ඓතිහාසික උරුමය නිහඬව සඟවා ගෙන සිටිනවා යැයි හැඟෙන්නේ ය.
තම්මැන්නාගල අවට දක්නට ඇති වැව් ද එකල වාරි කර්මාන්තයේ දියුණුව හෙළිකරන්නේ ය.
ගොඩපිටියේ ඉන්දානන්ද හිමියෝ මෙම ඓතිහාසික පින්බිමේ අධිපති ධූරය හොබවති.
හුදකලා ගල් පර්වතයක් විහාරයේ දකුණු දෙසින් දිස්වෙයි. මෙම පර්වතය තම්මැන්නාගල ලෙස
හඳුන්වයි. එම කඳු මුදුනේ ඉපැරණි දාගැබක් තිබූ බවට සාධක ඇත. දැනට හමු වී ඇති පැරණි
ගඩොළු අනුරාධපුර යුගයට අයත් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතයයි. මෙම පර්වතය ආසන්නයේ
ම කටාරම් කෙටූ ගල් ගුහාවක් දක්නට ඇති අතර, අතීතයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා මෙම
ස්ථානයේ වැඩ විසූ බවට විශ්වාසයක් පවතී. මීට අමතරව ජලය ලබා ගැනීම සඳහා සකස් කළ ගල්
පොකුණක් දක්නට ඇති අතර, තවත් පුරාවස්තු රැසක් මෙම විහාර භූමියේ දක්නට ඇත.
වන අලි තර්ජන හේතුවෙන් මෙම භූමිය පුරා විසිරී ඇති නටඹුන් රැසක් කිසිවකුගේ අවධානය
යොමු නොවී වනයට යටවී ඇත. අක්කර 25 ක පමණ වපසරියකින් යුතු මෙම ඓතිහාසික පුද බිමේ
යටගිය ඉතිහාසය සොයා බැලීම සඳහා විහාරාධිපති ඉන්දානන්ද හිමියන් විසින් පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවට ලිඛිත ව ඉල්ලීමක් ද කර ඇත. පුරාවිද්‍යා කැණීම්වලින් පසු
තම්මැන්නාගල රජමහා විහාරයේ ඉතිහාසයේ සැඟවී ගිය බොහෝ තොරතුරු දැක බලා ගැනීමට හැකි
වනු ඇත.
දැනට මෙම විහාරස්ථානයේ සංඝාවාසයක්, ඝන්ඨාර කුළුණක්, බෝධීන් වහන්සේ නමක්, දහම් පාසල්
ගොඩනැගිල්ලක්, භාවනා කුටියක් ඉදිකර ඇති අතර, භික්ෂූන් වහන්සේලා සඳහා කාමර 6 න්
සමන්විත භික්ෂු නේවාසිකාගාරයක් ද ඉදිකරමින් පවතී. ඈත අතීතයේ භාවනායෝගී භික්ෂූන්
වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියක් ලෙස පැවති නිසා ඉදිරි කාලයේ දී භාවනා
මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, පුස්තකාලයක්, ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය
පුහුණු මධ්‍යස්ථානයක්, විහාර මන්දිරයක්, චෛත්‍යයක් ඉදිකිරීමට ද ඉන්දානන්ද හිමියන්
සැලසුම් කර ඇත.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද විහාරස්ථානයට සම්බන්ධ දායක පින්වතුන් තම ශක්ති
ප්‍රමාණයෙන් මෙම පුණ්‍ය භූමියේ යහපත වෙනුවෙන් දායකත්වය ලබා දෙන බව විහාරාධිපති
හිමියෝ ඉතා කෘතවේදී ව සිහිපත් කරති.
එසේම ඉන්දානන්ද හිමියෝ කොළඹ මාළිගාවත්ත පිහිටි බෝ සෙවණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන
අහිංසක වකුගඩු රෝගීන් වෙනුවෙන් සමාජ සත්කාර රැසක් පවත්වාගෙන යති.
මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දුර බැහැර
රෝගීන්ට මෙන්ම භික්ෂූන් වහන්සේලාට බෝ සෙවණ විහාරස්ථානයේ නොමිලයේ නේවාසික පහසුකම්
ලබාදීමට ද කටයුතු යොදා ඇත.
දැනට තම්මැන්නාගල රජමහා විහාරයේ වැඩ වෙසෙන පන්නල උත්තරානන්ද හිමියෝ ද ප්‍රදේශයේ
ආගමික හා ශාසනික සේවාවන්වලට සිය දායකත්වය සපයමින් ඉන්දානන්ද හිමියන් කරගෙන යනු ලබන
ආගමික මෙහෙවරට විශාල ශක්තියක් ලබා දෙති.
රත්නසිරි පතිරණ
|