සැප ලබා දෙන
ජීවන ප්‍රතිපදාව
පොල්ගහවෙල මහමෙව්නා
භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
මේ අනන්ත සසර ගමනේ දී අප නොයෙක් වර මිනිස් ලෝකයේ උපදින්න ඇති. ඒ වගේම කොතෙකුත්
අවස්ථාවල ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරයේ ඉපදී අප්‍රමාණ දුක් විඳීන්නත් ඇති.
මිනිස් ලොව උපතක් කරා පැමිණියත් ධර්මාවබෝධ නො කළොත්, ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග,
ප්‍රඥා කියන සේඛ බල දියුණු කර නො ගත්තොත් අපි යළිත් සතර අපායේ වැටෙන ස්වභාවයෙන්
යුක්ත බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ජීවිතාවබෝධය නො කළොත් , චතුරාර්ය
සත්‍යය අවබෝධ කරගන්න බැරි වුණොත් අපට හැම තිස්සේ ම අනතුරක් තියෙනවා. ඒ සතර අපා දුකට
වැටෙන්නට සිදුවීම යි.
භයානක අනතුර
බුදුරජාණන් වහන්සේ ජිග්ගල කියා සූත්‍රයක දේශනා කොට වදාළා. කෙනෙක් නිරයේ හෝ තිරිසන්
අපායේ හෝ වැටුණොත් එතැනින් මිදී මිනිස් ජීවිතයක් ලබනවාට වඩා කණ කැස්බෑවා විය
සිදුරෙන් අහස බලන එක ලේසියි කියා. එහෙමනම් මේ මිනිස් ලෝකයේ උපදින මිනිසුන්ට ඒ වගේම
දෙවියන්ට තියෙන අනතුර නම් නැවත නැවතත් සතර අපායට වැටෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාවයි.
එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ එක ඉලක්කයක් වන්නේ සත්ත්වයා සතර අපා
දුකින් නිදහස් කිරීම යි. භාග්‍යවතුන් වහන්සේම එම කාරණය මෙසේ වදාළා,
“ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කරයි. වැස්ස වහිනවිට කුඩයක් යට සිටින කෙනා නො
තෙමෙන්නාක් මෙනි. මනාකොට ධර්මය පුරුදු කිරීමෙහි ආනිශංසය මෙය යි. ධර්මයෙහි
හැසිරෙන්නා දුගතියට නොය යි.”
ඉලක්කය හඳුනාගන්න
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කිරීමේ එක ඉලක්කයක් සත්ත්වයා සතර අපා
දුකින් නිදහස් කර දීම. ඒ වගේම මේ ලෝකයේ දෙවිවරු, මිනිස්සු ඇතුළු සියලු සත්ත්වයෝ
සැපයට කැමති යි. සැප කැමති නමුත් සැපය තෝරා බේරා ගන්න දක්ෂ නෑ. සැප ලැබෙන නිවැරදි
ප්‍රතිපදාව දන්නෙත් නෑ. එම නිසා සැපය ගැන පරිපූර්ණ විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළා.
සුගතියේ ඉපදීම සත්ත්වයාට සැප ලබන්න තියෙන අවස්ථාවක්, එසේනම් සතර අපා දුකින්
මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ කෘත්‍යය යි. ඊළඟ කාරණය තමයි සුගති සැපය
කරා පමුණුවාලීම. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ දේශනා තුළ සුගති සැපය ලබන අයුරු සිය
දහස්වර පෙන්වා දී තිබෙනවා.
යේ කේචි බුද්ධං සරණං ගතාසේ
නතේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්ති
“යම් කෙනෙක් මනාකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන සරණ ගියේ ද, ඔහු අපායේ
උපදින්නේ නෑ. මිනිස් කය අත්හරිනවිට දෙවියන් අතර උපදිනවා.”
අප හසුරුවන බලවේගය
ඒ වගේම බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් හොඳීන් ම අවබෝධ කරගෙන සිටියා, අපගේ ජීවිත
පැවැත්ම තුළ අපව යම්කිසි දෙයකින් හසුරුවනවා කියා. ඒ දේ තමයි අප විසින් චේතනාත්මකව
සිතින්, කයින්, වචනයෙන් කරන කි‍්‍රයාවන් තුළින් රැස්වෙන කර්මය. සසරගත සත්ත්වයාගේ
කර්ම රැස්වීම හෝ විපාක විඳීමේ කෙළවරක් සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ
අප සසරේ කෙළවරක් නැතුව දුක් විඳීමින් යන මේ භයානක ගමන කෙටි කරවන්න යි. ඒක
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල තවත් ඉලක්කයක්. හතරවෙනි ඉලක්කය තමයි සසර දුක අවසන්
කරලීම හෙවත් නිවන අවබෝධ කරවීම. මේ ඉලක්ක හතරට තමයි සෑම බුද්ධ දේශනාවක් ම යොමුවෙලා
තිබෙන්නේ. නමුත් එය තේරුම් ගැනීමට දක්ෂ වෙන්නේ බුදධිමත් කෙනෙක් විතරයි. එමනිසා
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මනාව සිත පහදවා ගැනීම හරිම වැදගත්.
සැප සැලසෙන හැටි
බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කළා “පින් රැස් කරගන්න. පිනට ආශා කරන්න. පිනෙන් තමයි
සැපය සැලසෙන්නේ.”
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා “දෙව්ලොව වේවා , මිනිස් ලොව වේවා යම්කිසි කෙනෙක්
සැපයක් විඳීනවා නම්, ඒ සැපයට පසුබිම පින යි” කියා. හැබැයි උන්වහන්සේ එතැනින්
නැවැත්තුවේ නෑ. උන් වහන්සේ වදාළා පින විතරක් නොවෙයි අපට තව එකක් අවශ්‍ය යයි කියා. ඒ
තමයි “අවබෝධය” පිනෙන් කරන්නේ අපට සැප ලබා දී ආරක්ෂා කිරීම. අවබෝධයෙන් කරන්නේ සතර
අපා අනතුරින් මුදවා සුරක්ෂා කොට අමා නිවනට පමුණුවාලීම. කෙනෙකුට මේ ජීව්තයේ දී මේ
දෙකම උපදවා ගන්න ලැබුණොත් ඒ කෙනා මහා පින්වන්ත බුද්ධිමත් මිනිසෙක්ම යි.
දිගාසිරි ලබන ප්‍රතිපදාව
බුදුරජාණන් වහන්සේ “දානමය පුණ්‍ය කි‍්‍රයා , සීලමය පුණ්‍ය කි‍්‍රයා , භවනාමය පුණ්‍ය
කි‍්‍රයා” වශයෙන් පුණ්‍යම කි‍්‍රයා තුනක් පෙන්වා දුන්නා. මනුෂ්‍යය ජීවිතයේ දී
පුළුවන් තරම් පින් රැස් කර ගන්න කිව්වා. යම්කිසි කෙනෙකුට නීරෝගී ජීවිතයක් ලැබී
දීර්ඝායුෂ වින්දනය කරන්න ලැබුණොත් ඒ තළ යම් සැපයක් සොම්නසක් තිබෙනවා. බුදුරජාණන්
වහන්සේ වදාළා “සතුන් මැරීමෙන් වැළකී සිටින්න. සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න.”එවිට
නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබෙනවා කියා. බුදුරජාණන් වහන්සේ තරම් මනුෂ්‍ය වර්ගයා, පණ
තියෙන සත්ත්වයා සුවපත් කරන්න කැප වූ ශාස්තෘන් වහන්සේ නමක් තවත් නැහැ. උන්වහන්සේ
පෙන්වා දුන්නේ සතා සිව්පාවාට ආදරය කරමින් ප්‍රාණඝාතයෙන් වළකින කෙනා දීර්ඝායුෂ ලබන
බව යි.
ලැබූ දේ වැනසී නො යන්න නම්
අපි දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්න දේ අහිමි වෙන්න හේතු ගොඩක් තියෙනවා. හොරු
ගන්නවා, ගින්නට අසු වෙනවා, ජලයට ගසාගෙන යනවා, තමන් අකමැති ඥාතීන් ගන්නවා. එසේ
නැත්නම් රාජ සන්තක වෙනවා. තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් දේ විනාශ කරන්න දරුවෝ
උපදිනවා. එහෙම නැත්නම් ඒවා අනිත්‍ය වීම නිසා විනාශ වෙලා යනවා. මේ විදිහට අප හරිහම්බ
කරන දේවල් අහිමිනොවී තිබීම අපට සැප පිණිස හේතු වෙනවා. ඒ සඳහා උපකාරිවන්නේ අපිට
අයිති නැති, අපට නො දුන්න දේ සොරකම් නො කිරීමේ පින යි. සොරකම් නොකිරීම තුළ උපනූපන්
ආත්මවල තමන් හම්බ කරන දේ කාටවත් සොරකම් කරන්න බෑ. සොරකම් කිරීමෙන් වැළකීම සසර
ජීවිතයට හොඳ ආරක්ෂාවක් කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ අපේ ජීවිතයට සැපය උදාකර දීමටම
යි.
ඒ වගේම අප දන් දෙන්න, අනුන්ට උදව් උපකාර කරන්න පුරුදු වෙන්න ඕනෑ. තමන් සසරේ ප්‍රණීත
ආහාරපාන ලබන්න කැමති නම් ප්‍රණීත ආහාරපාන දෙන්න ඕනෑ. තමන් ලස්සන ඇඳුම් අඳීන්න කැමති
නම් ලස්සන ඇඳුම් දෙන්න ඕනෑ. සැප ලබන්න නම් දන් දෙන්න ඕනෑ. එහෙමනම් සොරකම් කරන්නේ
නෑ. දන් දෙනවා. අන්අයට උදව් උපකාර කරනවා. පොදු දේපළ ආරක්ෂා කරනවා. කාගේ හෝ දෙයක්
බිම වැටී තියෙනවානම්, ඒක අයිතිකාරු සොයා ගිහින් දෙනවා. මේ කරුණු අපේ ජීවිතවලට විශාල
යහපතක් උදාකරනවා.
සීලය බලවත් පිනක්
ස්වාමියා බිරිඳට ආදරය කරන, බිරිඳ ස්වාමියාට ආදරය කරන සමගි සම්පන්න යහපත් විවාහ
දිවියක් ලැබෙන්න නම් වැරැදි කාමසේවනයෙන් වැළකී සිටින්න ඕනෑ. සීලය කියන්නේ බලවත්
පිනක්. එයින් ජීවිතයට සැපය ළඟා කරවනවාම යි. විවාහ ජීවිතයට උවමනා කරන මූලික ම දෙයක්
තමයි එකිනෙකා කෙරෙහි අවංක ආදරය සහ විශ්වාසය. පවුලක අම්මා තාත්තාට ආදරය කිරීමත්,
තාත්තා අම්මාට ආදරය කිරීමත් දරුවන්ට සැපය ලබන්න සැනසිලිදායක ජීවිත ගෙවන්න උපකාරී
වෙනවා. ඒ සියල්ල ලැබෙන්නේ වැරැදි කාම සේවනයෙන් වැළකීම තුළයි.
මිහිරි කටහඬක් ලබන්නට නම්
මිහිරි කටහඬක් ලබන්න කවුරුත් කැමති යි. තමන්ගේ වචනයට අන්අය ඇහුම්කම් දීමත්, එකඟ
වීමත් පිනක විපාකයක්. ඒ සියල්ල ලැබෙන්නේ වචී සංවරයේ විපාකයක් හැටියට යි. එනම් බොරු
කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන හිස් වචන කීමෙන් වැළකීම තුළයි. යහපත් දෙයක් අර්ථවත්
දෙයක් සත්‍යවාදී දෙයක් කතා කරන්න පුරුදු වෙන්න ඕනෑ. ඒ වගේම සමගිය ඇතිකරවන වචන කතා
කරන්න ඕනෑ. ඒ තුළින් අපේ ජීවිතවලට විශාල පිනක් රැස්වෙනවා. ඒ තුළින් සසරේ යහපත සැපත
උදාවෙනවා.
බුද්ධිමතෙක් වීමට
ඒ වගේම බුද්ධිමත්, වහා වැටහෙන නුවණැති කෙනෙක් වෙන්න නම් මත්වතුර මත්ද්‍රව්‍ය
භාවිතයෙන් වළකින්න ම ඕනෑ. එමනිසා මත්වතුර මත්ද්‍රව්‍ය තමන් භාවිත කරන්නත් එපා
කාටවත් දෙන්නත් එපා. මඟුල් ගෙයකට, මළ ගෙයකට ගන්නත් එපා. එය මේ ජීවිතයටත් , මතු
ජීවිතයටත් හිතසුව පිණිස පවතින, යහපත උදාකරන සැපය ලබාදෙන ප්‍රතිපදාවක්.
එමනිසා අපි කවුරුත් භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන්, විස්මිත ප්‍රඥාවෙන් දේශනා
කොට වදාළ මෙලොව-පරලොව සැප උදාකරදෙන පින් රැස්කරගනිමු. |