සද්ධර්මරත්නාවලියෙන්:
ධර්මාවබෝධය
ප්‍රඥාවේ තරමට ය
සාම ශ්‍රී ශාසනජෝති සද්ධර්මවාගීස්වර,
සද්ධර්ම කිර්තී ශ්‍රී
මහව
කල්‍යාණ ඤාණ හිමි
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය මේ ලෝකයේ ඇති සියලුම ඉගැන්වීම්
වලින් අතිශය සුවිශේෂී ධර්මයකි.එයට හේතුව නම් මේ දහමේ හැසිරෙන, පිළිපදින ඕනෑම
කෙනෙකුට මෙහි ඇති සත්‍ය ස්වාභාවය, ලෝක ස්වාභාවය නිවැරදි ව අවබෝධ කරගැනීමට හැකියාව
තිබීමය.
දහම තුළ ඇත්තේ ප්‍රතිපත්ති ගරුක බවයි. නොඑසේනම් ධර්මයේ හැසිරීම ප්‍රගුණ කොට
ප්‍රතිඵල ලබා ගැනීමයි. එසේනම් මෙය වෙනකෙකු නොව තමා විසින්ම ප්‍රගුණ කළ යුතු දහමකි.
එම නිසාම මේ ශ්‍රී සද්ධර්මය “පච්චත්තං වේදි තබ්බෝ විඥ්ඥූහීති” නම් වන සේක. එනම් තම
තමන්ගේ ප්‍රඥාවේ තරමට තම තමන් විසින් අවබෝධ කරගත හැකි යන්නයි.
අද මා ඔබට කියා දෙන්නේ ද එවැනි ම ආකාරයෙන් දහම තුළ අප්‍රමාදී වී නිවන පසක් කරගත්
තෙරුන් වහන්සේ නමක් පිළිබඳ ඉතා වැදගත් කතා පුවතකි. බුදුරජාණන් වහන්සේ වැඩසිටි
සමයෙහි සේතව්‍යා නුවර සහෝදරයින් තිදෙනෙක් වාසය කළහ. වැඩිමහල් සහෝදරයා මහාකාළ ලෙසත්,
දෙවැන්නා මජ්ක්‍ධිමකාළ ලෙසත් බාලයා චූලකාළ ලෙසත් නම් තැබිණි. මොවුන් තිදෙනා ඉතා
සමඟියෙන් වාසය කළහ. මොවුුන් ජීවනෝපාය වශයෙන් මහා පරිමාණයෙන් වෙළඳාම් කළහ. දෙවැනි
සහෝදරයාව සේතව්‍යා නුවර නවත්වා මහාකාළ කුමරු චූලකාළ කුමරු ද සමඟ වෙළඳාම පිණිස
සැවැත් නුවරට ගියහ.
එකල සැවැත් නුවර කෝටි අටකට ආසන්න ජනකායක් වාසය කළහ. එයින් කෝටි පහක පමණ විශාල
පිරිසක් මාර්ගඵල ලාභීන් වේ.චූලකාළ සහ මහාකාළ සහෝදරයින් වෙළඳාම ආරම්භ කළේ සැවැත්නුවර
ය.
ඔවුන් වෙළෙඳාම් කරන අතරතුර සවස් කාලයේදී බොහෝ මිනිසුන් සුදු පිරුවට ඇඳ දෙව්රම
දිශාවට යනු දුටු මහාකාළ කුමාරයාණෝ ඔවුන්ගෙන් විස්තර විමසුවේ ය.එම අවස්ථාවේ ඔවුන්
කියා සිටියේ තමන් සියලුම දෙනා බුදුරජාණන් වහන්සේ හමුවට යන බවයි. මෙය අසා සිටි
මහාකාළ කුමාරයාටත් බුදුරදුන් බැහැදැකීමට ඇති වූයේ විශාල ආශාවකි. එම නිසාම මලනුවන්ට
වෙළඳාම භාර දී මහාකාළ ද දෙව්රම කරා පිටත් විය. ආගන්තුකයෙක් වශයෙන් පැමිණි නිසාම
පිරිස කෙළවරින් අසුන් ගත්තේය. පෙර කළ පින් ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ
සියල්ලම මහාකාළ කුමරුන්ට හොඳීන් වැටහී ගියා.ලෙඩ වී අසරණ වී සිටින අයෙක් දක්ෂ
වෙදැදුරාණන් කෙනෙක් හමුවී නිසි පිළියම් විචාරා වෙදැදුරාණන් පවසන ආකාරයට අපත්‍ය දේ
හැරපියා පත්‍ය දේ පමණක් කොට අසනීපය සනීප කරගන්නේ යම් ආකාරයෙන් ද මහාකාළ කුමරුන් මේ
ගිහිගෙයි ඇති ආදීනව දැන එයට නිසි පිළියම වූ බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදි කරවන
ලෙස ඉල්ලා සිට ඒ සඳහා පවුලේ අයකුගෙන් අවසර ගත යුතු හෙයින් මලණුවන් ළඟට ගොස් සියලු
දේපළ වස්තුව ඔහුට පැවරුවේ ය. බාල සහෝදරයා කොපමණ කරුණු කීව ද මහාකාළ කුමරු තම තීරණය
වෙනස් නොකරන හෙයින් ඔහුද පැවිදි වීමට තීරණය කළේ ය. ඒ අන් කිසිවකට නොව කාලයක් යන විට
තම සහෝදරයාගේ තීරණය වෙනස් කිරීමේ අදිටනින්ය.
මෙසේ කාලය ගත විය.මහාකාළ තෙරණුවන් අප්‍රමාදී ව උත්සහා කොට අසුභ භාවනාව මුල් කර
ගනිමින් භාවනා කොට සොහොනෙහි වාසය කරමින් ධුතාංග සමාදන් ව දහමෙහි හැසිර නොබෝ
කලෙකින්ම උතුම් අරහත්වයට පත් වී වදාළ සේක.නමුත් චූලකාළ තුළ වූයේ වෙනස්ම අදහසකි. ඔහු
මහණ වූයේ සසර දුකින් නිදහස් වීමට නොව තම සහෝදරයාව රැගෙන යාමට ය. නමුත් ඒ කරුණ ද මේ
වන තෙක් සඵල නොවීය. මෙසේ කාලය ගත වන විට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය
සේතව්‍ය නුවරට ද වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ සමඟම චූලකාළ මහාකාළ තෙරුන්
වහන්සේලා ද වැඩම කළ සේක. මේ පුවත මහාකාළ තෙරුන් වහන්සේගේ පවුල් වලට සැලවිය විය.ඒත්
සමඟම චූලකාළ මහාකාළ තෙරුන් වහන්සේලාගේ පුරාණ බිරින්දෑවරු තම ස්වාමියා ගිහි ගෙදර
රඳවා තබා ගැනීම සඳහා සැලසුම් කළහ.බුද්ධ ප්‍රමුඛ මහා සඝයාට දනට ඇරයුම් කළහ. දානයකට
නිවසට ඇරයුම් කළ විට එකල භික්ෂූන් වහන්සේ නමක් කලින්ම එම නිවසට වැඩම කොට ආසන පනවන
ආකාරය නිවැසියන්ට කියා දෙනු ලබයි.මෙහිදී ද චූලකාළ තෙරුන් වහන්සේගේ නිවසට භික්ෂූන්,
වෙන කෙනෙකුන් නොයවා චූලකාළ තෙරුන් වහන්සේම පිටත් කළේය. චූලකාළ තෙරුන් වැඩම කොට සුළු
මොහොතකින් චූලකාළ තෙරුන්ගේ ගිහිකල බිරින්දෑවරුන් සතර දෙනාම පැමිණ සිවුර වෙනුවට
ගිහිඇඳුම් අන්දවා ගිහි බවට පත් කළේය. චූලකාළ ද පැවිද්දේ කැමැත්තෙන් නොසිටි නිසාම
කැමැත්තෙන් ම ගිහි බවට පත්විය. බිරින්දෑවරුන්ගේ උත්සහය සාර්ථක විය.
මෙලෙස සතියක් පමණ කාලය ගත වුණු තැන මහාකාළ තෙරුන්ගේ පවුලේ උදවියද දානයකට සූදානම්
විය. එහිදී චූලකාළ තෙරුන්ට සිදු වූ දෙය මුල්කරගනිමින් භික්ෂූන් වහන්සේලා මහාකාළ
තෙරුන් වහන්සේ ආසන පැනවීම පිණිස නොයවා වෙනත් භික්ෂුවක් පිටත් කළේය. පළමු උත්සහාය
සාර්ථක නොවූතැන මහාකාළ තෙරුන්ගේ පවුලේ උදවිය දෙවැනි සැලසුමක් ක්‍රියාත්මක කළේ ය.
එනම් දන් වළඳා අවසානයේ භූක්තානුමෝදනා ධර්ම දේශනාව මහාකාළ තෙරුන් වහන්සේ ලවා සිදු කර
ගැනීමයි.ඔවුන් සැලසුම් කළේ ධර්මදේශනයට මහාකාළ තෙරුන් වහන්සේව හුදකලා කොට ගිහිබවට
පත් කර ගැනීමයි. ධර්මදේශනාව සඳහා මහාකාළ තෙරුන් වහන්සේ නවතා යන මෙන් කළ ඉල්ලීමට
බුදුරජාණන් වහන්සේ අවසර දුන්හ. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මෙය මහාකාළ තෙරුන්
වහන්සේගේ ජීවිතයට අනතුරක් නොවේද? “ භික්ෂූන් වහන්සේලා බුදුරදුන්ගෙන් විමසා
සිටියහ.මහණෙනි මහාකාළයන් ඔවුනට කිසි දිනක ගිහි ගෙදර රඳවා ගැනීමට නොහැකි ය. යනුවෙන්
බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වහන්සේ ආරාමය
කරා වැඩම කළහ. මහාකාළ තෙරුන් වහන්සේ ධර්ම දේශනය සඳහා නැවතුනි. එම අවස්ථාවේ දී
සැලසුම් කළ පරිදි මහාකාළ තෙරුන් වහන්සේගේ ගිහිකල බිරින්දෑවරුන් පැමිණ තෙරුන් වහන්සේ
ගිහි ජීවිතයට ඇතුළු කරගැනීම සඳහා අසාර්ථක උත්සහයක යෙදුනහ. මහාකාළ රහතුන් වහන්සේ ද
බිරින්දෑවරුන්ගේ කිසිම රංගනයකට හසු නොවූහ.අරහත්වයට පත් වීමෙන් පසුව කිසිම දිනෙක
රහතන් වහන්සේ පංච කාමය ඇතුළු කිසිම දෙයකට නොඇලෙන්නේ නෙළුම් කොළයේ දිය නොරැදෙන
පරිද්දෙනි.මහාකාළ මහරහතන් වහන්සේ ද අරහත්වයට පත් වීමත් සමඟම ලැබු ඍද්ධි බලය මුල්
කරගනිමින් නිවසේ කැණිමඩලෙන් අහසට පැන නැඟී බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වන්දනා කළහ.
මහාකාළ තෙරුන් වහන්සේ ගැන සැක කළ උන්වහන්සේගේ අරහත්වය ගැන සැක කළ සියලුම භික්ෂූන්ගේ
සැක සංසිඳුණේය.
ධර්මයේ නියමඅකාරයෙන් හැසිරෙන, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන ඕනෑම කෙනෙකුට ප්‍රතිඵල
ලබා ගත හැක.ඒ අන් කිසිවක් නිසා නොව මේ පිවිතුරු දහම සන්දිට්ඨික,ස්වාක්ඛාත යනාදී
වශයෙන් උතුම් වූ ගුණයන්ගෙන් යුක්ත වූ නිසාය. |