කරදර බාධක හමුවේ වුවත්
දියුණු කළ යුතු ශ්‍රද්ධාව
අම්බලන්ගොඩ,
කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සෑම පින්කමක් ම බලවත් ඕනෑකමකින් සිදු කළ යුතු යි. නොසෙල්වී , කම්පිත නොවී, අඬා දොඩා
නොවැළපී බලවත් ච්ත්ත ප්‍රසාදයකින් සිදු කළ යුතු යි. එවිට ශ්‍රද්ධාව, වීර්යය, නුවණ
හොඳින් පිහිටනවා. එයින් තමන්ට සරු සාර විපාක ලබන්නට පුළුවන්. ප්‍රාර්ථනා කරන දේ ඉටු
කරගන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් තොර ව සිදු කරන පින්කමෙහි සාරවත් ප්‍රතිඵල ලැබෙන්නේ
නැහැ. ශ්‍රද්ධාවෙන් යුතු ව මලක්, පහනක්, සුවඳ කූරක් පූජා කළත් , බත් හැන්දක් බෙදා
පූජා කළත්, බණ පදයක් ඇසුවත් ආනිසංස වැඩි යි.
ශ්‍රද්ධාවෙන් තොර ව සිදු කරන පින්කමෙහි සාරවත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
ශ්‍රද්ධාවෙන් යුතු ව මලක්, පහනක්, සුවඳ කූරක් පූජා කළත් , බත් හැන්දක් බෙදා පූජා
කළත්, බණ පදයක් ඇසුවත් ආනිසංස වැඩි යි. එයට හේතු වන්නේ ශ්‍රද්ධාවේ ඇති බලමහිමය යි.
එයටම ප්‍රඥාවත් සම්බන්ධ වෙයි
තථාගත ධර්මයේ ශ්‍රද්ධාව කොටස් හතරකට බෙදා දක්වයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ
සූත්‍ර දේශනාවේ ආගම සද්ධා, අධිගම සද්ධා, ඕකප්පන සද්ධා, ප්‍රසාද සද්ධා යනුවෙන් කොටස්
හතරක් වෙයි.
ආගම සද්ධා යනු බෝධ්සත්වයන් වහන්සේලාගේ අවිනිහාරයේ සිට ම එන ශ්‍රද්ධාව යි. ලොවුතුරා
බුදු බව පතන මහ බෝසතාණන් වහන්සේලාගේ පවතින්නා වූ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාව යි. ගෞතම
බෝධිසත්වයන් වහන්සේ විසි අසංඛ්‍යෙයක් කල්ප ලක්ෂයක් පුරාවට ම මේ නුවණ දියුණු කළා.
සද්ධාව සහ නුවණ දෙක එකටම දියුණු කරගත යුතු යි. කවුරුත් ආගම ශ්‍රද්ධාව වැඩි දියුණු
කිරීමට වෙහෙස මන්සි විය යුතු යි. තුනුරුවන් වන්දනා මාන කිරීමෙන්, පූජා සත්කාර
කිරීමෙන් ශ්‍රද්ධාව දියුණු කරගත හැකි යි. ශ්‍රද්ධාව වැඩිවුණු තරමට ම ගුණ ධර්ම
දියුණු කරගත හැකි යි.
ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන්, ප්‍රඥාවෙන්, අධික වූ බෝසත්වරු සිටිති. ඒ නිසා
උන්වහන්සේලාට ටික කලකින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකින් බුද්ධත්වයට පත් වෙන්න
පුළුවන්කම ලැබුණා. මේ කිසිම බෝසතාණන් වහන්සේ නමක් මේ කාල පරිච්ඡේදයේ දී බුද්ධත්වයට
පත්වී නැහැ.
මෛත්‍රිය මහා බෝසතාණෝ සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන වැඩම කළා. ඒ උතුමෝ
දස පාරමිතාවෝ දියුණු කරමින් භවයක් පාසා ගමන් කළා. එලෙස උන් වහන්සේලා චතුරාර්ය සත්‍ය
අවබෝධයෙන් දියුණුවට පත්වුණා. නිවන් සම්පත් ලබන තුරා ආගම ශ්‍රද්ධාවේ නියැළුණා.
ශ්‍රද්ධාවෙන් පසේ බුදු, මහ රහතන් වහන්සේලාටත්, අප්‍රමාණ දන් පිදුවා. වෙහෙර විහාර
පූජා කළා. බණ භාවනා කරමින් නොයෙක් පින් දහම් සිදු කළා. මෙලෙස පාරමී ගුණ පහළ ව
බුද්ධත්වය පතාගෙන පැමිණි නිසා තමන් වහන්සේ ආගම ශ්‍රද්ධාව මූලිකත්වයෙන් බුද්ධත්වයට
පත්වෙන්නට පුළුවන් වුණා.
දෙවැන්න අධිගම ශ්‍රද්ධාව යි. ආර්යන් වහන්සේලාගේ දැනීම හා බැඳුණ ශ්‍රද්ධාව අධිගම
ශ්‍රද්ධාව යි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ආර්යන් වහන්සේ පහළ වුණේ අධිගම
ශ්‍රද්ධාව නිස යි. ඒ උත්තමයන් වහන්සේලා ගෞරවය පුද කරන්නේ තුනුරුවන්ටම යි.
ශ්‍රද්ධාවෙන් එතරම් ම ඉහළ යි.
ලොවුතුරා බුදුවරුන්ට ආගම ශ්‍රද්ධාව, වීර්යන් වහන්සේලාට අධිගම ශ්‍රද්ධාව පහළ වෙනවා.
ශ්‍රද්ධාව සෝවාන් ආදී මාර්ග ඵල ලාභීන්ට විශේෂයෙන් පිහිටන්නේ සංසාරයේ හොඳින් දියුණු
තියුණු කළ නිස යි. ඒ උතුමෝ ද බණ අසනවා, ධර්ම දේශනා කරනවා, බුදුන් වැඳ බොහොම ගැඹුරු
ශ්‍රද්ධාවකින් වතාවත් සිදු කරනවා. එය අධිගම ශ්‍රද්ධාව යනුවෙන් සඳහන් කරනවා.
සෑම පින්කමක් ම බලවත් ඕනෑකමකින් සිදු කළ යුතු යි. නොසෙල්වී , කම්පිත නොවී, අඬා දොඩා
නොවැළපී බලවත් චිත්ත ප්‍රසාදයකින් සිදු කළ යුතු යි. එවිට ශ්‍රද්ධාව, වීර්යය, නුවණ
හොඳින් පිහිටනවා. එයින් තමන්ට සරු සාර විපාක ලබන්නට පුළුවන්. ප්‍රාර්ථනා කරන දේ ඉටු
කරගන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් තොර ව සිදු කරන පින්කමෙහි සාරවත් ප්‍රතිඵල ලැබෙන්නේ
නැහැ. ශ්‍රද්ධාවෙන් යුතු ව මලක්, පහනක්, සුවඳ කූරක් පූජා කළත් , බත් හැන්දක් බෙදා
පූජා කළත්, බණ පදයක් ඇසුවත් ආනිසංස වැඩි යි. එයට හේතු වන්නේ ශ්‍රද්ධාවේ ඇති බලමහිමය
යි. එයටම ප්‍රඥාවත් සම්බන්ධ වෙයි. ඒ නිසා කවුරු වුණත් වෙහෙස මහන්සි නොබලා අධිගම
ශ්‍රද්ධාව ම දියුණු කරගත යුතු යි. එය මාර්ග ඵල ලාභීන්ට අවශ්‍ය ශ්‍රද්ධාවක්. ඒ මඟින්
ශාන්ති ලක්ෂණ නිවන් සුව දෙසට ම ගමන් කළ හැකි යි.
තෙවැන්න ඕකප්පන ලක්ඛන ශ්‍රදධාව යි. එනම්, බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයෙහි ඇති අචල
ප්‍රසාද ශ්‍රද්ධාව යි. එය සෑම කෙනෙකුට තිබිය යුතු අතර සෑම කෙනෙක් ම අචල ප්‍රසාද
ශ්‍රද්ධාවෙන් පසඟ පිහිටුවා වැඳිය යුතු යි. එවිට තමන්ගේ ශ්‍රද්ධාව බලවත් නිසා
කිසිවකින් බාධාවක්, කරදරයක් නැතිව, නිවන දෙසට යන්න තමන්ට පුළුවන්කම තියෙනවා.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාගේ ගුණ, නව ලොවුතුරා ශ්‍රී සද්ධර්මයේ ගුණ, ආර්ය මහා
සංඝ රත්නයේ ගුණ ආදී සූවිසි මහා ගුණ සිහිපත් කිරීමෙන් බලවත් ශ්‍රද්ධාවක් මතු වෙයි.
අචල ප්‍රසාදය ලැබෙයි. ඒ මඟින් මාර්ග ඵල අවස්ථාව දක්වා ම ඉදිරියට යා හැකි යි. සියලුම
පුණ්‍ය ධර්මයෝ සාර්ථක කර ගැනීම සඳහා ඕකප්පන ශ්‍රද්ධාව අවශ්‍ය වෙයි.
එසේනම්, තුනුරුවන් කෙරෙහි බලවත් ශ්‍රද්ධාව සැවොම දියුණු තියුණු කරගත යුතු යි. හැම
ඉරියව්වක දී ම තුනුරුවන්ගේ ගුණ සිහිවෙන විට බලවත් ප්‍රසාදය, ශ්‍රද්ධාව හොඳින්
දියුණු තියුණු කරගත හැකි යි. බුදු, පසේ බුදු, රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධාව මේ
ක්‍රමයට දියුණු කළ නිසා නිවන් සුව ලබා ගන්නට සමත් වුණා. එය යි ශ්‍රද්ධාවේ බලවත් බව.
සිව්වැන්න ප්‍රසාද ශ්‍රද්ධාව යි. එනම්, බලවත් පැහැදීමක් ඇති කරන ශ්‍රද්ධාව යි.
බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි බලවත් ප්‍රසාදයකින් කටයුතු කිරීම යි. දන් දීම, තුනුරුවන්
වැඳීම, බණ ඇසීම, ආදිය සතුටින් ඉතිරී පැතිරී යන අයුරින් කටයුතු කිරීම යි. මෙලෙස
ශ්‍රද්ධාදී ගුණ සම්පත් දියුණුවෙන් තම තමාට ගුණවල දියුණුවක් ද ලැබෙයි.
ප්‍රසාද ශ්‍රද්ධාව, හඳුන්වන තවත් නාමයන් වන්නේ ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූලිකා
ශ්‍රද්ධාව යනුවෙනි. අමූලිකා යනු ලොවට පෙනෙන සේ බොරුවට පින් දහම් කිරීම යි.කරදර,
බාධක , කම්කටොළු හමුවේ ම ශ්‍රද්ධාව දියුණු තියුණු කළ යුතු යි. ඒ නිසා සම්මා
සම්බුද්ධ ශාසනය තුළ දී ම දියුණු කළ යුතු ශ්‍රද්ධාව දියුණුවෙන් නිවන් සුව ලැබේවා
පැතුමෙන් කටයුතු කරන්න.
****
නිවන් මඟ පතමින
පුදමු බුදු හිමි
සැදැහෙන
පැන් පූජා කිරීම
සුගන්ධං සීතලං කප්පං
පසන්න මධුරං සුභං
පානීය මේතං භගවා
පතිගණ්හාතු මුත්තමං
කැපවූ සුවඳින්, සිසිල් ප්‍රසන්න යහපත් ජලය භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා.
ආහාර පූජා කිරීම
සම්මා සම්බුද්ධ නාමො යො
තිලොකෙ පච්චයා රහො
සනාථො පතිගණ්හාතු
දානං දානි සුපූජිතං
තුන් ලොවෙහි ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිදිය යුතු
මේ දානය පිළිගන්නා සේක්වා.
අධිවාසෙතු නො භන්තෙ
භෝජනං පරි කප්පිනං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු නායකො
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කැපවූ උතුම් භෝජනය අනුකම්පා කොට පිළිගන්නා සේක්වා! |