පිහිට පතයි
කඩවත, ඩබ්ලිව්.ඒ.එස්. සෙනෙවිරත්න මහතා මේ වන විට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබන
අතර ඔහු හට “බී පොසිටිව් හෝ බී නෙගටිව්” වර්ගයේ හෝ “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්”
වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලී
අයෙක් වෙතොත් පහත සඳහන් දුරකතන අංකය ඔස්සේ හැකි විගස සම්බන්ධ වන මෙන් ඉතා කාරුණිකව
ඉල්ලා සිටි බවද කියයි.
****
වාරිමාර්ග නිලධාරියකු වූ සුභාෂණ ජයවර්ධන (59) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව
කියයි. ඔහුට “ඕ හෝ බී පොසිටිව්” හෝ “බී හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ
යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේනම් 077 22 77 657
දුරකථනයෙන් විමසිය හැකි බවද කියයි.
****
අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් පසුවන මවක් හට ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව් හෝ ඕ
නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය බව කියයි. වැඩි විස්තර දුරකථන අංක
0775271801, 0112408147, 0785471234 විිමසිය හැක.
****
කඩවත, ඉහළ බියන්විල, අංක 305/7 ඩී 1 හි පදිංචි අවුරුදු දෙකහමාරක වයස ඇති කුඩා
දරුවෙක් අක්මා රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඒ පොසිටිව් අක්මාවක කොටසක් අවශ්‍ය වී
ඇති බවද කියයි. පරිත්‍යාගශිලියෙකු වේ නම් දුරකථන 0717547830 විමසන ලෙස ඉල්ලීමක්
කරයි. |