වනමන්දාව
රාජ මහා විහාරය
කුරුණෑගල දිස්ත්‍රික්කය යනු රාජධානි හතරකින් සමන්විත ලංකාවේ එකම දිස්ත්‍රික්කය ලෙස
හැඳින්විය හැකි ය. කුරුණෑගල, දඹදෙණිය, යාපහුව සහ පඬුවස් නුවර ඒ රාජධානි හතරට අයත්
ප්‍රදේශයන් ය. මෙම ප්‍රදේශයන් ආශි‍්‍රත ව අපේ ඉතිහාසයේ බොහෝ පුරාවෘත්තයන් සැඟව
පවතී.
දඹදෙණි රාජධානියට ඉතා සමීප ව පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාරංගොඩ ඇටඹේ
නම් වූ සුන්දර ගම්මානයෙහි පිහිටි වනමන්දාව රාජමහා විහාරය හැඳින්විය හැකි ය. මෙම
විහාරයේ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවස දක්වා ඈතට දිවයයි. වළගම්බා
රජතුමන් සැඟව සිටිමින් සිය සේනාව සංවිධානය කර ඇත්තේ මෙම වනමන්දාව රාජමහා විහාර
භූමියේ සිට බව ජනප්‍රවාදයේ සඳහන් ව ඇත. ඉන්පසු කාලීනව අසරණ සරණංකර සංඝරාජ නා
හිමියන් ද මෙම විහාරස්ථානයේ වැඩ වාසය කළ බවට සංඝරාජ සාධු චර්යා නම් වූ ඉපැරැණි
ග්‍රන්ථයක සඳහන් වී ඇත. මෙම විහාරස්ථානය පිහිටි ගමට යාබදව ඇත්තේ හමන්ගල්ල නම් වූ
පිටිසරබද ගමකි. ඉතිහාසයේ මෙම ගම හඳුන්වා ඇත්තේ සමන්ගල්ල යනුවෙනි.
විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී නැදගමුවේ සිරිධම්ම හිමි |
දඹදෙණි රාජධානියෙහි රජකම් කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමන්ට දළදා හාමුදුරුවන් වන්දනා
මාන කිරීම සඳහා සමන්පිච්ච මල් ලබා දී ඇත්තේ මෙම ගම්මානයෙන් නිසා එම ගම සමන්ගල්ල ලෙස
හඳුන්වා ඇති බවත්, අද වන විට එම ගම හමන්ගල්ල නමින් හඳුන්වන බව ත් පැරැන්නෝ සඳහන්
කරති.
එසේම වනමන්දාව රාජමහා විහාරය පිහිටි භූමිය එදා වනමලින් පිරුණ වනාන්තරයක් ව තිබී ඇති
අතර, ලැව් ගින්නකින් එම වනය ගිනිගෙන විනාශ වී ඇත. ඒ හේතුවෙන් ‘වන මන් දෑව‘ ලෙස
හඳුන්වා ඇති අතර අද එම ස්ථානය වනමන්දාව ලෙස ප්‍රකට ව ඇති බවද ජනප්‍රවාදයේ සඳහන්ව
ඇත. අද වන විට මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය දිවයිනේ දස දෙස විසිරී සිටින බෞද්ධ
බැතිමතුන්ගේ වන්දනා මානායට පාත්‍ර වූ විහාරස්ථානයක් බවට පත්ව ඇත.
රමණීය වන පියසකින් හා ගල් තලාවලින් සුසැඳි මෙම වනමන්දාව රාජමහා විහාර භූමිය සියලු
විහාරාංග වලින් සමන්විත ය. වළගම්බා රජ දවස ඉදිකළ විහාරමන්දිරය කටාරම් කෙටූ ගල්
පර්වතයක් යට අදත් විරාජමානව පවතී. බුදුන් වහන්සේගේ පිරිනිවන විදහා දක්වන සැතපෙන
පිළිම වහන්සේ හා සමාධි බුදුරුව මෙන්ම තනි කලුගල මත අඳින ලද සිතුවම් ඉතා කලාත්මක ය.
ඉපැරැණි විහාර මන්දිරය ඉදිරිපස බෝධීන් වහන්සේලා දෙනමක් දහම් සිසිල බෙදා දෙයි.
එම බෝධීන් වහන්සේලා පිහිටි භූමියට මදක් ඉහළින් සුදෝ සුදු චෛත්‍ය රාජයාණන් බබළයි.
චෛත්‍ය රාජයාණන් ඉදිරි පසින් පිවිසෙන්නේ රමණීය වන පියසකට ය. ගල් පර්වත පුස්වැල්
මෙන්ම නුග නා වැනි වෘක්ෂලතාවලින් සෙවන දෙන ගල්තලා මත සුජාතා සිටු දියණිය බුදුන්
වහන්සේට කිරිපිඬු පූජා කිරීම, වෙස්සන්තර ජාතකය, ‘මහින්දාගමනය’, බුදුන් වහන්සේගේ
දුෂ්කර ක්‍රියාව. වැනි ජීවමාන ප්‍රමාණයේ පිළිරූ ඉතා දර්ශනීය ලෙස මේ සොඳුරු වන උයන
පුරා ඉදිකර ඇත. විහාර භූමියට ඇතුළුවන විට වම් පසින් අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේ
නිර්මාණය කර ඇති අතර එම දසුන ඇස ගැටෙන විට ඇති වන්නේ සිත් නිවී සැනසෙන හැඟීමකි.
සොබා දහමේ අපූරු නිර්මාණයක් වන මෙම වනමන්දාව, පින්බිම තුළ ස්වභාවික පරිසරයට කිසිදු
හානියක් නොවන සේ මේ සියලු නිර්මාණ ඉදිකර ඇත. ඉලිපංගමුවේ සෝමරතන හිමියන් මෙම විහාරයේ
ආරම්භක විහාරාධිපතීන් වහන්සේ ය. ඉන් පසුව ඊරියමඩින්නේ සෝනුත්තර හිමි, ඇටඹේ සීලරතන
හිමි, මං ගෙදර සිරිරතන හිමිවරුන් යන මෙම විහාරස්ථානයේ ආදි කර්තෘවරුන් සේ සඳහන් කළ
හැකි ය.
නාරංගොඩ සංඝානන්ද නාහිමියන් වර්තමාන විහාරාධිපති ධූරය හොබවන අතර උන්වහන්සේගේ මඟ
පෙන්වීම හා අනුශාසකත්වයෙන් විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී නැදගමුවේ සිරිධම්ම
හිමියෝ මෙම පුණ්‍ය භූමිය සීඝ්‍ර දියුණුවක් කරා මෙහෙයවමින් සිටිති.
බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වන නිර්මාණ කීපයක් මේ වන පියස තුළ ඉදි කිරීමටත්
දිවයිනේ දස දෙසින් පැමිණෙන සැදැහැවතුන්ට නවාතැන් ගැනීම සඳහා විශ්‍රාම ශාලාවක්
ඉදිකිරීමටත් බලාපොරොත්තු වන බව සිරිධම්ම හිමියෝ සඳහන් කරති. සත් කෝරළයට ආවේනික වූ
තුරු ලතාවන්ගෙන් මෙන්ම, සියොතුන්ගේ මිහිරි නදින් මෙන්ම බෝධීන් වහන්සේගේ සිසිලසින්
හදවත් සුවපත් කරගන්නට සතියේ විවේක දිනයක මෙම පින්බිමට එන්න.ඇවිත් ඒ නිරාමිස සුවය
විඳගෙන ඔබේ පා සටහන් පමණක් මේ පින්බිමේ තබා යන්න.
ඔබ ගිරිඋල්ල දෙසින් පැමිණෙනවානම් කුරුණෑගල මාර්ගයේ මාහරගම හන්දියෙන් හැරී හමන්ගල්ල
හරහා (කිලෝ. 04) ක දුර ගෙවා මෙම පුදබිමට පැමිණිය හැකි ය. පන්නල කුලියාපිටිය
මාර්ගයෙන් එනවානම් පරගම්මන ඉන්ධන පිරවුම්හල අසල ඇති මාහරගම දක්වා යන මාර්ගයේ
(කිලෝමී. 10) ක දුර ගෙවා මෙම පුදබිමට පැමිණිය හැකි ය.
විශේෂ ස්තූතිය - විහාරවාසී හමන්ගල්ලේ සිරි සුජාත හිමියන්ට සහ සෝමවීර පතිරාජ,
ජී.ඒ.අයි.නිශ්ශංක මහත්වරුන්ට)
රත්නසිරි පතිරණ
ඡායාරූප
සරත් විජේසූරිය, ගිරිඋල්ල සමූහ |