බොදු ගීයක මිහිර:
ජය සිරිමා හාමුදුරුවනේ...
දරමිටි බැන්දා - රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක සිටියා...
එහෙව් අපට අද එන්ඩ තහංචි ද
ජය සිරිමා බෝ හාමුදුරුවනේ...
වැලි මළුවේ හිඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුසු වුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ...
රන්වැට පාමුල සාධු කියන කොට
ළෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො වූවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ...
ගායනය - දීපිකා පි‍්‍රදර්ශනී
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - රෝහණ වීරසිංහ
බුද්ධත්වයට සෙවණ සැලසූ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට කළගුණ දැක්වීමට බුදුන් වහන්සේ
අනිමිස ලෝචන පූජාවෙන් ද පිදුම් දුන් සේක. ඒ උතුම් පූජනීය වස්තුව සැදැහැවත් බෞද්ධයන්
විසින් දැක සංවේගය උපදවා ගත යුතු බව දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ද සඳහන් ය.
මේ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකා භූමියට වඩමවා ගැනීමට ඇප කැප වුණ
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ පින්බර ඔවදන් ද ,සඟමිත් තෙරණියගේ ලංකා ගමනය ද ,දඹදිව්
තලයේ දම් සෝ නිරිඳු සහ ලක්දිව් තලයේ දෙවනපෑතිස් රජුදැක්වූ රාජ අනුග්‍රහය ද විශිෂ්ට
ය.
බුදුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ දී දේශනා කළ බුද්ධ අධිෂ්ඨානයන් ගැන මොග්ගලීපුත්ත
මහ රහතන් වහන්සේගෙන් දැනුවත් වූ දම්සෝ නිරිඳු බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී
ගියේ ය.
කාලය එළඹි කල දඹදිව් තලයේ දම්සෝ නිරිඳුන් බෝධීන් වහන්සේ දෙස බලා සැදැහැයෙන් දෑඟිලි
බැඳ සත්‍යය කි‍්‍රයා කළේ ය. එම බලයෙන් බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව බැඳී සතර රියන්
පෙදෙස හැර සියලුම ශාඛාවන්ගෙන් විහිදුණු ඍද්ධි ප්‍රාතිහාර්යයන් අසිරිමත් ය. මුල්
සියයක් අද්දවමින් දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළා ගැබක් අතරට වැදී
ප්‍රාතිහාර්ය දැක්වූයේ මහ පොළොව කම්පිතව ය. දෙවි , මිනිසුන්ගේ මහත් වූ බහුමානයන්
මධ්‍යයේ බෝධීන් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවණක් රැස් විහිදෙමින් මුළු දඹදිව්
තලය ම ඒකාලෝක විය. මේ අසිරිමත් දසුනින් ධර්මාශෝක රජුට ඇතිවූයේ අපරිමිත බුද්ධාලම්භන
පී‍්‍රතියකි.
ඒ නිසා ම දම් සෝ නිරිඳුන් දඹදිව් රාජ්‍යය ම බෝ සමිඳුන්ට පිදුවේ බෝධි රාජයාණන්
වෙන්වීමේ දුක දරාගත නොහැකි ව, ශෝකයෙන් කඳුළු වගුරවමිනි. සැදැහැබර දම් සෝ නිරිඳුන්
බෝධි රාජයාණන් ඔසවාගෙන නෞකාවෙහි තැම්පත් කළේ ග්‍රිවය දක්වා වූ ජලයෙහි බැස ගනිමිනි.
ශාසන වංශ කතාවල සඳහන් සේ බෝධීන් වහන්සේගේ රැකවරණයට අටළොස් කුලයක පිරිස සමඟ
සංඝමිත්තා මහ රහත් තෙරණිය ලංකාගමනය ඇරැඹූ අයුරු ද අසිරිමත් ය.
ගංගා නම් නදිය මත්තේ සැරැසිල්ලෙන් අලංකාර වූ යාත්‍රාව රාජ්‍ය දූත පිරිස රැගෙන
වින්ධ්‍යා වනය පසු කරමින් තාමු ලිප්ති නැව් තොටට පැමිණියේ සත් දිනක් මුළුල්ලේ ය. මහ
සයුර තරණය කරද්දී රළ සිඳී සත්වනක් පියුම් පිපී මේඝ වර්ෂා වසිමින් මහා ප්‍රාතිහාර්ය
දැක්වී ය. ගුවනේ තූර්යයෝ වැයුණ හ. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අදිටනින් ඍද්ධි
විකුර්ණය කළහ. අභිඥාබල සම්පන්න සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේ ගුරුළු වෙස් ගෙන
නාගයන් දමනය කළ බව මහා වංශයෙහි සඳහන් ය.
මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වඩා
හිඳුවාගෙන ලක්දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සඟමිත් තෙරණියගේ ලංකා ගමනය සනාථ කිරීමට
සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම ද සාක්ෂි දරයි. එය ගෘන්ඩ්වේල්
විසින් පෙන්වා දෙනු ලැබූ බව මහාචාර්ය ගෛගර් පඬිතුමාගේ මහාවංශ ඉංගී‍්‍රසි පරිවර්තනයේ
ද සඳහන් ය.
විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප
මාලාවන්ගෙන් ද, ධජ පතාක ආදියෙන් ද, සැරැසූ සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව
බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරාධපුර මහමෙව්නාවට වැඩම කරවීය. අනුරාධපුර
මහමෙව්නා උයනේ සීරුවෙන් වඩා හිඳවා ලූ බෝ සමිඳුන් අසූ රියනක් උස් ව ගුවන් ගැබේ සවණක්
රැස් විහිදුවාලමින් දැක්වූ ප්‍රාතිහාර්ය ද ආශ්චර්යවත් ය. එයින් පැහැදුණු දේවානම්
පියතිස්ස රජු ලංකා රාජ්‍යය ම සිරිමා බෝ සමිඳුන්ට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී
නමස්කාර පූර්වකව ය. මෙවන් සුවිශේෂී සිදුවීම් රැසකින් සුපෝෂිත වූමෙම පූජනීය වස්තුවට
බෞද්ධයන් ගරු බුහුමන් කරන්නේ ජීවමාන බුදුන් සේ ය.පෙර බුදුවරුන්ගේ බෝධි ශාඛා ද මෙම
පුදබිමේ ම රෝපණය කළ බව සමන්ත පාසාදිකාවේ සඳහන් වීම බෞද්ධයා ලද ඉමහත් භාග්‍යයකි.
ආගමික, සංස්කෘතික වශයෙන් ලක්බිම පහන් කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ, සංඝමිත්තා
මහ රහත් තෙරණියත් නිසා සිංහල බෞද්ධ සාහිත්‍යයට ලබා දුන් ජීවය සදාතනික ය.ඒ නිසා
මබෝධි සාහිත්‍ය පදනම් ව ලියැවුණු ගීත සාහිත්‍ය පවා දෝලනය වූයේ බොදු ඇසිනි. ඒ
අතුරින් නිර්මිත වූ ‘ජය සිරිමා බෝ හාමුදුරුවනේ’ගීතයද විශේෂිත ය. එය ගායනා කරන්නී
දීපිකා පි‍්‍රදර්ශනී ය. එයටම සරිලන ගීපදවැල් සපයන්නේ මහින්ද චන්ද්‍රසේකර ය. සංගීතය
ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන්ගේ ය.
‘ජය සිරි මා බෝ හාමුදුරුවනේ
දර මිටි බැන්ඳා - රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක සිටියා’
එදා රජ රට වැසියෝ,බෝධීන් වහන්සේ සොර සතුරන්ගෙන් , වන සිවුපාවුන්ගෙන් සුරැකීමට
දිවිහිමියෙන් සටන් කළේ ගිනිමැළ ගසාගෙන, රැය පහන්වනතුරා ය. එයට අවශ්‍ය දරමිටි රැගත්
පෙරහර පැවැත්වූ ‘නිකිණි පුර පසළොස්වක’පෝ දිනය ‘දරමිටි පොහොය’ නමින් හැඳීන්වීම ද
විශේෂිත ය.
සංගීතයේ මුසු වුණු දුක්මුසු ගීත රාවය ද, අර්ථාන්විත පදවැලින් ද සමාජයේ යම්
අසාධාරණයක් පෙන්වා දෙන බව ද හැඟේ. ‘එහෙව් අපට අද එන්ඩ තහංචි ද’ ගී පැදි පෙළ එයට
උචිත ය. විටක එය ශී‍්‍ර මහා බෝධිය රැකගත් වැසියන්ගේ සුසුම් වැලෙහි රාව ප්‍රතිරාවයක්
ද විය හැකි ය. එය ‘වැලි මළුවේ හිඳ සාදු කියනකොට අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි’ යනුවෙන්
අර්ථාන්විත ය.
මේ පූජනීය වස්තුව අදටත් සුරැකිව ඇත්තේ එදා මේ අසරණ පිරිසගේ ඇප කැප වීම නිසා ම ය.
ඔවුන් බාහිරෙන් අසරණ වුව ද ආධ්‍යාත්මයෙන් පොහොසත් ය. එය උඩමළුවේ වැඩ සිටිනා ජය
සිරිමා බෝ සමිඳුන් දන්නා සේ මේ පිරිසගේ දුක් ගැනවිලි පිළිගන්නේ ද ඒ සැමට ම සෙත සලසා
දෙමිනි.
‘ඉස්සර වාගෙම දාඩිය මුසු වුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ’
යනුවෙන් පසක් වෙයි.
එදා බෝ සමිඳු රැකගත් පිරිසත්, අද රන්වැට පාමුල සාධු නාඳ නඟන ප්‍රභූ පිරිසත් දෙස සම
සිතින් දෙසවන් යොමන්නා සේ බෝ සමිඳුන් නිසලව වැඩ සිටී. එය මෙත් සහගත ව වැඩ සිටිනා
අසම සම බුදුන් වහන්සේගේ දසුන මෙනි.
‘රන්වැට පාමුල සාධු කියන කොට
ළෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො වූවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ’
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
|