Print this Article


සදහම් අරණ

දුක හඳුනා ගනිමු

සංසාර ගමනෙහි අතරමං වී ගලායන ජීවිත තුළ අප සියලු දෙනාට ඇති ගැටලුව සසර දුකයි. එයට ජාතිය, ආගම, රට, කුලමල කිසිවක් බලපාන්නේ නැත. තණ්හාව, ආසාව, වෛරය බඳින ලෝක සත්ත්වයාගේ සසර ගමන කෙටි නොවී තව තවත් දීර්ඝ වී අවිදු අඳුරේ අතරමං වේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඉපදීම, ලෙඩවීම, නමැති දේ නො ලැබීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වීම, අපි‍්‍රයයන් හා එක්වීම, මහලු වීම, මරණය ආදී සියල්ල ම දුක ලෙස කෙටියෙන් හඳුන්වා දිය හැකි බව ය. ජීවිතයේ විඳින දුක සඳහා හෙලූ කඳුළු සිව් මහ සාගරයට වඩා වැඩි ය.

****

අනගාරික ධර්මපාලතුමා

ආගම්වාදී, ජාතිවාදී, පුද්ගලවාදී පටු ආකල්පවලින් වියුක්ත වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ගේ මානව හිතවාදී, නොවහල් චින්තනය ධාර්මිෂ්ඨ වූත්, සමෘද්ධිමත් වූත් සමාජයක් බිහි කිරීමෙහිලා අගනා මිණි පහනක් විය. උදාර ජාතියක් ගොඩනැංවීම පිණිස එතුමා වෙසෙසින් බාල පරපුර ඉලක්ක කර ගනිමින් රට, ජාතිය, ආගම පිළිබඳ හැඟීමක් ඇති කළේ ය. එතුමා තුළ තිබූ සුවිශේෂී ගුණාංග රාශියකි. එතුමාට පාලි, සංස්කෘත වගේම ඉංගී‍්‍රසි භාෂාවෙන් පවා ධර්මය දේශනා කිරීමට හැකියාවක් තිබුණි. එතුමා ගමන් ගන්නා වාහනයේ පවා ලියා ඇත්තේ ‘ගව මස් නොකව්’ යන ආදර්ශ පාඨය යි. සම්බුද්ධ ශාසනයට අමිල මෙහෙවරක් කළ එතුමා ඉන්දියාවේ දි පැවිදි විය. පසු කලෙක ඉන්දියාවේ දී ම අපවත් විය.

****

ගොවි රජාණෝ

තෙරුවන් වැඳ දෙවියන් යැද – කුඹුරට හේනට යන්නේ
පොළොවට වැඳ නඟුලට වැඳ – ගොවිතැන් වැඩ අරඹන්නේ
අස්වනු ගෙන පළමු කොටස – බුදුන් පුදනට ගෙන යන්නේ
පුරවයි අටු සතුට පිරුණු – සම දිවියකි ගෙනයන්නේ

මඩ නාගෙන වැර දාගෙන – බිම් සකසා වවන්නේ
බත සපයන රට සුරකින – ගොවියා දෙවියෙකු වන්නේ
සරලව දිවිපෙවත ගෙවන – දන්පතියෙකු ම වන්නේ
මඩ සෝදා ගත් විගසින – දනමන තුළ රජ වන්නේ

****

ඉන්දීය සාගරයේ මුතු ඇටය

මගේ මව් බිම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසද හඳුන්වයි. මා උපන් බිම, මට මගේ මව වැනි ය. මගේ රට උගතුන්, බුද්ධිමතුන්ගෙන් පිරුණු රටකි. අපි සියලු දෙනාම ලක් මවගේ දරුවෝ වෙමු. මගේ රට ගංගා, ඇළදොළ, වනාන්තර, කඳු ගැටවලින් පිරුණු අතර, පැරණි නටබුන් දැකීමෙන් අප මවිපතයට පත්වෙමු. සීගිරිය, ශ්‍රී දළදා මාළිගය. සමනල කන්ද සිංහරාජ වනාන්තරය මගේ රටේ අභිමානය ගැන ලොවට කියාපායි. රට මැදින් ගලා හැලෙන මනරම් දිය ඇලි රාශියකි . ඒවා දෙස් විදෙස් හැමදෙනා ම සොම්නසට පත් කරයි.

****

මගේ සීයා

උදේ නැගිටලා – පිරිසුදු වීලා
මල් ටික කඩලා – පහන තියාලා
බුදු ගුණ ගයලා – බුදුහිමි නැමදා
සීයා මෙත් සිත පතුරනවා

පිරිත් කියනවා – බවුන් වඩනවා
බණ පොත් නිතරම කියවනවා
දහස් වරක් කී – පිරිත් තෙල් බිදක්
නලළෙ තියාලා – සීයා මෙත් සිත පතුරනවා

****

පින් කරමු

වර්තමානයේ අපගේ බොහෝ කාර්යයන් තරගකාරි ය. බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ අනෙක් අයට වඩා ඉහළින් සිටීමට යි. එම නිසා මිනිසුන් පින්, පව් ගැන විශ්වාස නො කරයි. අපගේ ජීවිතය කවර මොහොතක නැතිවේ දැයි සිතන්නට දන්නේ නැත. වඩා වැදගත් වන්නේ මෙලොව හා පරලොව සැප ගෙන දෙන මාර්ගය ගැන දැන, ඒ අනුව වැඩකටයුතු කිරීම යි. එනම් නිවැරැදි දේ හෝ වැරැදි දේ සම්බන්ධ ව අවබෝධය ඉතා වැදගත්. ඒ අනුව පුණ්‍ය ක්‍රියාවල නිරතවීම යෝග්‍ය ය .

පින් දහම් කිරීමට ධනය අවශ්‍ය නොවේ. අන් අයට කරදරයක් වූ විට කළ හැකි උදව් උපකාර අවංක චේතනාවෙන් ඉටු කරන්න. එවැනි දේ තුළින් දවස පුරා පින් රැස් කරගත හැකි ය. එවන් පින්වත් චරිත මෙලොව සතුටු වෙයි. පරලොව ද සතුටු වෙයි. දෙලොව ම සතුටු වෙයි. මා විසින් පින්කම් කර ඇතැයි සුගතියට ගියේ ද එහි දීත් සතුටු වෙයි.

****

පූජනීය අනුරාධපුර නගරය

අනුරාධපුරය උතුරු මැද පළාතේ පිහිටා ඇත. එය මුල්ම රාජධානිය ලෙස සැලකේ. අනුරාධපුරය ලෝ වැසි බෞද්ධයාට ඉතා සුවිශේෂී වේ. මුල්ම දාගැබ වන ථූපාරාමය එහි පිහිටා ඇත. රුවන්මැලි මහාසෑය. මිරිසවැටිය දාගැබ, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන පිහිටා ඇත. මුල්ම වැව වූ අභයවැවද පිහිටා ඇත. මේ නිසා අනුරාධපුරය සුවිශේෂ වේ.

****

මගේ පැතුම

දරු සෙනෙහස කවියට නැඟු අම්මා
රැකවරණය යන වචනයෙ අර්ථය දුන් අම්මා
දෝරෙ ගලා යන සෙනෙහස් ගඟුලක
උල්පත මාගේ දෙමව්පියෝ
ආදරය කරන්නෙමි ඔවුනට හැමදාම
එය මගෙ පැතුම වේ නිබඳව ම

****

සුන්දර ගම්මානය

****

පුංචි නිවෙස

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

640 එච්.ජී. සඳුනි මේගනා - 12 වන ශ්‍රේණිය
ශ්‍රී විජයා නන්ද දහම් පාසල - පොල්ගහවෙල

641 ගීත්මා ඔමන්දි පෙරේරා - 9 වන ශ්‍රේණිය
ශ්‍රී බෝධිරාජ දහම් පාසල - දෙහිවල

642 ඩී.ජී. ෂෙහානි නවෝද්‍යා - 08 වන ශ්‍රේණිය
සිරි විමලසිරි දහම්පාසල - පොල්පිටිමූකලාන

643 එම්.ජී. අෂිණි ඉමේෂිකා - 06 වන ශ්‍රේණිය
ආනන්දාරාම විහාරය – විජයබාකන්ද

644 ජේ. ජී. සඳුනි ප්‍රභාෂිණී ගමගේ -11 වන ශ්‍රේණිය
පරාක්‍රමබාහු ජාතික පාසල - පොල්ගහවෙල