ආසියාවේ ආලෝකය
The Light of the Asia
- 04
ඉංගී‍්‍රසි බසින් ලියැවුණු
පළමු බෞද්ධ සාහිත්‍ය නිර්මාණය
සුළු මවකගේ
දාරක පේ‍්‍රමය
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
සිදුහත් උපත සිදුවී දින 7 කින් මායා දේවිය කළුරිය කළා ය. එම පුවත දහම නොදත් පිරිස්
ඒ ස්වභාවය, යථාර්ථය බව අවබෝධ කොට ගනී. කවියා එය තවත් සුබවාදී ව දකින අයුරු මෙහිදී
පැහැදිලි කරගත හැකි ය.
මෙලෙසින් එසිදු විණි සත්වැනි සැදෑවෙහි
නිදිපත් බිසෝ මායා තොස් පිරි මුවෙහි
යළි පිබිදුණේ නැත දෙව්ලෝ රුසිතයෙහි
ලද්දී සැනසිල්ල සුර නැමදුම් මැදෙහි
යමක් අහිමි වන්නේ ඊට වඩා හොඳ යමක් ලැබීමට ය. එය ධනාත්මක සිතිවිල්ලකි. මායා දේවිය
තුසිතයෙහි උපත ලබන්නේ සතුටෙන් නිදි යහනෙහිම පරලොව යාමෙන් අනතුරුව ය. එම භාග්‍යය ඇයට
හිමිවන්නේ දෙවියන්ගේ ද නමස්කාරයන් සහිතව ය. සෑම බුදුවරයෙකු ම ලබන මෑණි කෙනෙක්, තම
කුසෙන් ඒ සමයෙහි තවත් දරුවෙකු බිහි නොකරයි. ඒ පරම සත්‍යය මෙතනදී ද පොදු ය.
සිදුහත් උපතින් දින 07 ක් ගතවීමෙන් අනතුරුව මහාමායාදේවිය කළුරිය කළාය. ඉන් අනතුරු
ඇගේ නැගණිය සුළු මව වශයෙන් කුමරුට නො අඩුව මව් සෙනෙහස ලබා දුනි. අම්මා නැති අඩුව
කුමරුට නොදැනෙන ලෙස ලබාදීමට ප්‍රජාපතිය දක්ෂ වූවා ය. ඒ බව කවියා සිත්ගන්නා ලෙස
වර්ණනයට ලක්කර ඇත.
කුමාරණට දේවිය මහ ප්‍රජාපති
කිරිමව් ලෙසින් සේවාවෙහි යෙදිණි නිති
තුන් ලෝ සනසනු ව පහළ වූ එතොල් පෙති
පිනවී එ තුමිය ගෙ පියොවුරු කිරෙන් රුති
දාරක පේ‍්‍රමය නිසා ම ප්‍රජාපතියට මව් කිරි එරෙන ආකාරය කවියා තේරෙන භාෂාවෙන් ම සරලව
පැහැදිලි කෙරේ. ‘පියොයුරු කිරෙන් රුති’ සිදුහත් කුමරු ඇයගේ කුසෙන් නොවැදුවත්, ඇයගේ
පේ‍්‍රමයේ ඇති මහත්බව කිරි එරීමෙන් කවියා සංකේතවත් කරයි.
සාක්‍ය වංශයට අනුව රජකමට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර ලබාදිය යුතු ය. සුද්ධෝදන රජුට
වුවමනා වූයේ තම පුතු සක්විති රජ වනු දැකීම යි. එහෙයින් නියමිත වයසට එළඹුණු කුමරුට
සුදුසු ගුරු වරයෙකු බමුණන් ලවා සෙවීමට රජු උත්සුක වූවේය. එහි ප්‍රතිඵලයක් ලෙස
කුමරුට සුදුසු ගුරුවරයා වශයෙන් සර්වමිත්‍ර බමුණු ඇදුරන් කුමරුගේ ගුරුවරයා බවට
පත්විණ. බ්‍රාහ්මණ සම්ප්‍රදායට අනුව එය සිදුවනුයේ කුමරුගේ අටවැනි වසරේදී ය.
ඔහු ගෙ නම නම් විශ්වමිත්‍ර ය
නුවණ තම සැබැවින් ඔහු ම ය
කවියා මෙහිදී සර්වමිත්‍ර යන නම විශ්ව මිත්‍ර ලෙස යොදා ඇත.
ඒ තුළ ගුරුවරයා සතු දැනුම කෙතරම්ද යන්න නමේ අරුතින්ම පාඨකයාට දැනගැනීමට සැලැස්වීමක්
හා සමාන ය. සිදුහත් කුමරුට වඩාම ගැළපෙන්නේ එම ගුරුවරයා බව කවියා තවදුරටත් තම
නිර්මාණය තුළ තහවුරු කරයි. ‘නුවණ– තම’ යන්නෙන් එය වඩාත් ඉස්මතු වේ. දහමෙහි ගැඹුරුබව
මෙන්ම ඥානයෙන් ශ්‍රේෂ්ඨ බව ඔහු තුළ දක්නට ලැබුණි. තමන්ට ලැබුණ මේ අවස්ථා සර්ව
මිත්‍ර ඉතා සතුටින් බාරගත්හ. |