ප්‍රමාදයේ බිය දකිමු
අප්‍රමාදය අමා වදනකි
හෝමාගම පුරාණ විහාරධිපති
සහකාර අධ්‍යපන අධ්යක්ෂ(පිරිවෙන්)
මාදෝවිට වජිරබුද්ධි හිමි
අප්‍රමාදය නිවනට, කෙලෙස් නැසීමට මාර්ගය වේ. ප්‍රමාදය මරණයට, අකුසලයට හේතු වේ.
අප්‍රමාදී වූවෝ නොමියෙන බවත්, ප්‍රමාද වූවෝ ජීවත් වුව ද මළවුන් මෙන් කටයුතු කරන
බවත් බුදු දහමේ පිළිගැනීම වේ.
ප්‍රමාදය පරිහානියටත්, අප්‍රමාදය දියුණුවටත් හේතු වේ. ප්‍රමාදය අකුසලයකි. පාපයකි.
අප්‍රමාදය කුසලයකි. පිනකි. අප්‍රමාදය අමා වදනකි. ප්‍රමාදය මාර ශාපයකි.
බෞද්ධයාගේ හස්තසාර දහම් අමාව වන ධම්මපදයේ පමණක් නොව ති‍්‍රපිටක සාහිත්‍යයේ බොහෝ
සූත්‍රවල අප්‍රමාදයේ අනගි ශක්තිය වර්ණනා කර ඇත. එපමණක් නොව ප්‍රමාදයේ ආදීනව ද ඒ සමඟ
ජනතාවට ධර්මය කරුණු වශයෙන් ඉදිරිපත් කර ඇත. අපේ බෝධිසත්වයන් දස පාරමී ධර්ම පුරණ
සමයේ වීර්යය පාරමිතාව පිරූ බව අපි දනිමු. ප්‍රමාදය දුරලා අප්‍රමාදී ව විමුක්ති
සාධනයේ දී වීර්යය පාරමිතාව බෝසතුන්ට මහත් අධිෂ්ඨාන ශක්තියක් විය. ප්‍රමාදය කුසීත
පුද්ගලයාගේ ආභරණයකි. අප්‍රමාදය වීර්යයවන්ත සත්පුරුෂයාගේ දෙලොව ජීවිතය ජයගන්නා
මුතුහරකි.
අප්‍රමාදය ලොකු - කුඩා සැමට අභියෝග ජයගත හැකි වටිනා මෙවලමකි. අධ්‍යාපනය හදාරණ
දරුවාට, රැකියා නියුක්තිකයාට මෙලොව පරලොව ජීවිතය ජය ගැනීමට දහම් සරණ සොයන නැණවතාට
අප්‍රමාදී ව වැඩකිරීම තරම් ශක්තියක් තවත් නොමැති තරම් ය. ඒ නිසාම බුදු දහම පුරාම මේ
පිළිබඳ වූ සාරමය කරුණු අන්තර්ගත වන අතර අප්‍රමාදයට බුදු දහම තුළ වටිනාකමක් ද එකතු
කර ඇත. බුදුන් වදාළ ධර්මය ද හීන වීර්යය ඇති කුසීතයාට නොව වීර්යය වන්ත අප්‍රමාදියාට
බව දීඝ නිකායේ දසුත්තර සූත්‍රයේ සඳහන් වේ.
අප්‍රමාදය නිවනට කෙලෙස් නැසීමට මාර්ගය වේ. ප්‍රමාදය මරණයට අකුසලයට හේතු වේ.
අප්‍රමාදී වූවෝ නොමියෙන බවත්, ප්‍රමාද වූවෝ ජීවත් වුව ද, මළවුන් මෙන් කටයුතු කරන බව
බුදු දහමේ පිළිගැනීම වේ. මේ පිළිබඳව විශේෂයෙන් සලකා බලා බුද්ධිමත් ආර්යය පුද්ගලයා
අප්‍රමාදය රුචි කරන බවත්, අප්‍රමාදයේ සතුටු වන බවත්, සම්මත පිළිගැනීමකි.
උත්සාහයෙන් අප්‍රමාදයෙන් යුක්ත පුද්ගලයාගේ පංච ඉන්ද්‍රිය සංවර වේ. හෙතෙම
ප්‍රඥාවන්තයෙකි කාම ඕඝ, භව ඹ්ඝ, ආදී සංසාර සැඩ පහරට අදාළ ඕඝ හෙවත් මහ කෙලෙස්
ප්‍රවාහය තරණය කර අහරන්ත ප්‍රතිපදාව ජයගැනීමට ද අප්‍රමාදය ඉවහල් වේ. නුවණැත්තා
අප්‍රමාදය තුළින් සංසාර දුක ජය ගන්නා අතර, දුෂ්ප්‍රාඥ මෝඩයා ප්‍රමාදයේ ගැලී සංසාර
දුකට තව තවත් නැඹුරු වේ. ඒ නිසා බුදුරදුන් වදාළේ ප්‍රමාදයේ නිරත නොවී අප්‍රමාදයේ
නිරත වන ලෙස ය. ප්‍රඥාවන්ත මිනිසා අප්‍රමාදයෙන් ප්‍රමාදය ඉවත දමයි. මහරහත් භූමිකාව
තුළ අප්‍රමාදය වටිනා ආත්ම ශක්තියක් බව රසවාහිනී , සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාවලිය
වැනි අපේ පැරැණි බණ කතා වලින් හෙළි වේ. ප්‍රමාදය දුර්වල දුබල අශ්වයකුට උපමා
කිරීමෙන් අප්‍රමාදයේ ඇති අයෝමය ශක්තිය අවබෝධ කරගත හැකි ය.
අප්‍රමාදය නිසා ශක්‍ර දේවේන්ද්‍රයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බව ධම්මපදට්ඨ
කතාවේ ශක්‍ර දේවේන්ද්‍ර කතා වස්තුවෙන් හෙළි වේ. ප්‍රමාදයේ බිය දක්නා බුද්ධ
ශ්‍රාවකයා සක්කාය දිට්ඨීය ආදී සංයෝජන ධර්ම දුරු කිරීමට පෙළඹෙන්නේ අප්‍රමාදය නිසා
බවද, ධම්මපද අප්‍රමාද වර්ගයෙන් හෙළිවේ. මේ අනුව මෙලොව පරලොව ජයගැනීමට ද , ලෞකික
ලෝකෝත්තර දියුණුව උදාකර ගැනීමට ද බුදුදහම පෙන්වාදී ඇති ප්‍රායෝගික විසඳුමක් ලෙස
අප්‍රමාදය හැඳීන්විය හැකි ය. මෙය බුදුදහමේ මූල ධර්මයක් ලෙස ද , සිද්ධාන්තයක් ලෙස ද
භාවිත වී ඇති ආකාරය සූත්‍රගත මූලික කරුණු වලින් අනාවරණය වේ.
අප ගෞතම බුදුරදුන් සිය පන්සාළිස් වස මුළුල්ලේ ද අග්‍රශ්‍රාවක ආදී අරහත්ත ශ්‍රාවකයෝ
ද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට අවවාද අනුශාසනා කළේ අප්‍රමාදීව
කුසල ධර්මයන් සම්පූර්ණ කරන ලෙස ය. ඒ කුමක් සඳහාද යත් සංසාර දුක තරණය කර
නිර්වාණාවබෝධය සපල කර ගැනීම පිණිස ය. අප බුදුරදුන් අවසාන බුදුවදන ඔස්සේද අනුශාසනා
කළේ අප්‍රමාදයේ අගය ලොවට ප්‍රකට කිරීමට ය. සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. විනාශ වන
සුළුය. ඒ නිසා අප්‍රමාදී ව කුසල් සම්පාදනය කළ යුතුය. තමාට පිහිට වන්නේ තමා පමණයි.
අප්‍රමාද වේ. සිහි බුද්ධියෙන් කි‍්‍රයා කරව්. සිල්වත් ගුණවත් බව වඩව්. සම්‍යක්ව
සංකල්පනාවන්ගෙන් සිත රැකගෙන මෙම ශාසනය තුළ අප්‍රමාදී ව කටයුතු කර ජාති ජරා මරණ
දුක්ඛ දොමනස්සයන්ගෙන් පිරි සංසාර දුකෙන් නිදහස් වීමට කටයුතු කරන ලෙස බුදුරදුන්
අවසාන වශයෙන් ඉල්ලා සිටී බව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන් ද අනාවරණය වේ.
මෙහිදී සාධු ජනතාවට අප්‍රමාදයේ මෙලොව පරලොව සාධනීය ගුණය තිව්ර වන බව පැහැදිලි ය.
බුදු දහමේ පෙන්වා දී ඇති ලාමක ධර්ම අතරට ප්‍රමාදය ද අයත් වේ. ලෝභය, ද්වේෂය, මෝහය
ආදිය ලාමක ධර්ම වලට අයත් වේ. එසේ නම්, අප්‍රමාදය අයත් වන්නේ අලාමක ධර්මයක් ලෙසටය.
මදය , ප්‍රමාදය ආදී සෙසු ලාමක ධර්ම නිසා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික
මාර්ගය අප අතරින් ඈතට ගමන් කරයි. එය මෙලෙව පරලොව සසර ගමනට බාධාවකි. ප්‍රමාදය වෙනුවට
අප්‍රමාද ආදී අලාමක ධර්මතාවලට අනුව කටයුතු කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට මනා
පිටිවහලක් උදාවන බව මජ්ක්‍ධිම නිකායේ ධම්ම දායාද සූත්‍රයෙන් ද අනාවරණය වේ. කාමච්ඡන්
ද , ව්‍යාපාද, ථීනමිද්ධ , උද්ධච්ච, කුක්කුච්ච සහ විචිකිච්ඡා යනුවෙන් නිවන් මඟ
අවුරාලන ධර්මතා පහක් බුදු දහමේ ඉගැන් වේ. මේවා දුරු කරගැනීමට උපයෝගී වන්නේ
අප්‍රමාදී ව කුසල ධර්ම සම්පාදනයෙනි. ප්‍රමාදී පුද්ගලයා පංචනීවරණ ධර්මවල ගොදුරක් බවට
පත්වන බව මජ්ක්‍ධිම නිකායේ සුභ සූත්‍රයෙන් ද අනාවරණය වේ. පංච නීවරණ යනු දෙලොව
පිරිහෙන නිවන් මග වසාලන ප්‍රබල කෙලෙස් පහකි.
දිනක් බුදුරදුන් කොසොල් මහ රජතුමා හමු වූ අවස්ථාවේ අප්‍රමාදයේ අගය රජුට පැහැදිලි
කළසේක. යම් දහමක් මෙලොව සහ පරලොව අභිවෘද්ධිය යන දෙලොව අභිවෘද්ධිය සලසන්නේ නම්, ඒ
එකම දෙය අප්‍රමාදය පමණි. ඇවිදින ප්‍රාණීන්ගේ පිය සටහන් සියල්ල ඇතාගේ පා සටහන තුළට
ඇතුළත් වීමට හැකි වේ ද . හස්ති රාජයාගේ පා සටහන අග්‍ර බවට පත්වේද එපරිදි අප්‍රමාදය
ද එලෙස සියලු ධර්මතා අතර අග්‍රස්ථානයට පත්වන බව සංයුක්ත නිකායේ අප්‍රමාද සූත්‍රයේ
සඳහන් වේ.
යම් ධර්මතාවයක් ඉමහත් අනර්ථය පිණිස මෙලොව - පරලොව පරිහානිය පිණිස ඉවහල් වේ නම්, ඒ
එකම ධර්මය ප්‍රමාදය නම් වේ. ප්‍රමාදය මහත් අනර්ථය පිණිස අවැඩ පිණිස පවතින්නේ ය.
යමක් මෙසේ ඉමහත් අනර්ථය පිණිස , මෙලොව පරලොව සුබසිද්ධිය දියුණුව පිණිස පවත්නේ ද
අප්‍රමාදය තරම් ඒ එකම ධර්මයක්වත් ලොව නොමැති ය. අප්‍රමාදය එසේ මහත් අර්ථය පිණිස හිත
වැඩ පිණිස පවතින එකම ධර්මතාවය බව අංගුත්තර නිකායේ පමාද වර්ගයේ සඳහන් වේ. මෙම කරුණු
වලින් ද ඉහත සඳහන් ප්‍රස්තුතය මැනවින් අවධාරණය කර ඇත. ප්‍රමාදයේ දෝෂ නිර්මාණය වන
තරමට අප්‍රමාදී ගුණය ආලෝකමත් වේ. අප්‍රමාදය ජීවිතය එළියකරන මහා ප්‍රදීපයකි.
ප්‍රමාදය ගනදුර වැන්න.
කාය , දුශ්චරිතය දුරුකිරීමටත් කාය සුචරිතය වර්ධනයටත් වාග් දුෂ්චරිතය දුරුකිරීමට
වාග් සුචරිතය වර්ධනයටත් මනෝ දුෂ්චරිතය දුරුකිරීමටත්, මනෝ සුචරිතය වර්ධනයටත්
ඉවහල්වන්නේ අප්පමාදී කුසලතාවයි. මිථ්‍යා දෘෂ්ටිය දුරලා සම්මා දිට්ඨීය දියුණු
කරගැනීමට ද අප්‍රමාදීව කි‍්‍රයාකිරීමේ වැදගත්කම අංගුත්තර නිකායේ අප්‍රමාද සූත්‍රයේ
අවධාරණය කර ඇත.
මේ අනුව අප්‍රමාදී ව කි‍්‍රයා කර මෙලොව සහ පරලොව ජය ලබාගැනීමට සැම දෙනාම අධිෂ්ඨාන
කර ගත යුතු ය.
හේමමාලා රන්දුනු |