ලංකාවේ
බෞද්ධ ස්ථූප
බෞද්ධ විහාරස්ථානයක ඇති විහාරාංග අතර මුල් තැන හිමිවන්නේ ස්ථූපයටයි. අනෙකුත්
විහාරාංග වන බෝධීන් වහන්සේ හා බුදු මැදුරට ප්‍රථම වන්දනා කරනු ලබන්නේ ස්ථූපය හෙවත්
චෛත්‍යයටයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් වන්දනා කරන්නන් විසින් එසේ
පළමුව වන්දනා කරනු ලබයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් නොකළ ද එසේ පළමුවෙන් චෛත්‍යයට
වන්දනා කිරිම බෞද්ධ ජනයාගේ සිරිතකි.
ද්‍රෝණ බමුණා විසින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෙදන ලද සර්වඥ ධාතූන්
වහන්සේලා ලබාගත් රජවරුන් විසින් ඒ ඒ ප්‍රදේශවල සර්වඥධාතු තැන්පත්කොට චෛත්‍යයන් තනවන
ලදී. චෛත්‍ය වන්දනාව ඉතාම ජනපි‍්‍රය ව පැවැති යුගයක් ලෙස ධර්මාශෝක රාජ්‍ය සමය සඳහන්
වේ.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව ඇරැඹි ශී‍්‍ර ලංකාවේ ස්ථූප නිර්මාණය අප
රටට ආවේණික ලෙස විවිධ වෙනස්කම් සහිත ව විකාශය වූ බව දැක්වේ. මිහිඳු මහරහතන් වහන්සේ
බුදු දහම රැගෙන ඒමෙන් පසු තනවන ලද ශී‍්‍ර ලංකාවේ ඓතිහාසික වශයෙන් පැරැණිම චෛත්‍ය
ථූපාරාමය යි. ථූපාරාමය තනවන ලද්දේ එකල ලක් දෙරණ රජ කළ දේවානම් පියතිස්ස රජතුමා
විසිනි. ඓතිහාසික වැදගත්කම අනුව ථූපාරාමය පැරැණි වූව ද, මහියංගනය දාගැබ හා ගිරිහඩු
සෑය ඊට බොහෝ කලකට පෙර තනවන්නට ඇතැයි විශ්වාසයක් ද පවතී. එහෙත් පුරා විද්‍යාත්මක ව ඒ
බැව් සනාථ වී නොමැත.
ඉන් පසු උත්තිය රජතුමා විසින් මිහින්තලේ අම්බස්ථල චෛත්‍ය කරවන ලදී. දුටුගැමුණු
රජතුමා තැන වූ රුවන්මැලි මහා සෑයෙන් මහා ථූප තැනීමේ ආරම්භය සිදු වූ බව සැලකේ. වැඩිම
සර්වඥ ධාතූන් වහන්සේ, එනම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේ තැන්පත් කොට තැනවීම නිසා
රුවන්මැලි සෑය මහා සෑය නමින් ද හඳුන්වයි.
පසු කාලයේ දී චෛත්‍යයන්ට අදාළ විවිධ අංග වඩාත් අලංකාර අයුරින් තනවන ලදී. එනම්
වාහල්කඩ, පේසා වළලු, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොරවක්ගල සහ සඳකඩ
පහණයි. ඒවා ද වරින් වර වෙනස්වීම්වලට ලක්විය. කනිට්ඨතිස්ස රජු අභයගිරිය චෛත්‍යයට
වාහල්කඩ සතරක් ද, ගජබා රජු විසින් පසුකාලීන ව ඊටම වාහල්කඩ සතරක් ද ඉදිකළ බව සෙල්
ලිපියක සදහන් වේ.
චෛත්‍යයක ඇති ප්‍රධාන අංගයන්ට යම්කිසි වූ අර්ථයක් ගැබ්වී ඇත.
පාදම -
අසූහාර දහසක් වූ ශී‍්‍ර සද්ධර්මස්කන්ධය යි.
පේසාවළලු - ති‍්‍රවිධරත්නය යි.
ගර්භය -
සත්තිස් බෝධි පාක්ෂික ධර්මය යි.
හතරැස්කොටුව -
චතුරාර්ය සත්‍යයයි.
දේවතා කොටුව - දිව්‍ය ලෝකයි.
කොත් කැරැල්ල -
නවාංග සත්ථු ශාසනය යි.
කොත - නිර්වාණයයි. මෙම චෛත්‍ය අංගයන්ට අමතරව තිබිය යුතු අංගයන් කිහිපයක් ද වේ. ඒ
සලපතල මළුව, වැලි මළුව, වැලි මළුවේ ප්‍රාකාරය, වාහල්කඩ, පාද ද්‍රෝණි, තොරණ,
කොරවක්ගල, හත්ථි ප්‍රකාරය, ථූපඝර, කැටයම් ආදී වශයෙනි. |