පාපයෙහි ආදීනව දකිමින්
සිත පාලනය කරගන්න
කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක
විහාරාධිකාරී
කථිකාචාර්ය
විතාරන්දෙණියේ මේධානන්ද හිමි
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී යන ශී‍්‍ර සද්ධර්ම දේශනාවට අනුව ධර්මයෙහි හැසිරෙන
පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම ඒ ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි.
අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පාරමී
දම් පූරණය කරමින් අවබෝධ කොට වදාළා වූ එම ධර්ම කාරණාව අපගේ ජීවිතයට ගලපා ගත යුත්තේ
කෙසේ ද ? යන්න පිළිබඳ ව අප විග්‍රහ කර ගත යුතු ය. අප සියලු දෙනාම ජීවිතය ජයගැනීමට
කැමැත්තෝ වෙමු. අප සියලු දෙනාම ජීවිතය සතුටින් ගත කිරීමට කැමැත්තෝ වෙමු. සැප
කැමැත්තෝ වෙමු. අපගේ ජීවිතය ජය ගත නොහැකි, ජීවිතයෙහි සතුට නැති කරන, කාරණය අප සොයා
ගත යුතු ය. මෙලොව පරලොව ජිවිතය හා බැඳී සියලුම ධර්ම කාරණාවන් උන්වහන්සේ විසින්
දේශනා කළ විවිධ සූත්‍ර දේශනාවන්හි සඳහන් ව ඇත.
මෙලොව හා පරලොව ජීවිතය සැපවත්ව ගතකිරීමට අපි සියලු දෙනාම
උත්සාහ කරන්නෙමු. බුදු දහම පරලොව ජීවිතය පමණක් ජයගැනීමට අදාළ වන දර්ශනයක් නොවන බව
අප පළමු කොටම අවබෝධ කර ගත යුතු ය. එම අවබෝධ කරගත්තා වූ ධර්මය විසින් ගොඩනඟාගත්
ධර්මානුකූල ජීවිතය තුළින් ඇතිකර ගනු ලබන ශික්ෂණය හා දියුණුව තුළ අප බලාපොරොත්තු
වන්නා වූ සාදාකාලික සැනසීම ළඟා කරගැනීමට උපකාරී වේ.
ඒ අනුව ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ඒකාන්ත වශයෙන් ම ඒ ධර්මය විසින් ආරක්ෂා කරනවා
යනු, ඔහු යහපත් වූ නිවැරැදි වූ පුද්ගලයකු බවයි. ඔහු කරදර පීඩාවන්ගෙන් තොර වූ, සමාජය
විසින් ගරු කරනු ලබන පුද්ගලයකු වෙයි. ඔහු සත්‍යය වාදියකු වෙයි. ධාර්මික පුද්ගලයෙකු
වෙයි. ධර්මයෙහි හැසිරිය යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආදර්ශවත්
සම්බුදු චරිතය තුළින් ද, සූත්‍ර දේශනා තුළින් ද පැහැදිලි කර ඇත. කුමන ආගමකට අයත්
පුද්ගලයකු වුවත් , ප්‍රාණඝාතයෙන් පළමු කොටම වැළකිය යුතු ය. තමා ජීවිතයට ආදරය කරන්නා
සේ ම, අන් සත්ත්වයා ද තමාගේ ජීවිතය සැපවත්ව, කරදරයකින් තොරව ගත කිරීමට කැමැත්තෝ
වෙති.
තමාගේ පණට ආදරය කරන්නා සේ ම අන් සත්ත්වයෝ ද ඔවුන්ගේ ජීවිතයට ආදරය කරති. එබැවින්
අනෙකාගේ ජීවිතයට ගරු කළ යුතු ය. එවිට පුද්ගල ජීවිතය තර්ජනයකට ලක් නොවේ. එබඳු
පුද්ගලයෝ ජීවත් වන සමාජය පවා සැනසිලිදායක වේ.
සත්ත්ව ඝාතනය හෝ පුද්ගල ඝාතනය කරනු ලබන පුද්ගලයා යහපත් සමාජයට පීඩාවකි. යහපත් සමාජ
පැවැත්මට විනාශකාරී පුද්ගලයෙකි.ප්‍රාණඝාත අකුසලය ධර්මය සමාජයෙහි නො රැඳෙන බරපතළ
කාරණාවක් ද වනු ඇත. එබැවින් ධර්මය තුළ හැසිරෙන පුද්ගලයකුගේ පළමු ලක්ෂණය නම්, සියලු
සත්ත්වයාට ආදරය කරුණාව දැක්වීම ය. සබ්බේ තසන්ති දණ්ඩස්ස සියලු සත්ත්වයෝ දඬුවමට බිය
වෙති. සියලු සත්ත්වයෝ ජීවිතයට පි‍්‍රය වෙති. සංසාරික වශයෙන් වුව ද, අප මනුෂ්‍ය
භවයක් ලබා අත්තේ ද, ප්‍රාණඝාතනය නමැති අකුසල කර්මයෙන් වැළකී සිටි හෙයිනි. සුගති
ලෝකය ලෙස බුදු දහම අර්ථ ගන්වා ඇත්තේ ද මනුෂ්‍ය ලෝකය යි.
නරකාදිය , තිරිසන් ලෝක , ප්‍රේත ලෝක . අසුර ලෝක යන ස්ථාන දුර්වල ගති සහිත පුද්ගලයන්
උප්පත්තිය ලබන දුගති ලෙස ධර්මයෙහි සඳහන් වේ. උසස් මනසක් සහිත සත්ත්වයෝ පංච
දුෂ්චරිතයෙන් මිදුණෝ වෙති. සත්ත්ව ඝාතනය කරන පුද්ගලයාගේ මනස දුර්වල ය. අන්‍යයාගේ
ජීවිතය ආරක්ෂා කරන උසස් මනසක් සහිත පුද්ගලයෝ මනුෂ්‍ය හෝ දිව්‍ය ලෝකවල උප්පත්තිය
ලබති. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ලෝභ, ද්වේෂ, මෝහ යන සියලු කෙලෙස් ප්‍රහීණ කරමින්
මෙලොව පරලොව ජීවිතය ජය ගනිමින් නිවන සාක්ෂාත් කරගැනීමේ හැකියාව ලැබීම ය.
යම් රටක රාජ්‍ය නායකයකු ජනතාවට ආදරය කරයි නම්, රටේ ජනතාව ඝාතනය වීමට හෝ ඝාතනය
කිරීමට ඉඩ තබන්නේ නැත. එය පංච සීල ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලබන ධාර්මික නායකයකු
සතු ගුණයකි. පුද්ගල ජීවිතය පමණක් නොව සතා සිවුපාවාගේ ජීවිතය පවා ආරක්ෂා කළ යුතු ය.
යම් පුද්ගලයකු විසින් දෑතේ වීර්යයෙන්, දහදිය වගුරවමින් , උට්ඨාන වීර්යයෙන් වෙහෙස
මහන්සියෙන් උපයා සපයා ගත් වස්තුව තවකෙකු විසින් සොරාගනු ලබන්නේ නම්, ඔහු විශාල
කඩාවැටීමකට හේතු වේ. තවත් පුද්ගලයකු විසින් එබඳු ආකාරයෙන් යමක් පැහැර ගැනීමේ දී
ඔහුට කෙතරම් දුකක් ශෝකයක් උපදී ද? එබැවින් නොදුන් දේ නොගත යුතු ය. ධර්මයෙහි හැසිරෙන
පුද්ගලයා අන්‍යයාගේ වස්තුව පැහැර නොගනී.
පුද්ගලයකු ගේ දෙයක් සොරකම් නොකරන ධර්මතාවය තමන් ආරක්ෂා කරන විට එවැනි සමාජයක්
ධර්මානුකූල වේ. එවැනි රටක් ද ධර්මානුකූ ල වේ. සන්තුට්ඨි පරමං ධනං යන ලද දෙයින්
සතුටු වන කාරණය ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා තුළ දක්නට ලැබේ. ධර්මානුකූලව ජීවත් වන
පුද්ගලයාගේ ධනය සතුටයි. එම ධනය කිසිවෙකුටත් සොරාගත නොහැකි ය. පසුගිය දශක ය තුළ අප
රට තුළින් පැහැදිලි වූ යේ ද ඉහළ පෙළ සිට පහළ පෙළ දක්වා ජනතාව සතු දේ හෝ අන්සතු දේ
තවත් පිරිසක් විසින් වංචා සගහත ලෙස පරිහරණය කිරීමකි. එය ධාර්මික සමාජයක් තුළ සිදු
නොවුවකි. එය සමාජ ප්‍රගමනයට ද විශාල හානියක් බව අවබෝධ කර ගත යුතු ය.
යම්කිසි සමාජයක ආධ්‍යාත්මික ව ධර්මානුකූල ව ජීවත් වන පුද්ගලයකු ලබන දියුණුව නම්,
අසීමිත ආසාවන්ගෙන් පිරුණු පුද්ගලයෙකු නොවීම ය. කාමයෙහි වරදවා හැසිරීම අධර්මකාමී
පුද්ගලයාගේ ලක්ෂණයකි. කාමය පිළිබඳ නිවැරැදි දැක්මක් ඇති පුද්ගලයා ධර්මානුකූල
පුද්ගලයකු වේ.
අසීමිත ආසාවන් පසුපස ලුහුබඳීන ඇතැම් පුද්ගලයන් තමා ගේ ජීවිතය පවා අහිමි කරගන්නා
අවස්ථා ද, අනෙකාගේ ජීවිත විනාශ කරන ආකාරය ද සමාජය තුළ කොතෙකුත් වාර්තා වේ. ධර්මයෙහි
හැසිරෙන පුද්ගලයා අන් සැපතට ආසා කරමින් ඊර්ෂ්‍යාය සහගත පුද්ගලයකු බවට පත් නොවේ.
තමනට ලද පමණින් සතුටට පත්වන ඔහු ධර්මානුකූල ව ජීවිතයේ යථා ස්වභාවය දකී.
ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා සත්‍යවා දී වචනය ම භාවිත කරයි. කිසිවිටෙකවත් බොරුව කේළම
, හිස් වචන පරිහරණය නොකරන එබඳු පුද්ගලයාගේ සීලයෙහි දියුණුවක් ඇති වේ. ධාර්මික
සමාජයක් බිහි කිරීමට නම්, බොරුව සඳහා දඩුවම පමණක් ප්‍රමාණවත් නොවේ. එනම්, එහි ආදීනව
පිළිබඳව අවබෝධ කරගත යුතු ය. අසත්‍ය වචනයක් තුළින් යම් පුද්ගලයකු අපහසුතාවයට පත්කොට
සතුටක් ලබනවා නම්, තමා ආධ්‍යාත්මික වශයෙන් පරිහානියට පත් වේ. ධර්මය අවබෝධ කොටගත්,
ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා අසත්‍ය වචන ප්‍රකාශ කරමින් සතර අපායට පත්වීමට අවස්ථාව
උදා කරගන්නේ නැත.
මත්වතුර , මත්ද්‍රව්‍ය පරිහරණය කරන පුද්ගලයා ධර්මයෙන් දුරස් වේ. තාවකාලික ව ලබන
සතුට දීර්ඝ කාලීන දුකක් බවට පත්වන්නේ නම්, එහි ආදීනවයන් දෙස බලා සිත පාලනය කරගත
යුතු ය. එය දැකිය හැකි වන්නේ ද ධර්මානුකූල ඇසකික් පමණි. ආස්වාදයට නැඹුරුවන පුද්ගලයා
ආසාවන් පසුපස ලුහුබඳීනවා මිස ආදීනවයන් පිළිබඳව සිතන්නේ නැත. මොහොතකින් ලබන ආස්වාදය
හේතුකොට ගෙන දීර්ඝ කාලීන දුකක් බවට පත්වෙනවා නම්,
ඒ ආදීනවයන් දෙස බලමින් ධර්මානුකූල ව සිත සකස්කර ගත යුතු ය. මොහොතකදී ලබන ආස්වාදයෙන්
දුරස් විය යුතුය. ධර්මයෙහි හැසිරීමෙහි වැදගත්කම සමාජගත කළ යුතු ය. ඔහු ධර්මානුකූල ව
හැසිරීමට පෙළඹීමෙන් මෙලොව පරලොව ජීවිතය සැපවත් ව ගත කරයි. ධර්මයෙහි හැසිරෙන
ධර්මානුකූල පිරිසක් බවට පත්කිරීමට නම්, යහපත් පුරුදු ඇතකර ගත යුතු ය. සැපවත්
ජීවිතයක් ගත කිරීමට නම්, බොහෝ දේ පිළිබඳව ධර්මානුකූල ව සිතීමට පෙළඹිය යුතු ය.
ධර්මානුකූල ව සිතන ධර්මයෙහි හැසිරෙන යහපත් පුද්ගලයකු බවට පත්වීමෙන් අන්තවාදයෙන්
ම්ලේච්ජත්වයෙන් තොර මනුෂ්‍යත්වයෙන් පිරුණු සමාජයක් නිර්මාණය කර ගත හැකි ය. ඒ අනුව
ධර්මයෙන් දුරස් නොවී ධර්මය තුළට ම නතු වීමෙන් ගොඩනැඟෙන සිතිවිලිතුළින් සසර දුකින්
එතෙර වීමට අවශ්‍ය කරන යහපැවැත්ම ඇතිකර ගැනීම තුළ සසර දුක නිමා කර නිවන කරා ළඟා
විය හැකි ය.
- හේමමාලා රන්දුනු |