Print this Article


සදහම් අරණ

තෙරුවන්

තෙරුවන නම් බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නයයි. මෙම උතුම් වස්තුන් ත්‍රිත්වය ත්‍රිවිධ රත්නය, තුනුරුවන යන නම්වලින් හැඳින්වෙයි. මෙම වස්තූන්ට “රත්නය” යන වචනය යෙදීමට හේතු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. පළමුව විසිතුරු බවයි. බුදුරජාණන් වහන්සේ ගැන සලකන විට දී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් විසිතුරුය. උන්වහන්සේගේ ඥානය මෙන් ම අවබෝධ කරගත් ධර්මය ද, සංඝ රත්නය ද විසිතුරුය. දෙවැන්න ඉතා අගනා බවයි. මේ ලෝකයේ හෝ වෙනත් ලෝකයක යම් වස්තුවක් තිබුණ ද තුනුරුවන තරම් ඒ කිසිවක් නොවටී. කිසිදු දෙයකට සමාන නොවන යන අදහස තෙවැන්නයි. තමන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරගෙන වදාළ ධර්මය ද , ඒ මඟ යන ආර්ය මහා සංඝයා ද එසේම ය. බුද්ධොත්පාද කාලයක් පහළ වන්නේ ඉතා කලාතුරකිනි. බුදු කෙනෙකුන් පහළ වුවහොත් පමණක් ධර්මය පහළ වන අතර එයින් සංඝරත්නය පහළ වෙයි. හතර වැන්න එයයි.

පස්වැන්න නම් උසස් පුද්ගලයන් පරිහරණය කිරීම යන අදහසයි.

****

පර පණ නොනසමු

පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන පාඨයේ තේරුම වන්නේ පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි යන්නයි. පරපණ නැසීම යනු අනුන්ගේ ජීවිතයක් විනාශ කිරීමයි. සමහරු සතුන් මැරීම විනෝදාංශයක් කරගනෙ ඇත. ඔවුන් නො දන්නවා වෙන්නට පුළුවනි. එය විශාල පාප ක්‍රියාවක් බව එක් අවස්ථාවක ළමුන් විසින් ගල් මුල්වලින් ගසමින් ගැරඩියෙකුට හිංසා කරනු දුටු බුදුරදුන් එය නොකරන ලෙස ළමුන්ට අවවාද දුන් සේක.

****

සුරපුරකි මව් රට

මහාවැව් විල් පොකුණු සදවා
මහා ගල් කැටයමට හරවා
ලොවේ ලක්දිව එකලු කරනට
යෝධ නිරිඳුන් විරිය දැරුවා

මගේ මව්බිම අලංකෘත කර
කුඹුරු කෙත්වතු සාරවත් කර
සමනොළ ගිරි හිසින් පහළට
මහා ගංඟා පාර හැදුවා

රැඳී සිටිමින් දෙව් විමානෙක
අකුරු කරමින් පුංචි කොළයක
ලොවේ සුන්දර මුතු ඇටය ගැන
පුංචියට පද දෙකක් ගෙතුවා

****

පරිසරය සුරකිමු

පරිසරය යනු අප අවට ඇති ගස් හා වැල් ය. ඒ වගේම සතුන් ය. පරිසරය සුරකීමට පුංචි අපටත් දායක විය හැක. පැළයක් සිටුවා එය නිසි ලෙස නඩත්තු කිරීමට පුංචි කල පටන් ම පුරුදු විය යුතු හොඳ ගුණාංගයකි. අපට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ ද, මේ මිනිසුන් විනාශ කරන පරිසරයෙනි. පරිසරය සුරකීමට අපට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැක. ඒ අතරින් තම උපන්දිනයන් සැමරීම සඳහා අපට වටිනා පැළයක් සිටුවා පරිසරය සුරකීමට පුංචි අපට දායක විය හැක. පරිසරය මගේ ජීවය යි.

****

ගුරු උපහාර

සිසු කැළැ වෙත දිදී නිතරම අවවාද
ගුරු කැළ වෙත නොමැත කිසි විට අවලාද
නැති කල බොහෝ සිසු කැලකගේ මතභේද
ජීවය ස්වර්ණනම් ගුරු වඳිනෙමි පාද

සෝභිත නමින් ගම් පියසම එළිය කල
පාසල දහම් බබළයි මෙහි සියලු කල
සුවහස් සිසු කැලගෙ ජීවිත එළිය කළ
මේ වැනි ගුරුන් උපදීවා සියලු කල

බාධක ඇතත් නැණ නුවණින් ජය ගන්නේ
සිසු නැණ වඩන්නයි නිතරම වෙහෙසෙන්නේ
බුදු දම රකින මේ වැනි ගුරු උතුමන්නේ
පායුග වඳින්නයි නැවතත් සිත් දෙන්නේ

වෙහෙසුන නිසා මගෙ දෑසත් පාදන්න
ගුරු පිය නිරෝගීමත්ව ම වැජඹෙන්න
අවසර දෙන්න උපහාරය නවතන්න
මාගෙන් පිදෙන තුති මල් මිට පිළිගන්න

****

අපේ දහම් පාසල

සම්බුදු පහස ලත් පුද බිම කතරගම
ලොවේ පතල දෙව් නිජබිම කතරගම
යාල වන පියස මායිම කතරගම
අපේ බෝධිරාජ දම් පාසල කතරගම

විහාර අධිපති රතනාලංකාර හිමි විදුහල්පති වන්නේ
ගුරු මණ්ඩලේ කැපවීමෙන් අපේ දම් ගුණදම් සපුරන්නේ
සියය ඉක්මවූ සොයුරු සොයුරියන් සිප් හල බබළන්නේ
දම්පාසල් තරඟ ඉසව් ජය ලැබ අප සැනසෙන්නේ

රට දැය සමයෙ ඉදිරියෙ තිර බල මුලුව
සමාජ මොහඳුර දුරලන පහනේ ගිනිසිළුව
සව් සත සෙත පරිසරයට කරුණා මෙත් හුරුකෙරුව
සැම කල් දිනේවා දම් පාසල් අපේ දම් මව

****

රාහුල පොඩි හාමුදුරුවෝ

රාහුල කුමරු උපන් දිනයේම සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් වහන්සේ ගිහි ගෙය හැරදා ගියහ. යළි උන්වහන්සේ කිඹුල්වත්පුර රජ මාළිගයට වැඩියේ බුද්ධත්වය ලැබීමෙන් පසුව ය. ඒ වන විට පුංචි රාහුල කුමරුගේ වයස අවුරුදු හතකි. බුදුරදුන් සමීපයට ගිය රහල්කුමරු බුදු හිමිගේ දෑතෙහි එල්ලී උන්වහන්සේ හා විහාරයට ගිය රාහුල කුමරු පසුව පැවිදි බව ලැබීය. පුංචි රාහුල හිමි කීකරුය. නිරතුරු ගුරුවරුන්ගේ අවවාදයන්ට ගරු කළහ. ශික්ෂාකාමී ය. දිනක් බුදුහිමි රාහුල හිමි වැඩ සිටි කුටියට වැඩියහ. දුර සිට බුදු හිමි වඩිනා බව දුටු රාහුල හිමි බුදු පා දෝවනයට පැන් තැබූහ. කුටිය වෙත වැඩි බුදු හිමි පා දෝවනයෙන් පසු පනවා තිබූ අසුනේ වැඩ හිඳි පුංචි රහල් හිමියන් මෙලෙස අසන්නට විය. “රාහුලය කැඩපතින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ස්වාමීනි එය අවශ්‍ය වනුයේ තමා විමසා බලන්නටය. රාහුල ඔබ නිවැරැදි ය. රාහුල එසේම ඔබ යම් ක්‍රියාවක් කරයි ද , වචනයෙන් යමක් කියයි ද, සිතින් යමක් සිතයි ද, ඒ හැම විටම වඩාත් පරික්ෂාවෙන් යළි යළිත් සොයා බලා ඒවා කළ යුතු ය.

****

සාලිකේදාර ජාතකය

****

සුන්දර ගම්මානය