Print this Article


සදහම් අරණ

අනුබුදු මිහිඳු හිමි

මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවන ධර්ම සංගායනාව පැවැත්වූ අතර ලක්දිවට වැඩමකර බුදු සසුන පිහිටුවන ලෙස මිහිඳු මාහිමියන්ගේ උපාධ්‍යායන් වහන්සේ මොග්ගලීපුත්ත තිස්ස හිමි හා මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටිය හ. මිහිඳු හිමි තම ධර්මදූත පිරිස වන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල තෙරවරු හා සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක කැටිව මිස්සක පව්වට වැඩම කළහ.

මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සිදු වූයේ පොසොන් මස පුර පසළොස්වක දිනකදී ය. ලංකාවට වඩින විට මිහිඳු මා හිමියන් වහන්සේ දෙතිස් වියේ සිටි තරුණ හිමිනම කි. උන්වහන්සේ පුරා අවුරුදු 80 ක් ආයු වළඳා චේතිය ගිරියෙහි වස් විසූ සමයෙහි පිරිනිවන් පෑ සේක.

****

අම්මා

දස මසක් කුසේ දරා සිට අම්මා මා මෙලොවට බිහි කළා ය. රතු ලේ කිරි කර පොවා මා පෝෂණය කළා ය. පිරිසුදු කර මා හදා වඩා ගත්තා ය. රෝගී වූ විට දිවා රෑ නොබලා මා අසලින් ඈත් නොවී සුවවන තෙක් ම මා බලා ගත්තා ය. මලක් මෙන් මා රැක බලා ගත්තා ය. නිතර හැඩ වැඩ කළා ය. පොත්පත්වල ඇති දේ තේරුම් කර ඉගෙනීමට මා දිරි ගැන්වූවා ය. අම්මාගේ ලොකුම බලාපොරොත්තුව මා යහපත් පුරවැසියකු වනු දැකීමයි.

****

අට ලෝ දහම

ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, දුක, සැප මේ ලෝකවාසී සියලුම මනුෂ්‍යයනට මුහුණ පෑමට සිදුවන ධර්මතා අටකි. නොවැළක්විය හැකි නම් මේ ධර්මතා කිසිදු මිනිස් කොට්ඨාසයක් වශයෙන් විශේෂත්වයක් නො ගනී. දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, උසස් පහත්, බාල මහලු සෑම මනුෂ්‍යයෙකුටම මේ ධර්මතාවයනට මුහුණ දීමට සිදු වේ.

ඒ පොදු ධර්මතා උපේක්ෂාවෙන් වැළඳ ගත යුතු ය. උද්දාමයට හෝ කකම්පාවට පත් නොවී ඉවසීමෙන් නො සැලෙන මනසින් බුද්ධිමත් ව විඳ දරා ගත යුතු ය. බුදු වදන අනුව සදාතනික අටලෝ දහම ම අනිත්‍යයි.මේ සදාතනික අටලෝ දහමට යටත්ව සිටින අප කම්පා වීමෙන්, ශෝක වීමෙන් තොරව ධෛර්යමත් වීමත්, නිහතමානී වීමත් ජීවිතයට හුරු කර ගැනීමෙන් ඕනෑම අභියෝගයක් ජයගෙන හිත ඒකාග්‍රතාවයෙන් පවත්වා ගත හැකි ය.

****

සාරිපුත්ත මහරහතන් වහන්සේ

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම අතරින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කළ නම උපතිස්ස ය. ඔහුගේ මවගේ නම සාරි නම් බැමිණිය විය. මොහුගේ හොඳම මිතුරාගේ නම කෝලිත විය. මොවුන් දෙදෙනා දිනක් නගරයේ පැවැති ‘ගිරග්ග සමජ්ජ’ නම් සැණ කෙළිය නරඹා මේ මනුෂ්‍ය භවයේ ඉපදී, නටමින්, ගයමින්, කාමයේ ඇලී ගැලී සිටීමෙන් කළ කිරී සංජය පරිබ්‍රාජකයා ළඟ පැවිදි විය. ඔහු ළඟ තමා සෙවු ධර්මය සම්පූර්ණ නොවීම නිසා වෙන වෙනම සත්‍ය සොයා ගියේ ය. බුදුරදුන්ගේ ශාසනයේ පැවිදිව අගසව් තනතුරු ලැබුහ.

****

දහම් පාසල

මගේ දහම් පාසල ශ්‍රී ගුණානන්ද දහම් පාසලයි. එය සුන්දර ගම්මානයක් වන මැදගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත. මගේ දහම් පාසලේ ගුරුභවතුන් දොළොස් දෙනෙක් පමණ සිටිති. මගේ දහම් පාසල ඉතා අලංකාරවත් කෙත් යායකින් සහ අසිරිමත් දිය දහරාවකින් මැදි වී තිබේ. ‘ගුණවත්’ යනු සාරධර්ම හෙවත් හොඳ ගතිගුණයි, නැණවත් යනු නුවණ බුද්ධිය වැඩවීමයි. මෙම ගති ලක්ෂණ දෙකෙන් ම පරිපූර්ණ සිසු පිරිසක් අපේ ගුරුභවතුන් දහම් පාසලෙන් බිහි කර ඇත.. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන ආකාර ය, පන්සිල් පද පහේ සිටම අපට උගන්වා ඇත. මෙවන් සමාජයකට අපේ දහම් පාසල අගනා සම්පතකි.

****

මගේ පාසල

මගේ පාසල මියුසියස් විදුහලයි. එය ආරම්භ කළ සුදු අම්මා මාරි මියුසියස් හිඟින්ස් මැතිනියයි. පාසල සෑදීමට ඉඩම පරිත්‍යාග කළේ පීටර් ද අබෛ මැතිතුමා ය. එය මුලින්ම සාදා නිම කළේ කටුමැටි ගෙයක් ලෙස ය. ළමයින් දොළොස් දෙනෙකුගෙන් පටන් ගත්තේ ය. මියුසියස් විදුහලේ අතීත නිල ඇඳුම වූයේ ළමා සාරියයි. එය බෞද්ධ කාන්තා විදුහලක් ලෙසයි පටන් ගත්තේ. මගේ පාසලේ වත්මන් විදුහල්පතිනිය නෙළුම් සේනාධීර මැතිනියයි. මම මගේ පාසලට ගොඩක් ආදරෙයි.

****

බුදු හාමුදුරුවෝ

****

ස්ථූපයක්