[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අත හැරීම වෙනුවට අල්ලා ගැනීම

අත හැරීම වෙනුවට අල්ලා ගැනීම

"කාලානුරූපව සිදුවූ වෙනස්වීම නිසා බුදු දහමින් දක්වා ඇති සරල බව ගිලිහී ගොස් අප විසින් අනුගමනය කළ යුතු දහම් කරුණු වෙනුවට බුදු දහමින් දක්වා ඇති අනුගමනය නොකළ යුතු බැහැර කළ යුතු කරුණු කෙරෙහි බෞද්ධයන් අවධානය යොමු වී ඇති අයුරු අපට දැකිය හැකිය."

ප්‍රශ්නවලට මුහුණ දීමත් ඒවා නිරවුල් කර ගැනීමත් පුද්ගලයාට පැවරෙන කාර්යයකි. බුදු දහමින් පුද්ගලයාට ඒ සඳහා මාර්ගෝපදේශකත්වය සපයයි. බුදු දහමේ මූලික ඉගැන්වීමක් වූ පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කිරීමේ අරමුණ, සත්වයාගේ සසර පිළිබඳ යථා තත්ත්වය විග්‍රහ හා සමාජගත ගැටලූ‍වල යථා තත්ත්වය විග්‍රහ කිරීම හා එමඟින් එම ගැටලූ‍ විසඳා ගැනීමට ජනතාව යොමු කිරීමය.

මෙහි ප්‍රධාන පරමාර්ථය සසර දුක නිවා ගැනීම වූවද සමාජගත ජීවිතයේ ගැටලූ‍ ද එමඟින් විසඳා ගැන්මට හැකි වේ. හේතුව ඇති විට ඵලය ද ඇති වෙයි. හේතුව ඇති වීමෙන් ඵලය හට ගනියි. හේතුව නැති විට ඵලය නොපවතී. හේතුව නැති වීමෙන් ඵලයද නැතිවෙයි. මෙය මුළු මහත් විශ්වයටම සනාතන ධර්මතාවයකි. උං උපයෝගී කර ගනිමින් පුද්ගල ප්‍රශ්න ද සමාජ ප්‍රශ්නද නිරවුල් ව දැකගැනීමේ අවස්ථාව සැලසෙයි.

කායික මානසික ශක්ති සංයෝගයේ සංකලනයක් වූ පුද්ගලයාටත්, පුද්ගල ඒකරාශීත්වයෙන් ගොඩ නැඟු‍ණු සමාජයටත් ගැටලූ‍ ඇති වෙයි. එම ගැටලූ‍වලට පිළියම් සෙවීම පුද්ගලයා සතු කාර්යයකි. එවිට විවිධ පිළිසරණ සොයා යෑමට සිදුවෙයි. ඒ සඳහා බුදු සමය පුද්ගලයාට පිහිට වන බව වියත්හු පවා පිළිගනිති.

ප්‍රශ්නයක් මතු වූ විට එය විග්‍රහ කොට නිරාකරණය කර ගැනීමේ ක්‍රමවත් විද්‍යාත්මක චින්තනය පිළිවෙළද බුදු සමය නිර්දේශකොට දක්වයි. විද්‍යාඥයෝ විද්‍යා ඤාණය තුළින් විවිධ පර්යේෂණ පවත්වති. බුදුවරු ලොව පහළවී ස්වකීය චින්තන ශක්තිය තුළින් ලොව ඇති සියල්ල පිළිබඳ යථා තත්ත්වාවබෝධය ලබා සියලූ‍ ගැටලූ‍ නිරාකරණය කර ගන්නා විධික්‍රමය මිනිසුන්ට කියා දෙති. එහි දී ලොව පවතින ගැටලූ‍ නමැති සියලූ‍ ඵල යම් යම් හේතූන් නිසාම හටගන්නා බව, අවධාරණය කර තිබේ. ඒ ප්‍රශ්නවල අදාළ වප්‍රස්තුත සොයා බලා ඒවා විභජනය කර, නිවැරැදිව දැක ගැනීම බුදුදහම, අගය කරයි. එවිට තත්ත්වාකාරයෙන් ඒවා දැක, ඒවාට පාදක වූ මූල නැතිකර ගැටලූ‍ විසඳා ගැනීමට අවස්ථාව සැලසෙයි.

කඳු මුදුනකින් ගලා එන එක් දිය බිඳුවකින් ඇරැඹෙන දිය කඩක් ක්‍රමිකව විකාශනය වීමේ දී සුවිශාල ගංගාවක් වෙයි. එසේම ලොව ජනිත වන සෑම බිළි‍ෙඳක්ම එක් පිවිතුරු නිර්මල සිතක් සහිතව උපත ලබයි. එම බිළිඳා ක්‍රමයෙන් වර්ධනය වනවාත් සමඟ සිත ද වර්ධනය වෙයි. පුද්ගලයා ක්‍රමයෙන් සමාජානුයෝජනය වූ විට සමාජය සමග ඒකාබද්ධ වෙයි.

එමඟින් පුද්ගල සුබවාදී බව හා අසුබවාදී බව ගොඩනැගෙයි. එය . ක්‍රියාකාරීත්වයේ  ස්වරූපයට අනුව සිදු වන්නකි. දුශ්චරිත පුද්ගලයා අපරිශුද්ධත්වයටත්, සුචරිත පුද්ගලයා පාරිශුද්ධත්වයටත් යොමු කරයි. පිරිසුදු බව හා අපිරිසුදු බව පවතිනුයේ තමා තුළම ය. ගැටලූ‍වලට විසඳුම්, පුද්ගලයා මූලික කරගෙනම ලබා දිය යුතු බව බුදු දහමේ විශ්වාසය යි. පුද්ගල ගැටලූ‍ ද, සමාජ ගැටලූ‍ ද එකිනෙක වෙලී පවතී. පුද්ගල ගැටලූ‍ විසඳීමෙන් සමාජ ගැටලූ‍ ද විසඳේ. මෙම සියලූ‍ ප්‍රශ්න ගොඩනැගෙනුයේ, මිනිස් මනසේ ය. ඉන් පසු ඒවාට විසඳුම් සොයනුයේ ද මිනිස් මනසින්ම ය. බුදු දහම නිරතුරුව මිනිස් මනස පාලනය කිරීමට, සංවර කර ගැනීමට උපදෙස් සපයයි. එමෙන්ම පෞද්ගලික ගැටලූ‍ විසඳීමට සුවිශාල පිටුබලයක් ලබා දෙයි. සමාජ ප්‍රශ්න ලෙස සලකනු ලබන්නේ වර්ණ භේදය, ජාති වාදය, ආගම්වාදය, දිළිඳුකම, විරැකියාව, පන්ති භේදය, යුද්ධය හා බලකාමය වැනිදේ ය. මේවා ශික්ෂණයෙන් තොර ක්‍රියාකාරකම් නිසා හටගත් ඒවා ය. ඒවාට විසඳුම් ගැන සෙවීමට පළමුව, ඒවා ඇති වීමට හේතු වූ මුල බීජ විමර්ශනය සිදු කළ යුතු ය. හේතු අනුව ඵල ඇති වන බවත්, පළමුව දත යුතු ය. ඒ ඇති බී ඇති වෙයි.

ඒ නැතිවිට කොයි අවස්ථාවක නමුත් බී නැති වෙයි. මේ ඒ, බී දෙදෙනා තාවකාලික අන්යෝඇන්ය සම්බන්ධතාවයකින් පවතී. මෙම සාපේක්ෂතාව, බුදු දහම සෑම ප්‍රශ්නයක් විසඳීම විෂයෙහිම උපයුක්ත කරගනී.

ප්‍රශ්නයක් නිරවුල් වී දැකීමට නම්, එහි ප්‍රස්තුතය ප්‍රාථමික අවශ්‍යතාය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ප්‍රාථමික අවශ්‍යතායි. ද්විතියිකව, එම ප්‍රශ්න  ලිහා ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය  වෙයි. පුද්ගලයා සමාජය සමග සම්බන්ධ වනුයේ පංචේන්ඬිං මඟිනි. ඇසට රූපයත්, කනට ශබ්දයත්, නාසයට ගඳ සුවඳත්, දිවට රසයත්, ශරීරයට ස්පර්ශයත් ලබා ගනියි. ඒ සෑම ඉන්ඬිංක්ම පංචකාම වස්තූන් සමඟ සබඳතා ගොඩනඟා ගනී.

එම සබඳතා සුබවාදී හෝ අසුබවාදී වනුයේ පවතින දැකීම අනුවය. ප්‍රශ්න පැනනැගීමට මුල් වනුයේ පවතින දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය තුළින් අවුල් සහිත බවත් සම්යයක් දෘෂ්ටිය තුළින් නිරවුල් බවත් ගොඩ නැගෙයි. එනිසා නිවැරැදි දැකීමෙන් එය විඤxඳැු කර ගැනීම තමා සතු වගකීමකි. ධර්මය නිරතුරුව පුද්ගලයා මෙහෙයවනුයේ ප්‍රශ්න නිරවුල් වන මාවතකට ය.

ලොව පවතින සෑම ප්‍රශ්නයක්ම දුක පදනම්ව පවතින්නකි. සියලූ‍ දුක් නිවා ගැනීමට හේතු ඵල ධර්මයම මඟ පෙන්වයි. යමෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගනීද හෙතෙම ධර්මය අවබෝධ කර ගනියි. යමෙක් ධර්මය අවබෝධ කර ගනියි ද හෙතෙම බුදුරජාණන් වහන්සේ දකියි. ධර්මය අවබෝධ වීමත්, බුදුරදුන් දැකීමත් සියලූ‍ ගැටලූ‍ කෙළවර වීමකි. ඒ සඳහා ගන්නා ක්‍රියා පිළිවෙත ද දිනෙන් දින ප්‍රශ්න අභිබවා ඉදිරියට සාර්ථකව පියමං කරන්නකි. ප්‍රශ්න නිරාකරණය වෙයි. මෙසේ පියවරෙන් පියවර ගමන් කිරීම, බෞද්ධ පිළිවෙතේ සුවිශේෂ ලක්ෂණයකි.

බුදු දහම සමාජය උපමා කොට දක්වන්නේ, පද්මයෙන් ගැවසී ගත් විලකටයි. විලෙහි විවිධාකාර පද්ම දැක ගත හැකි ය. එලෙසින්ම සමාජය, නමැති විලෙහි ද විවිධ චරිත නමැති පියුම් විකසිත වෙයි. විවිධාකාර පුද්ගල චරිත ඒකරාශී වී සමාජය ගොඩනැගෙයි.

එසේ ගොඩනැගෙන සමාජය පාරිශුද්ධ වන්නේ ද, අපරිශුද්ධ වන්නේ ද එහි සාමාජිකයන්ගේ. ප්‍රතික්‍ර්‍රියාකාරිත්වය මත ය. පුද්ගලයා යනු සමාජශීලී සත්වයෙකි, යන මතය, බුදු සමය ප්‍රතිකෂේප නොකරයි. එහිදී සන්තානගත සහ සංස්ථාගත දෙඅංශය කෙරෙහි බුදු දහම විමර්ශනශීලී වෙයි. සමාජ දුක නැති කිරීම පිළිබඳ බෞද්ධ මාර්ගය, පුද්ගල දුක නැති කිරීමේ මාර්ගය තුළින්ම වැටී ඇති අතර, පුද්ගල දුක නැති කිරීම පිළිබඳ බෞද්ධ මාර්ගය සමාජ දුක නැති කිරීම තුළින් වැටී ඇත. මේ නිසා පුද්ගලයාත් සමාජයත් අතර සම්බන්ධතාවක් පවතී යැයි බුදුදහම විශ්වාස කරයි. මෙම දෙඅංශය පිළිබඳ නිවැරැදි වැටහීමක් ලබා ගැනීමට නම් ඒ පිළිබඳ බුදු දහමේ ආකල්පය විමර්ශනය කිරීම, වැදගත් ය.

සමාජයේ සාමාජිකයිනුත් සමාජයත් ඉදිරියට නිර්මලව පවත්වාගෙන යාමට පෞද්ගලික චරිත පාරිශුද්ධිය ඇති කර ගත යුතු ය. අන් අයට ආදර්ශයක් ලබා දෙමින් සිය දිවියේ ගැටලූ‍ නිරාකරණය කරගෙන උත්තරීතර තත්ත්වයට එහි සාමාජිකයන් පියමං කිරීම ඉතා වැදගත් ය. බුදු හිමියන් ද ජීවිතයේ ලැබිය හැකි උතුම්ම සැපතට ළඟා වී ඒ අවස්ථාව සෙසු අයට ද ලබා දීමට උත්සාහ දැරූහ. බුදු සමිඳුන් සිය ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ ස්වකීය අභිමතාර්ථ සාධනය සඳහා නොවේ.

බොහෝ දෙනාට හිතසුව පිණිස ගම් නියම් ගම්වල චාරිකාවේ වැඩමකරවන ලෙස අනුදැන වදාරා තිබේ. එමඟින් එක් එක් පුද්ගලයාත් එසේ ඒකරාශී වූ සමස්ත සමාජයත් සුවපත් මාවතකට යොමු කරවූහ.

මිනිසා සමාජ සන්දර්භයක් තුළ තබා කතා කිරීමට බුදු සමය ප්‍රයත්න දරා ඇති බව, මෛත්‍රී භාවනා, සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්තු යන ධර්ම පරියායන්හි විස්තර වන ආකාරයට දැක ගත හැකි ය. පුද්ගලයා සමාජය සමඟ ක්‍රියා කරන විට සදාචාරයට හා නීතියට එකඟව ක්‍රියා කිරීම සෑම අංශයෙන්ම සුවදායක ය.

සදාචාරයෙන් ඉවත්ව නීතියට පටහැනිව ක්‍රියා කරන චරිතවලට ආගම සහ අධිකරණය යන ආයතන දෙක සුවිශාල සේවයක් ඉටු කරයි. පුද්ගල චරිතයත් සමාජ සංස්ථාවත් සදාචාරාත්මකව අර්ථවත් කිරීමට බුදු දහමේ පංචශීල ප්‍රතිපත්තිය උපයෝගී කරගත හැකි ය.

 

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]