Print this Article


ධර්මය තුළින් ජීවිතය දකිමු

ධර්මය තුළින් ජීවිතය දකිමු

"ජීවිත කාලයේ දී කොරෝනා වැනි භයානක වසංගතයශට අප මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. මේ සම්බන්ධයෙන් අප කිසිවෙකුට අත්දැකීමක් නැහැ. එනිසා අපෙන් තවත් කෙනෙකුට රෝගය බෝ වීම වැළැක්වීම අපගේ වගකීමක්. ඒ සදහා සමාජ දුරස්ථකරණය හෙවත් පුද්ගලයින් අතර දුරස්ව සිටීම රෝගය ව්‍යාප්ත නොවීමට ලොකු රුකුලක් වෙනවා"

අද ලෝකයම භීතියට පත් කර ඇති කොරෝනා රෝගය අපි මීට පෙර අත්දුටු රෝගයක් නොවෙයි. එය වසංගත රෝගයක්. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේත් මෙවැනි වසංගත රෝග පැතුරුණු බව අපි දන්නවා. මෙවැනි රෝග නිසා ගම් නියම් ගම් පිටින් ඒ ඒ ප්‍ර‍ෙද්ශවල මිනිස්සු බොහෝ පිරිසක් මරණයට පත්වුණා .

මීට වසර සියයකට පමණ කලින් 1918 සිට 1920 අතර කාලයදී ස්පාඤ්ඤ උණ‘ නමින් වසංගතයක් යුරෝපය පුරා පැතිර ගොස් තිබෙනවා. එයින් මිලියන ගණනක් මියගොස් තිබෙනවා. මේ වයිරඬයේ ස්වභාවයත් ඒ වගේම යි. කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙනවා. ඒ නිසයි රෝගය ලෝකය පුරාම වේගයෙන් පැතිරයමින් තිබෙන්නේ.

බෞද්ධයන් විදිහට අපි කොහොමද මේ රෝගයට මුහුණ දෙන්නේ යන්න අප සිතා බැලිය යුතු වෙනවා.

එහිදි මුලින්ම අප රෝගයේ ස්වභාවය තේරුම් ගත යුතුයි. බෞද්ධයා තර්කානුකූලව සිතමින් බුද්ධිමත්ව යමක් තේරුම් ගන්න කෙනෙක්. එමනිසා අපි සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන් ම කළයුතු දෙයක්.

මේ සඳහා හොඳ උදාහරණයක් ධර්මයේ සඳහන් වෙනවා.

එක් වස්සාන සමයක භාග්‍යවතුන්  වහන්සේ‍ වස් වැසීමට භික්ෂූන් වහන්සේ ට අනුදැන වදාළා. ඉන්පසු මගධ රටේ රජකම් කළ බිම්බිසාර රජතුමා භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලා සිටියා . අනේ ස්වාමීන් වහන්ස වස් විසීම ටික දිනකට කල්දාන්න පුලූ‍වන්ද?. කියලා.

භික්ෂූන් වහන්සේ ඒ බව භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියා.

එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ. පින්වත් මහණෙනි, රජුන්ට අනුගත වෙන්න. රජතුමා කියන දේ කරන්න. කියලයි. අපට පෙනෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මධ්‍යස්ථව මේ සමාජය දෙස බලා තිබෙනවාද කියා.

ඒ අයුරින් අපත් මේ අවස්ථාවේදී සෞඛ්‍යය අංශ විසින් ලබාදෙන උපදෙස් වලට අනුගත වෙන්න ඕනෑ.

අපේ ජීවිත කාලයේ දී මෙවැනි වසංගතයට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. අපි කාටත් මේ සම්බන්ධයෙන් අත්දැකීමක් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් ඉතිහාසයෙන් ඉගෙන ගත යුතුයි. එනිසා අපෙන් තවත් කෙනෙකුට රෝගය බෝ වීම වැළැක්වීම අපගේ වගකීමක්. ඒ සදහා සමාජ දුරස්ථකරණය හෙවත් පුද්ගලයින් අතර දුරස්ව සිටීම රෝගය ව්‍යාප්ත නොවීමට, වළක්වා ගැනීමට ලොකු රුකුලක් වෙනවා.

ඒ වගේම බෞද්ධ අපි මේ දිනවල පෙරටත් වඩා මෛඵීx සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මවල යෙදෙන්න ඕනේ. අපි රජය විසින් ලබා දෙන උපදෙස් අනුගමනය කළා කියන්නේ තමාගේත් අන් අයගේත් යහපත පිණිස කටයුතු කළ බවයි.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා, තමන්ගේත් අන් අයගේත් යහපත උදෙසා කටයුතු කරන්න කියලා. යම් කෙනෙක් එසේ කරනවා නම් ඔහු භාග්‍යවතුන්වහන්සේ ගේ අවවාද පිළිගත් කෙනෙක්. ඒ වගේම ඔහු තමාගේත් අන් අයගේත් දියුණුව කැමැති කෙනෙක්. සතුට කැමැති කෙනෙක්. තමාගේ දුක මෙන්ම අන් අයගේ දුක අකමැති කෙනෙක්. එහෙමනම් අපි නො දැනීම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිව් බඹ විහරණ වඩන කෙනෙක්.

එනිසා මේ වසංගතය දුරු කිරීමට අපි යම් දෙයක් කයින් කරනවා නම් එය මෛත්‍රී සහගත කාය කර්මයක්. ඒ රෝගයෙන් වැළකීමට අපගේ වචනය භාවිතා කරනවා නම් එය මෛත්‍රී සහගත වචී කර්මයක්. මේ රෝගයෙන් වැළකීමට රජයේ උපදෙස් පිළිපදිනවා නම් එය අනුගමනය කිරීමට අපගේ මනස මෙහෙයවනවා නම් එය මෛත්‍රී සහගත මනෝ කර්මයයි.

බෞද්ධයන් විදිහට අප කළ යුතු අනෙක් කරුණ තමයි භාග්‍යවතුන්  වහන්සේ වදාළ ධර්මය සිහි කිරීම. උන්වහන්සේ වදාළේ සංසාර ගමන බොහෝ දුක්බරයි කියලා. අප නො සිතපු දේයි වෙන්නේ . සිතන දේ වැනසී යනවා.

මේ ධර්මතාවය ලෝකය පුරා කොතැනත් දකින්නට තිබෙනවා . අපි කවුහ¥ත් හිතුවේ නැහැ ඉතාලිය ප්‍රංශය වගේ රටවල් හිටිහැටියේ මළවුන්ගේ නගර වෙයි කියලා. ඉතාම කුඩා ඇසට නොපෙනෙන වයිරසයක් හමුවේ දණ ගසාවි කියලා.

එහෙමනම් මේ ලෝක ධර්මතාව අපි සිහි කළ යුතු යි. අපි කාටත් අධීක⋆ ධර්මතාවයෙන් බේරෙන්න බැහැ. රාජ කුමාරවරු, බලවත් රටවල අගමැතිවරු, වෛද්‍යවරුන් පොහොසත් දුප්පත් භේදයකින් තොරව රෝගයට ගොදුරු වුණා. එහෙම නම් රජෙක් වුවත් ඉපදීම ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම කියන ධර්මතාවයන්ගෙන් නිදහස් වෙන්න බැහැ. එය ලෝක සත්ත්වයන්ට පොදු ධර්මතාවයක් බව පසක් කරගන්න අපට මෙය හොඳ අවස්ථාවක්. සසරේ ස්වභාවය හොදින් තේරුම් ගෙන දුක නම් වූ ආර්ය සක⋆ය පසක් කරගෙන ඒ ඔස්සේ සිත මෙහෙයවන්න සිහිය උපදවා ගන්න නිමිත්තක් ලෙස අපි කොරෝනා වයිරසය දකිමු.