නායකත්ව ලක්ෂණ
හඳුනා ගනිමු
අනුරාධපුර
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජේ්‍යෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
"නිවැරැදි නායකයා තමන්ටත් අනුන්ටත් සේවය කරන්නෙක්. එය සිදු කළ හැක්කේ උත්සාහශීලී,
අධිෂ්ඨානශීලී පුද්ගලයාට පමණයි. තමාගේ දියුණුවක් නැති පුද්ගලයකුට පොදු සමාජයේ
දියුණුවක් ඇති කළ හැකි ස්වභාවයක් බුදු දහමේ පෙන්වා දෙන්නේ නැහැ."
නායකයකු සතු විය යුතු සුවිශේෂී ලක්ෂණ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ නළපාන ජාතකයේ දී
දේශනා කර තිබෙනවා. එම ජාතක කතාවේ සඳහන් වන ආකාරයට, එක්තරා වඳුරු රංචුවක්, තමන්ට
නුහුරු නුපුරුදු දිශාවකට ගමන් කරමින් සිටි අවස්ථාවක දිය පිපාසාවෙන් පෙළෙමින් සිටි
ඔවුනට එම ප්‍රදේශයේ තිබෙන විලක් හමුවුණා.
දිය පිපාසාවෙන් සිටියත්, නිසල දිය පිරී තිබුණත්, තමනට නුහුරු නුපුරුදු පරිසරයක් වූ
නිසාම එහි ඇතැම් විට අනතුරක් තිබිය හැකි බවට නායකත්වය සෙසු පිරිසට උපදෙස් ලබාදීමට
කටයුතු කළා.
මෙය නායකයකු තුළ තිබිය යුතු දූරදර්ශී ඥාණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එවැනි ආකාරයේ
රදැකාශයක් කිරීමෙන් පමණක්, එම නායකත්වය සෑහීමකට පත් වුණේ නැහැ. දිය පිරුණු පොකුණ
අනතුරක් තිබෙනවාද? යන වගත්, විමසා බැලූවා. ඒ ආකාරයෙන් නිවැරැදිව සුපරීක්ෂාකාරීව
බලන විට පොකුණට බසින ලද පිරිසකගේ පා සටහන් තිබෙන බවත්, පොකුණ තුළින් නැවත ගොඩට
පැමිණි කිසිවෙකුගේ පා සටහන් නොමැති බවත්, ඔහුට දක්නට ලැබුණා.
ඔහුගේ අනුමානය නිවැරැදි බව තේරුම් ගැනීමෙන් අනතුරුව අසල ප්‍රදේශයේ තිබූ උණ ගස්වල
පුරුක් ඔහුගේ අධිෂ්ඨාන බලයෙන් ඉවත් කරගෙන ජල පිපාසාව සන්සිඳුවා ගනිමින්, ඔවුන්ගේ
ජීවිත බේරා ගනිමින් සතුටින් පිටත්ව ගියා. නායකයකු තුළ තිබිය යුතු එක්තරා සාධනීය සුභ
ලක්ෂණයක් මෙම ජාතක කතාවෙන් විවරණය වෙනවා. තමා නායකත්වය දරන පිරිස බේරාගැනීම, එම
පිරිසට අනතුරක් වීමට ඉඩ නොතැබීම, පිරිස පරාජයට පත් නොකිරීම, පිරිස අතර සිටි පිරිස්
මරණයට පත් නොකිරීම යන ලක්ෂණ බුදු දහමට අනුව නිවැරැදි නායකයකු තුළ තිබිය යුතු ලක්ෂණ
ලෙස සඳහන් වෙනවා. ඇතැම් නායකයන් යැයි කියාගන්නා පුද්ගලයන් තුළ මෙයට වඩා වෙනස්
ගතිගුණ තිබිය හැකියි. ඒවා බුදු දහමට අනුව නායකත්ව ලක්ෂණ ලෙස දක්වන්නේ නැහැ
නායකත්ව ලක්ෂණය විය යුත්තේ තමනට පැවැරුණු වගකීම, වගවීම නිවැරැුදිව සිදු කිරීමයි.
එබඳු බොහෝ අවස්ථාවන් ජාතක පොතේ සඳහන් බුද්ධ දේශනා තුළින් පැහැදිලි කර ගත හැකියි. ඒ
වගේ අත්දැකීම් අපගේ වර්තමාන සමාජය තුළ වුණත්, මෙම කාලය තුළ අත්විඳීමට, අත්දැකීමට
පුළුවන්. නළපාන ජාතකයේ සඳහන් වන නිවැරැුදි නායකත්වය වගේම වර්තමාන ඳx= ලාංකේය
නායකත්වය, රට ගැන සිතන බවත්, තමන්ට පැවරුණු වැඩ කොටස නිවැරැුදිව ඉටුකරන ස්වභාවයත්
අපට වර්තමාන සමාජය තුළින් දකින්න ලැබෙනවා. බුදු දහමට එකඟ නායකයකු තුළ තිබිය යුතු
ලක්ෂණ සමුහය අතුරින් එය එක ලක්ෂණයක්.
ඒ වගේම ජාතක කතා පොතේ ඇතුළත් බොහෝ ජාතක කතා තුළින් මෙවැනි ආකාරයෙන් කාලීන සමාජයට ගත
හැකි ආදර්ශ බොහෝ සේ දකින්න පුළුවන්. වන්ණුපථ ජාතකයත් එබඳුම ආකාරයේ කතාවක්. එම කතාවේ
සඳහන් වෙන ආකාරයට කාන්තාරයක ගමන්කරමින් සිටි වෙළෙඳ පිරිසක් අතරින් පළමුවෙන් ගමන් කළ
ගැල්කරුගෙන් සිදුවුණු අත්වැරැදීමක් හේතුවෙන් ජලය හිඟකමින් සියලූ දෙනාම මරණය
වැළඳගැනීමට සිටි මොහොතක එම නායකත්වය උදෑසනම අවදිවෙලා කාන්තාරයේ වටපිටාව පරීක්ෂාවට
ලක්කර තිබෙනවා. එම අවස්ථාවේ මනාව වැඩුණු ඊතණ පඳුරක් දකින්න ලැබීමත් සමඟ එම ස්ථානයේ
ජලය තිබිය හැකි බවට ඔහු අනුමාන කළා. උත්සාහවන්ත වූ එම පිරිස පොළොව හාරාගෙන ඉදිරියට
ගමන් කරන විට ජලය වෙනුවට විශාල කලූ ගලක් මතුවුණා. තමා ගත් උත්සාහය අතහැරීමට අකමැති
වූ නිසාම තවදුරටත් පොළොව හාරාගෙන මහා කලූ ගල කඩාගෙන ඉදිරියට ගමන් කළ එම පිරිසට
උල්පත් රාශියකින් මහා ජල කඳක් මතුවුණා.
එම වෙළෙඳ පිරිස ඔවුන්ට රිසි ආකාරයට ජලය පානය කරමින් එම ස්ථානයේ කොඩියක් ද එල්වා
තබමින් ඔවුන්ගේ සුපුරුදු ගමන ආරම්භ කළා. නායකත්වය තුළ තිබිය යුතු අධිෂ්ඨානශීලී බව
එම ජාතක කතා පුවතෙන් විවරණය වෙනවා. ඒ වගේම නිවැරැදි අනුමානය දකින්න පුළුවන්. සැම
විටම අනුමානය සත්‍යය නොවුණත්, අනුමානය තුළ සත්‍යය සොයාගත හැකි අවස්ථා තිබෙනවා.
නිවැරැදි අනුමානය නිසා එම පිරිස ජීවිතයත් බේරාගෙනම, අන්‍යාගේත් පරාර්ථය පිණිස
යහපතක් කළා. ජලය තිබෙන ස්ථානයේ කොඩියක් එල්වා යාමට තරම් ඔවුන් කාරුණික වුණා. ජාතක
කතා පොතේ සඳහන් වන්නේ අත්තහිත පරහිත යන සංකල්පයයි. උත්සාහශීලී, අධිෂ්ඨානශීලී
පුද්ගලයා විසින් තමාගේ අර්ථය සාධනය කරගන්නවා වගේම අන්ය පුද්ගලයාගේත් යහපත පිණිස
වැඩකටයුතු සිදු කරනවා. ලෝකයේ ජීවත් වන පුද්ගලයන් විවිධයි.
තමාගේ හිතසුව පිණිස කටයුතු කළත්, අන්‍යාගේ හිතසුව පිණිස කටයුතු නොකරන පිරිසත්,
තමන්ගේ හිතසුව පිණිසත්, අන්‍යාගේ හිතසුව පිණිසත් කටයුතු නොකරන පිරිසත් දකින්න
පුළුවන්. ඒ වගේම අන්‍යාගේ හිතසුව පිණිස කටයුතු කළත්, තමාගේ හිත සුව පිණිස කටයුතු
නොකරන පිරිසත්. තමාගේ හිත සුව පිණිසත්, අච⋆ඳීගේ හිත සුව පිණිසත් කටයුතු කරන පිරිස
වශයෙන් පුද්ගලයන් විවිධාකාරයෙන් දකින්න පුළුවන්.
නිවැරැදි නායකයා යනු මින් හතර වන කොටසට අයත් වන පුද්ගලයායි. නායකයාටත් කටයුතු
කරගැනීම අවශ්‍යයි. ඒ වගේම අන්‍යාටත් පොදු සමාජයටත් කටයුතු කළ යුතුයි. තමාගේ දියුණුවක්
නැති පුද්ගලයකුට පොදු සමාජයේ දියුණුවක් ඇති කළ හැකි ස්වභාවයක් බුදු දහමේ පෙන්වා
දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන සමාජයට නිවැරැදි මග දේශනා
කළ විශිෂ්ට නායකයෙක්. විවේක බුද්ධියෙන් මැදිහත්ව බලන පුද්ගලයකුට වර්තමාන ශ්‍රී
ලාංකේය නායකත්වය තුළත්, එම නායකත්ව දර්ශනය දකින්න ලැබෙනවා. විවේක බුද්ධියෙන්
මැදහත්ව නොබලන පක්ෂ පාතිත්වයෙන් බලන පුද්ගලයකුට එම බැල්මේ තිබෙන පක්ෂ පාති බව නිසා
සත්‍යය එලෙසම නොපෙනෙන්න පුළුවන්. කිසියම් පුද්ගලයකුට පවත්නා සත්‍යය එලෙස දැකිය හැකි
නම්, එයත් පුද්ගල පෞරුෂත්වයේ සාධනීය ලක්ෂණයක් හැටියට පෙන්වන්න පුළුවන්.
-
හේමමාලා රන්දුනු |