දියුණුවේ පැවැත්ම
මිනිසත්කම මතය
පිළියන්දල ජාතික පාසලේ ආචාර්ය
තණමල්විල රාහුල හිමි
"කුඩා දරුවෙකු සාරධර්ම ගුණ ධර්ම ග‍්‍රහණය කර ගන්නේ මාපිය වැඩිහිටියන් දෙස බලමින්
ඔවුන් අනුකරණය කිරීමෙනි. එහෙයින් පූර්වාචාර්යවරුන් වන මව්පියන් ආදර්ශමත් හැසිරීමක
හා මඟ පෙන්වීමක සිටීම අත්‍යවශ්‍යය.
දවසක් උදාවුණු විට ලෝකයේ සංවර්ධනය ගව් ගණනක් දුර ගොසින් ය. අධිවේගී මාර්ග, අහස උසට
ගොඩනැගිලි, අන්තර්ජාල, ස්මාර්ට් ෆෝන්, න්‍යෂ්ටික අවි ආදී නොයෙක් ක්ෂේත‍්‍රයන්
සංවර්ධනයේ ඉහළ ඵල නෙළා ගනිමින් ඇත.
එහෙත් භෞතික සංවර්ධනය සේම පුද්ගල ආකල්ප සංවර්ධනය වී නොමැතිනම් එකී භෞතික සංවර්ධනය
ප‍්‍රතිඵල රහිත ය. එකී සැබෑ සංවර්ධනය රඳා පවතිනුයේ මිනිසාගේ මිනිසත්කම හා සබැ`දි
යහපත් ආකල්ප තුළ ය.
වර්තමානය තුළ අප ගෝලීය වශයෙන් අයහපත් ආකල්පයන්ගේ ප‍්‍රතිඵල භුක්ති විඳිමින් සිටී.
ගහ කොළ සතා සිව්පාවන්ගෙන් ඈත් ව කිසිදු දෙයක් භෞතික වශයෙන් ලෝකයේ සංවර්ධනය කළ
නොහැක. එම සංවර්ධනයේ අ`දුරු සේයාවන් වසර සියයකට වරක් මිනිසාට සොබාදහම විසින් යළි
යළිත් මතක් කර දෙනු ලැබේ. මිනිස් ආකල්ප සංවර්ධනය කළ යුත්තේ කුඩා කාලයේ දී පටන්
බුදුරජාණන් වහන්සේ දසධම්ම සූත‍්‍රයේ දී භික්ෂූන් වහන්සේලා හට දේශනා කරන ලද්දේ,
‘අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝතී පබ්භජිතේන අබින්හං පච්චවෙක්කි තබ්භං.‘ යනුවෙනි.
පින්වත් මහණෙනි, භික්ෂුව විසින් ගිහියාට වඩා ආකල්පවලින් වෙනස් විය යුතු ය. ඒ
වර්තමානය තුළ ගිහි පැවිදි දෙපිරිසටම අතිශය කාලෝචිතය. කුඩා කාලයේ සිට දෙමාපියන්
දරුවන් යොමු කරනුයේ දැනුමට පමණක් මුල් තැන ලබා දීමට ය. දැනුම තුළ ර`දා පවතිනුයේ
ජීවත්වීම ස`දහා හේතුවන ආර්ථික උපාය මාර්ග පමණි. එහෙත් සොබාදහම සංස්කෘතිය ආගම නොදත්
බොහෝ දෙනා ස්වාර්ථය පමණක් අරමුණු කොටගෙන ක‍්‍රියා කරති. කුඩා කල සිට ම දරුවාට
සංවේදී හදවතකින් සමාජය දෙස බැලීමට අවැසි මානුෂිය ගුණ ධර්ම හදවත තුළ පෝෂණය කළ යුතු
ය.
ජපානයේ සියලූම පාසල් දූ දරුවන් ඔවුන් එදිනෙදා භාවිත කරන වැසිකිළි කැසිකිළි මසකට වරක්
හෝ දෙවරක් පිරිසිදු කළ යුතු ය. මෙය පළමු ශ්‍රේණියේ දරුවන් ද කිසිදු පැකිලීමකින්
තොරව සිදු කරන කටයුත්තකි. ඒ ස`දහා ඔවුන් සම`ග පන්ති බාර ගුරුතුමා හෝ ගුරුතුමිය
සහභාගි වෙයි. මෙය පන්ති කාමර සංස්කෘතිය තුළ තිබෙන එක් වටිනා පාඩමකි. ජපානය වැනි රටක
පිරිසිදු කරන්නන් නොමැති නිසා හෝ ගෙවීම් සිදු කිරීමට අපහසු නිසා නොව සිසුන්්ගේ
සහයෝගීතාවය සමානාත්මතාවය ඇතිකරලීමට සිදුකරන ප‍්‍රායෝගික ක‍්‍රියාවක් ලෙසිනි.
බුදුරජාණන් වහන්සේ වසල සූත‍්‍රයේදී දේශනා කරන ලද්දේ
න ජච්චා වසලෝ හෝතී
න ජච්චා හෝති බ‍්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝතී
කම්මනා හෝති බ‍්‍රාහ්මණෝ
රැකියාව මත හෝ උගත්කම මත මිනිසුන් වර්ග නොකළ යුතු බවත් සිදු කරනු ලබන ක‍්‍රියාව
අනුව බ‍්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් බවට පත්වන බව ය. එම නිසා අනාගත ලෝකයේ ඉතිරිවනුයේ
උගතුන් බුද්ධිමතුන් නොව පරිසරයට ආදරය කරන මිනිසුන් පමණි. මිනිසා නසන්නට බොහෝ අවි
ආයුධ මිනිසා විසින් ම නිෂ්පාදනය කළත් මිනිසා රැකීමට අවැසි නිෂ්පාදචයන් අතිශය දුලබ
ය.
නිවස තුළින් බිහි කරන දරුවා තුළ සංවේදී හදවතක් ඇතිවීමට බහුශ‍්‍රැත බව නිර්මාණශීලී
කුසලතා යහපත් ආකල්ප හා නිවැරදි විනය ගොඩනැගීමට කටයුතු කිරීම සුවිශේෂී ය. එසේ
නොමැතිව දැනුමට පමණක් මූලිකත්වය ලබා දෙන අධ්‍යාපනය තුළ හෝ දැනුම අමතක කර ආකල්ප
පමණක් ලබා දෙන අධ්‍යාපන ක‍්‍රමය තුළ පරිපූර්ණ මිනිසෙකු සමාජගත නොවේ. සමාජ
සාරධර්මයන්ට වඩාත් ගරු කරන දැනුම කුසලතා ආකල්ප හා සමාජ කුසලතාවයන්ගෙන් හෙබි
දරුවෙකුගේ හදවතෙහි සංවේදී බව අතිශය සුලභ ය. හෙතෙම ස්වාර්ථය මෙන්ම පරාර්ථය පිළිබ`දවද
නිරන්තරයෙන් කි‍්‍රයා කරයි.
කුඩා කාලයේ පූර්වාචාර්යවරු වශයෙන් පිළිගන්නා මව්පියන් විසින් පිළිවෙළට දරුවෙකු
හික්ම වීම ආරම්භ කළ යුතුයි. පළමුවෙන්ම කුඩා දරුවෙකු යම් යම් සාරධර්ම ගුණ ධර්ම
ග‍්‍රහණය කර ගනුයේ ඔහුගේ මාපිය වැඩිහිටියන් දෙස බලමින් ඔවුන් අනුකරණය කිරීමෙනි. මේ
හේතුවෙන් පූර්වාචාර්යවරුන් වන මව්පියන් ඉතා ආදර්ශමත් හැසිරීමක හා මඟ පෙන්වීමක සිටීම
අවශ්‍ය ය. බුදු දහම අනුව සලකා බලන විට සමාජ සාරධර්ම ගොඩනැඟීමට එය කි‍්‍රයාවෙන් සිදු
කිරීම අත්‍යවශ්‍ය ය. බුදුරජාණන් වහන්සේ අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ප‍්‍රායෝගිකව
පෙන්වා දී තිබේ.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ආදී වූ සතර බඹ විහරණ තුළින් අන්‍යයන් දෙස බැලීමට
කුඩා කල සිට දරුවෙකු පෙළඹ විය හැකිනම් ඔහු මුලූ මහත් සමාජයටම ආදරය කරන පරමාදර්ශි
පුරවැසියෙකු බවට පත් කළ හැකි ය. මෙ ලොව සාරධර්මවලින් සපිරි සමාජයක් වීම සඳහා
ස්වයංකී‍්‍රයව මිනිසුන් විසින් හොඳ වන තුරු බලා සිටිය නොහැක. එම නිසා දරුවාට කුඩා
කල සිට සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් ග‍්‍රහණය කර ගැනිමට සද්ධර්මයේ
ස්පර්ශය කලණ මිතුරු ඇසුර නිබ`දවම ලබා දිය යුතු ය.
මේ අනුව පරිසරයට සමාජයට සංවේදී පුරවැසියෙකු බිහිකිරීමට පංච ශීලය, සතර බ‍්‍රහ්ම
විහරණ, අට තිසක් වූ මංගල කාරණා සප්ත ආර්ය ධනය ආදී වූ උසස් සාරධර්ම ස්වකීය ජීවිතයේ
පදනම බවට පත් කර ගත යුතු ය. වර්තමානය තුළ වියවුල් සහගත මානසිකත්වයකින් හෙබි සමාජයක්
බිහි වී ඇත්තේ තමාටත් අන්‍යයන්ටත් ස්වභාව ධර්මයටත් හිතකර සාමකාමී ජීවන ශෛලියක්
ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති බැවිනි. එබැවින් කුඩා කල සිටම සංවේදීව දැකීමට හා
පරමාදර්ශී චරිතයක් ලෙස සමාජගත වීමට අවශ්‍යවන ආලෝකය බුදු දහම තුළින් නිරන්තරයෙන් ලබා
දෙයි. |