නිවැරැදි පරිභෝජනයෙන්
යහමඟ සලසා ගනිමු
කැලණිය විශ්වවිද්‍යාලයේ
සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ
සහකාර කථිකාචාර්ය,
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
තිස්සමහාරාමයේ
ධම්මසාර හිමි
"භාණ්ඩ හා සේවා පමණ ඉක්මවා ලබා ගැනීමට ඇති රුචිකත්වය නිසා ආදායම ඉක්මවා
වියදම් කිරීමට සිදුවේ. ණය බරින් පීඩා විදීමට බොහෝ අය පත්වන්නේ මේ හේතුවෙනි. අධික ණය
වීම විවිධ සදාචාර විරෝධී ක‍්‍රියාවන්ට
පොළොඹවයි."
සදාචාර ධර්මයෙන් තොර ආර්ථික ප‍්‍රතිපත්තියක් බුදු දහම එකහෙළාම ප‍්‍රතික්ෂේප කරනු
ලබයි. නිෂ්පාදනයේ දී මෙන්ම අලෙවියේ දී ද සාහසිකත්වයෙන් තොරව ධනෝපායනය කළ යුතු ය.
යහපත් ජීවන ප‍්‍රතිපත්තියක් හැඳින්වීමේ දී කරුණු පහකින් පාරිභෝගිකයා වංචාවට ලක්
නොකළ යුතු ය.
එනම් කුහකමින් (කුහනා) අයථා ලෙස භාෂාව උපයෝගී කර ගනිමින් කරනු ලබන වංචා (ලපනා*,
විවිධ ඇ`ගවීම් මගින් තැති ගැන්වීම් (නිප්පේසිකතා) සහ ලාභය එකම අරමුණු කරගෙන
ක‍්‍රියා කිරීම (ලාභෙන ලාභං නිජිගිංසනතා) යනාදියයි. මෙම කරුණු ශ‍්‍රී ලංකාව තුළ
දැනට ඇති වී තිබෙන COVID -19 හෙවත් කොරෝනා වසංගත ආපදා සමය තුළ දී විශේෂයෙන්ම
වෙළෙන්දන් විසින් සිහි තබාගත යුතුව පවතියි. ජීවන ප‍්‍රතිපදාව නිවැරදි වීමට ඉහත
සාහසික ක‍්‍රියාදාමයන්ගෙන් ඉවත්විය යුතු ය. මිචුම්වලින් කෙරෙන රැවටීම් සහ අගයෙන්
අඩු භාණ්ඩ අගයෙන් වැඩි භාණ්ඩ ලෙස පෙන්වීම මගින් පාරිභෝගිකයා මුළා කිරීම් තුළින් ධනය
ඉපැයීම සඳහා ඇතැම්හු ප‍්‍රයෝජනයට ගනිති. එයින් පාරිභෝගිකයා කරදරයට පත් කරන මුළාවේ
හෙළන, ප‍්‍රමිතීන්ට නොගැළපෙන පිරිස් බුදු දහම පිළිකුල් කරන අතර ඔවුනට එරෙහිව
නීත්‍යානුකූලව කටයුතු කළ යුතු වේ.
සාහසිකත්වයේ අනෙක් ආකාරය නම්, ස්වභාව ධර්මය, පරිසරය නැතහොත් සම්පත් සූරා කෑමය.
පරිසර ¥ෂණය හා විනාශය පුඤ්ඤ පාප සංකල්පය තුළ පවක්, ලෙසත් ප‍්‍රතික්ෂේප කළ යුක්තක්
ලෙසත් පැහැදිලි කරන අතර පරිසර සංරක්‍ෂණය හා පරිසර සංවර්ධනය පුණ්‍ය කර්මයක් ලෙස ද
පෙන්වා දී ඇත. ධාර්මිකව හා අසාහසිකව නිෂ්පාදන ක‍්‍රම අනුගමනයෙන් ධනය උපයා සපයා ගත්
මිනිසා පරිභෝජනයෙහි යෙදිය යුත්තේ ද ප‍්‍රබුද්ධ මනසකින් යුක්තවය. මේ සඳහා බුදු දහම
‘ආයතන පරිභෝජනය’ හඳුන්වා දෙයි. කෙතරම් ධාර්මිකව ධනය උපයා ගත්ත ද, ඒ ධනය තනිව භුක්ති
විදීනම් එය අධාර්මික හා අසාහසික පරිභෝජන ක‍්‍රමයකි. තනිව පරිභෝජනය කිරීම පරිහානියට
එක් හේතුවක් බව දහමෙහි කියැවේ. ධනය සමාජයෙහි නිසි පරිදි සංසරණය විය යුතුය. ගොඩ ගසා
ගැනීම වරදකි. නිසි පරිදි ප‍්‍රයෝජන නොගත් ධනය නුසුදුසු තැනට පැමිණි, නුසුදුසු
පුද්ගලයාට ලැබුණු අපතේ ගිය ධනයක් ලෙස බුදු දහමෙහි හැඳින්වෙයි.
පරිභෝජනයේ දී අවධානයට පාත‍්‍රවිය යුතු අංශ ගණනාවක් නිකාය ග‍්‍රන්ථයන්හි දක්වා ඇත. ඒ
අතර ආයෝජනය, ඉතිරි කිරීම, අයවැය තුලනය, සකසුරුවම, ණය ගැනීම පිළිබඳ ප‍්‍රශ්නය,
සංරක්‍ෂණය, ධනය වර්ධනය කර ගැනීමේ, උපක‍්‍රම යනාදියයි. එමෙන්ම ව්‍යග්%පජ්ජ හා
පත්තකම්ම සූත‍්‍රයන්ට අනුව, උපයන ධනයෙන් කොටසක් ආරක්‍ෂා කොට තබාගෙන හදිසි ආපදාවක්
පැමිණියහොත්, ඒ අවස්ථාවේදී වියදම් කිරීම සඳහා තබා ගත යුතුය.
ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රයට අනුව, එක් කොටසක් පරිෙභා්ජනයටත් (එකේන භොගේ භුංජ්‍යෙ, කොටස්
ද්විත්වයක් ධනය අඳීයෝජනය සඳහාත් (ද්වීහි කම්මං පයෝජයේ), සිව්වැනි කොටස ආපදාවක්
පැමිණි අවස්ථාවන් හිදී ප‍්‍රයෝජනයට ගැනීම සඳහාත්, (චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු
භවිස්සති) යනාදී වශයෙනි.
විශේෂයෙන් වත්මන් ශ‍්‍රී ලාංකිකයින්ට පමණක් නොව ලෝකයේ බහුතරයක් දෙනා කොරෝනා වසංගතය
නිසා පීඩාවට පත් වී ඇති අයුරු විද්‍යාමානය. මෙවැනි ව්‍යසනයන් හා ආපදාවලට මුහුණ දීමට
මිනිසා සුදානමින් සිටිය යුතු ය. එවැනි ආපදාවන්හි තැති ගැනීම, පසු බැසීම, අකර්මන්‍ය
වීම වැනි අවස්ථාවලට ලක්වනුයේ මෙවැනි තත්ත්වයන්ට පළමුව සිතා කටයුතු නොකිරීම නිසා ය.
සදාචාරාත්මක ජීවිතය පලූදු නොවන පරිදි ආර්ථිකය හැඩගසා ගැනීමට සමත් වන්නේ පරිභෝජන
දර්ශනයක් අනුව පුද්ගලයා කටයුතු කරන්නේ නම් පමණි. අධිපරිභෝජනයෙහි ආදීනව රාශියක්ද
දක්නට ලැබේ. එහිදී පුද්ගලයාට බලපාන ප‍්‍රශ්න මෙන්ම සමාජ ප‍්‍රශ්න ද හට ගනියි.
භාණ්ඩ හා සේවා පමණ ඉක්මවා ලබා ගැනීමට ඇති රුචිකත්වය නිසා ආදායම ඉක්මවා වියදම්
කිරීමට සිදුවේ. ණය බරින් පීඩා විදීමට බොහෝ අය පත්වන්නේ මේ හේතුවෙනි. අධික ණය වීම
විවිධ සදාචාර විරෝධී ක‍්‍රියාවන්ට පොළොඹවයි. හොරකම, අල්ලස, වංචාව මෙන්ම මානසික
අසහනය හා පීඩනය ආදිය ද ණයට වැටුණු මිනිසාගේ ජීවිතය හා සම්බන්ධිත ය.
ශ‍්‍රී ලංකාවේ උද්ගත වී ඇති මෙම කොරෝනා වසංගතය දුරලීමට රජය විසින් ඇඳිරිනීතිය පවා
ක‍්‍රියාත්මක කරමින් එයද යම් අවස්ථාවන්හිදී මහජන අවශ්‍යතා සඳහා ලිහිල් කිරීමේදී
මිනිසුන් භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ දරන අයුරු ජුගුප්සා ජනක ය. මෙහිදී ද අනෙකා ගැන
නොසිතා අධි පරිභෝජනශීලිව භාණ්ඩ ලබා ගැනීමට නින්දනීය උත්සාහයක යෙදෙයි. මෙවැනි
ව්‍යසනයකාරී තත්ත්වක දී එය සැබැවින්ම නොකළ යුත්තකි.
සමාජයේ ඇති නැති පන්ති පරතරයක් ඇති වීමටද, දිළින්දන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වීමට ද,
දුප්පතුන් හා පෝසතුන් අතර නිරන්තර ආරවුල් ගැටුම් උද්ගතවීමටද අධිපරිභෝජනය හේතුවෙයි.
එමෙන්ම මෙම ක‍්‍රියාවලිය පරිසර දූෂණයට හා විනාශයට ද තුඩු දෙන්නකි. පාරිභෝගිකයා
අරමුණු හඳුනා නොගෙන මුළාවීමෙන් ජීවිතය අසංතෘප්තියට පත්වන්නේ අවශ්‍යතා හා වුුවමනා යන
කාරණා දෙක සම`ග ආශාවන් පටලවා ගැනීම නිසාය. බෞද්ධ ආර්ථික, චින්තනයෙහි ප‍්‍රධානම
ලක්‍ෂණය වන්නේ මෙම ගැටලූව නිරවුල් කිරීමයි. එබැවින් පුද්ගලයා මූලික අවශ්‍යතා
ඉටුකරගෙන සමාජයෙහි සාර්ථක පුද්ගලයකු වශයෙන් සුවපහසු දිවියක් ගත කළ යුත්තේ අනුකරණය,
තරග කිරීම, ප‍්‍රදර්ශනය, ගිජුකම වැනි ආශාවන්ට යට නොවී ඒ ඒ වුවමනාවන් නිසි පරිදි
හඳුනාගෙන පරිභෝජනයෙහි යෙදීමෙනි. මෙසේ දැහැමි නිෂ්පාදනය හා පරිභෝජනය සාදාචාරාත්මකව
සිදුවීම තුළ අධ්‍යාත්මික සංවර්ධනයට ද පදනම වැටෙයි. |