නිවසට සිරිකත ගෙන එන
මවකගේ දියුණුවේ ලක්ෂණ
ශාස්ත්‍රවේදී
වත්තේගෙදර
සුචින්තා මෙහෙණින් වහන්සේ
"අද අපේ අම්මලා විසිතුරු දේට වැඩියෙන් මිල මුදල් වැය කරනවා. විසිතුරු නොකරන ඔබේ
මුහුණ බොහොම ලස්සනයි. පිළිවෙළට අඳින්න. මුදල් ඉතිරි කරගන්න උනන්දු වන්න. අල්පේච්ඡු
වන්න.
ගැහැනිියක් ලස්සන වන්නේ සරල වූ විටයි."
උට්ඨානවතෝ සතිමතෝ
සුඛීකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසොභිවඞ්ඩති
(ධම්මපදය අප්පමාද වග්ගය*
මිනිස්ලොව දක්නට ලැබෙන සුන්දරම කාන්තාව අපේ අම්මා. කාන්තාවක් අම්මා කෙනෙක් වන විට,
බිරිඳක් වන විට ඇය අල්පේච්ඡුතාවෙන් දියුණුවන්නේ කොහොමද කියා අවබෝධ කරගත යුතුයි.
කාන්තාවක් විවාහ දිවියට පත්වීමත් සමඟ එම පවුල් ඒකකයේ සුන්දරත්වයම ඇය මත තීරණය
වෙනවා. සියලූුම දේ තමන් අතින් කළ යුතු වෙනවා. මේවාට ඇය දක්ෂ විය යුතුයි. ඒ සඳහා ඇය
අල්පේච්ඡු විය යුතුමයි. කැපවීම් බොහොමයක් ඇය අතින් වෙනකොට කුස පිරෙන්න කෑම
නැතිවෙනවා. ඇසට නින්ද නැතිවෙනවා. අගහිඟකම් ගොඩක් දැනෙනවා. ඒවා මග හරවා ගෙන ණය නොවී
රටට බරක් නොවී ඉන්න අම්මා කෙනෙකුට උත්සාහය තිබිය යුතුයි. උත්සාහය කාන්තාවකට වටිනාම
සම්පතක්. සමහර විට අම්මා කෙනෙක් වන්නේ සියලූ අභියෝග මැද්දේ සැමියාගේ දෙමාපියන්ගේ
සහයෝගය වත් ඇයට හිමි වන්නේ නෑ. ලද දෙයින් සතුටු වී ඒ අම්මලා මේ රටට බරක් නැති දරුවෝ
හදනවා. ඒ හැම තැනකම අපි දැක්කේ අල්පෙච්ඡුතාවයි, උට්ඨාන වීර්යයයි.
මවක ළඟ තිබිය යුතු තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ තිබෙන දෙයින් සතුටුවීම හා සිහි
නුවණිින් කටයුතු කිරීමයි. අම්මා කෙනෙකුට මොනවා හරි අමතක ඥ×වානම් ගෙදර හැමෝම දුක්
විඳිනවා. ලොකු දෙයක් ඕන නැහැ, ආහාර පිසීමේදී ළිප නිවන්න අමතක වුණා කියා සිතන්න.
සිහිනුවණින් කටයුතු නොකළොත් තිබුණු සම්පත් සියල්ල වැනසෙනවා. ඒකයි ‘සතිමතො‘ කියන
කාරණය පුද්ගල ජීවිතයට ගොඩක් වටින්නෙ. මවක් මොනතරම් සිහිනුවණකින් කටයුතු කළ යුතුද?
නිසි වෙලාවට කළයුතු දේ කිරීම , ආදරණීයන්ගේ කාර්යයන් මනා ලෙස පිළිවෙළින් සිදු කිරීමට
සිහි නුවණ අවශ්‍යයයි. මේවා තෝරා බේරා කටයුතු කිරීමේ අපහසුව දන්නේ තවත් එවන් අම්මා
කෙනෙක් පමණයි. සමහර විට ඇයට ඒ හැමදේටම ලැබෙන්නේ කුඩා ඇගැයීමක්. එත් ඇය ඒවා සියල්ල
සතුටින් කරනවා. අම්මා කෙනෙක් එසේ විය යුතුමයි. එම අම්මා තමයි ගෙදර බුදුුන් වුණේ.
ඒකයි කාන්තාවක් සැබෑ අම්මා කෙනෙක් වීමේ වටිනාකම. එවන් අම්මලා වත්මන් සමාජය තුළ ද
නොපෙනෙන වෙහෙසක් දරනවා.
එසේම පුද්ගල ජීවිතය සාර්ථක කරගත හැකි අනෙක් කරුණ වන්නේ ‘සුචිකම්මස්ස’ හෙවත්
පිරිස‹දුකමයි. එය කාන්තාවකට ඉතා වැදගත් වනවා. නිවසට අම්මා කියන්නේ හරියට පෝයට පායන
සඳ වාගේ. ඒ අම්මාගේ පිරිසිදුභාවය නිසයි. ගෙමිඞීලේ සිට ආලින්දය දක්වාත්, කාමර,
කුස්සිය, වැසිකිළි සියල්ල පිරිසිදු වන්නේ අම්මා අතින්. තිබෙන දෙයින් ප‍්‍රයෝජන ගෙන
මේවා සිදු කරන්න අම්මා කෙනෙක් පුරුදු වීම ඉතාමත් වටිනවා. වර්තමානය වනවිට නිවසේ
බඩුමුට්ටු, මිල මුදල් අගහිඟ වන විට අරපිරිමැස්මෙන් කි‍්‍රයා කළ යුතුමයි. කොරෝනා
වැනි වසංගත පවා විනාශ කළේ විෂබීජ නැති කිරීමෙන්. සුන්දර නිවසක සඳීමාජිකයන්ගේ ඇඳුම්
වෙන වෙනම තිබිය යුතුයි. සනීපාරක්ෂක උපකරණ ලෙස ගත හැකි සබන්, දත් බෙහෙත් ආදිය වෙන
වෙනම තිබිය යුතුයි. ඒවා සියල්ල කළමනාකරණය කරන විට අම්මා කෙනෙකුට අරපිරිමැස්ම තිබිය
යුතුයි. එකම දේ සියලූ දෙනා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා මනා සුරක්ෂිතභඳීවයක් තිබිය
යුතුයි. භාණ්ඩ ස්ථානගත කිරීමේ පිළිවෙළ අතිශය වැදගත් තමන්ගේ පිරිසිදුභාවයද ඉතා
වැදගත් අම්මා කෙනෙකුගේ සෙනෙහස විවිධයි .දරුවන් දෙමාපියන් ස්වාමියා යන හැමෝම අම්මාට
බෙහෙවින් සමීපයි. එම නිසා අම්මා හැම විටම කායික හා මානසික වශයෙන් පිරිසිදු විය
යුතුයි. එදා අපේ අම්මලා, අප්පච්චිලා රැකියාවට යවලා නිවසට වෙලා නිකන් හිටියේ නෑ.
ගොඩක් වැඩ කරා. බලාපොරොත්තු ඉතාමත් අඩුවෙන් තිබුණේ. අද අපේ සමහර අම්මලා ඉන්නවා
කිසිම ප‹රිසිදු බවක් නෑ. ඇඳුම් නිසි පරිදි සෝදා නැහැ. නිවස අපායක් වගේ. කුණුටික
දොරමුල්ලේ. පිඟන් කෝප්ප මාසෙකින් පමණ සෝදා නැහැ. හට්ටි මුට්ටිවල දැලි, ගෙදර හැම
පුටුවකම රෙදි නවලා දාන මවුවරුත් ඉන්නවා. ඒ පිළිවෙළ නිසි පරිදි තබා ගන්න වැඩි
වෙලාවක් ගත වන්නෙ නැහැ. ඒ වගේම එය තමන්ටත් පහසුයි.
සැහැල්ලූවෙන් ජීවත්විය යුතුයි. එසේ නොමැතිනම් එ්ක මහ අපායක්. නමුත් අද බොහෝ අම්මලාට
එසේ කටයුතු කරන්න බැහැ. කාර්ය බහුල වෙලා අද අපේ අම්මලා විසිතුරු දේට ගොඩක් මිල
මුදල් වැය කරනවා. විසිතුරු නොකරන ඔබේ මුහුණ බොහොම ලස්සනයි. වැඩිය ලස්සන කරන්න
දඟලන්න එපා. පිළිවෙළට අඳින්න. මුදල් ඉතිරි කරගන්න උනන්දු වන්න. අල්පේච්ඡු වන්න.
ගැහැනිියක් ලස්සන වන්නේ සරල වූ විටයි. පිළිවෙළ පුරුදු වූ විට. හොදට දත් මැදලා
පිිරිසිදු මුවින් පිිරිසිදු හදවතින් මුවගට සිනහව ලක්් කරගන්න. ඔබ මිල මුදල් නොමැතිව
ලස්සන වන්න. ඒ හොඳටම ඇති. අල්පෙච්ඡුතාව පිිරිසිදුකම ඔබට වාසනාව කැන්දනවා. කොරෝනාවලට
නිරෝධායනය කළෙත් එහෙමයි.
‘සඤ්ඤතස්සච’ යනුවෙන් හඳුන්වා ඇත්තේ සංවරකම. ලද දෙයින් ඇති දෙයින් සතුටු වෙන්න අම්මා
කෙනෙකුට පුළුවන්නම්, ඇඳුම පැළඳුම සංවරයි නම්, ඒ කාන්තාව මොනතරම් වාසනාවන්තියක්ද
කියලා. ඒකයි සමාජයට ගොඩක් වටින්නේ. යුරෝපාකරය වැනසුණේ මේ සංවර කම නැති නිසාමයි.
මෙහිදී සියලූ දෙනාටම විශේෂ කතාවක් සිහි කළ යුතු වෙනවා. එක මවක ගෙඟන් එතෙර ¥පතක
ජීවත් වෙනවා. මේ අම්මට කෑම හදාගන්න අවශ්‍ය භාණ්ඩ දියණිය ගිහින් දෙනවා. එක දවසක්. ගඟ
උතුරලා යන්න බැරිවුණා. දවසක් දෙකක්ම යන්න විදිහක් නෑ. අම්මා බලන් හිටියා කරන්න
දෙයක් නෑ. හාල් වල ඇහිලූ වී ටික තිබුණා. ඒ ටික කොටලා මේ අම්මා බත් උයාගෙන කෑවා.
එයින් අපට වටහා ගන්නට පුළුවන් වෙන්නේ් අපිටත් එහෙමම කරන්න කියලා නෙමෙයි. නැති
බැරිවෙලාවටත් ජීවත් වෙන්න අපි සුදානම් විය යුතුයි. තිබෙන දෙයින් සතුටු වෙන්න
පුළුවන් විය යුතුයි. අය වැය සමබරව තබා ගත යුතුයි. එය තමයි ‘ධම්මජීවිනො‘ යනුවෙන්
විස්තර කළේ. අපි දන්නවා ඉස්සර කාලේ අම්මලා උයන හාල් ටිකෙන් මිටිහාල් ඉවත් කරා.
ආපදාවකදී ගන්න වී ටිකක් මිලදී ගෙන අසුරා තබා ගත්තා. ගස්‘බු ගෙඩියේ පොතු ටික
වේඤුුවා. මඤ්ඤොක්කා පොතු ටික වේඤුුවා. ඉතුරුවුණ බත් ටික වේඤුුවා. ඒක බැදලා කුඩු
කරලා අග්ගල හැදුවා. වැඩි පුර තිබුණ බටු ටික, කරවිල ටික වේලලා නැති වෙලාවට ආහාරයට
ගත්තා. නාස්ති කරේ නැහැ. සබන් කෑල්ල දෙකට කපලා පාවිච්චි කලා. කඬේට ගිහින් ඉතුරු වුණ
කාසි ටික කැටේකට දැම්මා.
ඒ අය මොන ආපදාව වුණත් සුදානමින් හිටියා. ඒකයි අල්පේච්ඡුතාව, අරපිරිමැස්ම, කාටත්
කරදරයක් නොවී ජීවත් වීම කිව්වේ. එදා අද වගේ නෙමේ ගෙදර සාමාජිකයො ගොඩක් හිටියා.
හැබැයි කොස් ගෙඩිය හරි හිත පිරෙන්න ඇතිවෙන්න කෑවා. එදා වගේ නෙමේ. අද අපේ බඩ
පිරෙන්නේ නෑනෙ. රසකාරක කාලා. බඩ පිරුණා කියලා හිත හදා ගන්නවා. මේකයි වෙනස. සරල
වෙන්න. අපිම අපේ දේවල් හදලා වියදම් අඩු කරගෙන සැබෑ පවුලක් ලෙස ජීවත් වෙමු. බඩු ඉවර
වෙනකම්ම ඉන්න එපා අවධානයෙන් ඉන්න. පුළුවන් හැම දේම හදාගන්න මහන්සි වෙන්න. ගෙදර
වත්තට ගිහින් අඩුපාඩු ගෙන්න පුළුවන් තැනක් කරගන්න. අරපිරිමැස්මට හුරුවුණු අම්මා
කෙනෙක් නිවසක ඉන්නවානම් පොරකකා බඩ වියත රකින්න අපට මහන්සි වෙන්න ඕන නෑ. ඒකම
වාසනාවක් අප‍්‍රමාදීව කටයුතු කරමු. උත්සාහවන්ත වෙමු. දිරිය මවක් වෙමු. සුන්දර මවක්
වෙමු. සංවර මවක් වෙමු. නිවසේ ශි‍්‍රයා කාන්කාව වෙමු. |