Print this Article


නාගදීප නාහිමියෝ නවදගල වඩිති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 01 කොටස

නාගදීප නාහිමියෝ නවදගල වඩිති

නාගදීපය හා නවදගල පදුමකිත්ති නා හිමි

නයිනතිවු යනු ශී‍්‍ර ලංකාවෙන් වෙන් වූ කුඩා දූපතකි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ නාගදීපය ලෙස සිංහල ජනතාව අතර ප‍්‍රසිද්ධව ඇති මේ පුදබිම තිස්වසරක් තිස්සේම බෞද්ධ වන්දනාකරුවන්ගෙන් ඈත්ව පැවතුණි. ත‍්‍රස්තවාදය පැවැති එකල නාගදීපයට යෑමට හැකිවුණේ ආරක්ෂක අංශවලට, විශේෂ ප‍්‍රභූවරුන් හා මාධ්‍යවේදීන්ට පමණි. මාධ්‍යවේදියකු ලෙස එහි යාමට මට ද අවස්ථා කිහිපයකදී හැකි විය. දරුණු ත‍්‍රස්තවාදය හමුවේ නාගදීපය රැුක ගැන්මට කටයුතු කෙළේ නවදගල පදුමකිත්ති නා හිමියන්ය. උන් වහන්සේ නාගදීප පුදබිම රැුක ගත්තේ දිවි දෙවෙනි කොටය.

අනුර හොරේෂස්ගේ කෘතියකට පදුමකිත්ති හිමියෝ මෙවන් සටහනක් තබා තිබුණි.

’මගේ භික්ෂු ජීවිතයේ වටිනාම කාල පරිච්ෙඡ්දය වන යෞවන සමය මුළුමනින්ම ගෙවී ගියේ බිහිසුණු යුද්ධය මැද්දේය. එය සුළුපටු කාලයක් නොවේ. වසර තිස් පහකට ආසන්න කාලයකි. එසමයෙහි මට ධර්මය දේශනා කරන්නට අවස්ථාවක් නොවීය. ධර්ම කාරණා අඩංගු වටිනා පොතපත කියවන්නට විවේකයක් නොතිබිණි. මගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම යුද්ධය විසින් උදුරා ගත්තේය. උදේ පටන් ගතවන සෑම මිනිත්තුවක් පාසා මගේ ජීවිතය ගෙවී යන්නට වූයේ වෙඩි හඬ මැද්දේය.

මම කඩවසම් භික්ෂුවක් නොවෙමි. සුමධුර හඬක් ද මා සතුව නැත. ගිනි කාෂ්ඨක අව්රශ්මිය, කරදිය මිශ‍්‍ර සුළඟ, පෝෂ්‍යදායි ආහාර නොමැතිකම, දීර්ඝ කාලීන යුද්ධය විසින් මා තලා පෙලූ මානසික පීඩනය ආදී කාරණා හේතුවෙන් මගේ සිරුර කර්කශ විය.’

නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති නා හිමියන් මා අඳුනා ගත්තේ මීට දශක කිහිපයකට පෙර වුවත්, පසුගිය වසරේ දින 10ක් උන් වහන්සේ ඇතූළු නා හිමිවරුන් 8 දෙනකු මියන්මාරයේ කළ සංචාරයේදී ඊට සහභාගි වූ එකම ගිහියා වූ මම ඒ ගමනේදී උන් වහන්සේ සමඟ බොහෝ දේ කතා කෙළෙමි. ඒ අනුව උන් වහන්සේගේ චරිත කතාව මෙසේ සංක්ෂිප්ත කරමින් සටහන් කළ යුතු යැයි සිතුවෙමි.


බලපිටියේ බ‍්‍රාහ්මණවත්තේ
ධම්මකිත්ති තිස්ස හිමි

නවදගල ග‍්‍රාමයේ පදිංචි බීටින් මැන්දිස් ගොවි මහතාට එදා වාසනාවන්ත දිනයකි. දිනය හරියටම කියනවානම් 1961 වසරේ අපේ‍්‍රල් මස 03 වැනිදා ය. තම බිරිඳට තවත් පුත් රුවනක් ලැබීම ඒ සතුටට හේතුවයි. ඔහු සතුට සැමරුවේද අද බොහෝ පිරිමින් සමරන්නා සේ මධුවිත පානයෙනි. එහෙත් බිරිය වූ මුතුමුණි රොසලින් එයට කිසිසේත් කැමැති වූයේ නැත. රබර් කිරි කපන්නියක වූ ඇය පුංචි පුතුගේ මුහුණ දෙස බලමින් සතුටු කඳුළු වැගිරුවා ය.

කුරුඳු වගාවෙන් ජීවිකාව කරගත් බීටින් ගොවිතැන් බත්ද කෙළේ ය. ඔහු වගා කෙළේ ආණ්ඩුවේ ඉඩම් කට්ටිවල ය. අලූත උපන් බිළිඳාට පද්මසිරි යැයි නම් තැබිණි. පද්මසිරිට වැඩිමල් සහෝදරයන් 5ක්ද සහෝදරියන් 3ක් ද විය.

නිවසට මඳක් දුරින් පිහිටි නවදගල විදුහලට පද්මසිරි ඇතුළත් කෙරිණි. පාසල අවසන් ව නිවසට පැමිණි පද්මසිරි නිවසට ආසන්නයේ පිහිටි පන්සල වෙත දුවන්නේ ය. පන්සලට යන ඔහු පන්සල් වත්ත පුරා දිව ගියත් පන්සලේ ඇමදීම් කටයුතු කෙළේය. මල් ආසන පිරිසිදු කෙළේ ය. මල් පහන් ද පූජා කෙළේ ය.

ඒ අතර පද්මසිරි ප‍්‍රාර්ථනාවක් ද කෙළේය.

‘මම මහණ වෙන්න ආසයි බුදු හාමුදුරුවනේ’

පද්මසිරි ඒ ප‍්‍රාර්ථනය කෙළේ කුමන හේතුවක් සිතේ රැඳුණු නිසාද යන්න ඔහුවත් දැන සිටියේ නැත. නිවසේ සිටියදී ගෙදර දෙවනත් කරන්නට පද්මසිරි කටයුතු කෙළේය.

පවුලේ බඩපිස්සා නිසා අම්මා පද්මසිරිට වැඩි ආදරයක් දැක්වූවාය. එහෙත් තාත්තා නම් පද්මසිරිට පාර හිටින්නට හොදහැටි දුන්නේය. තාත්තා කෝපාවිශ්ඨව සිටි අවස්ථාවලදී නම් පහර දීම නතර වූයේ අම්මා හෝ වෙනත් අයෙකු බේරන්නට පැමිණි පසුය. ඇතැම් දවස්වල බේරන්නට යන අම්මාටද පහර වැදුණේය.

එවන් ඇතැම් දිනවල අම්මා පද්මසිරි කැටුව හලාවත සිටි වැඩිමහල් පුතුගේ නිවසට ගියාය.

මේ අතර නිවසට පැමිණි පද්මසිරිගේ පවුලට දුරින් ඥාතිත්වයක් ඇති පේ‍්‍රමරත්න විසින් නාගදීපයේ විහාරාධිපති ධුරය දැරූ අම්බලන්ගොඩ රන්දොඹේ සෝමසිරිතිස්ස නා හිමියන් අපවත් වූ බවත් සියලූ දෙනාටම ඥාතිත්වයක් ඇති බලපිටියේ බ‍්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන් නාගදීප විහාරාධිපති ධුරයට පත් වූ බවත් පැවසීය. ඒ හිමියන්ට ඇප උපස්ථාන කරන්නට අයෙක් අවශ්‍ය බව ද ඒ සඳහා බීටින්ගේ පුතකු වන මිල්ටන් කැටුව යාමට පැමිණි බව ද ඔහු කීවේය. එම ඉල්ලීමෙන් වැළකී සිටීමට බීටින්ට හෝ ඔහුගේ බිරියට හැකියාවක් නොවීය.

ඒ අනුව පද්මසිරි පොඩි අයියා නමින් හඳුන්වන මිල්ටන් නාගදීප නායක හිමියන්ගේ ආවතේව කිරීම පිණිස නාගදීපයට ගියේ ය.

පවුලේ බඩ පිස්සා වූ පද්මසිරිට අවුරුදු 11ක් වුවද අම්මා ඔහුට බත් කැව්වාය. දිනක් අම්මා කුස්සියේ බත් කවමින් සිටියාය. පද්මසිරි අම්මාට යෝජනාවක් ගෙනාවේ ය.

‘‘අම්මෙ මට මහණ වෙන්න ඕන’’

‘‘මොකක්’’


 පද්මසිරි, මව හා පියා සමඟ

ටික වේලාවක් නිහඬව සිටි මව නිහැඬියාව බින්දා ය.

‘‘ඇයි තාත්තා ගහන නිසාද?’ ඇය සෙමෙන් ඇසුවා ය.

ඇත්තෙන්ම එය පද්්මසිරිට හේතුවක් වූයේ නැත .

ඒ සමඟම තාත්තා නිවසට ආවේය. කෑම කවන ගමන් අම්මා පද්්මසිරිගේ යෝජනාව ගැන තාත්තාට කීවා ය.

තාත්තාගේ ඇස් උඩ ඉන්දවිණි

‘‘ඇත්තද පුතේ අම්ම කියන කතාව’’ තාත්තා පද්මසිරිගේ් හිස අතගාමින් ඇසුවේ ය.

තාත්තාගේ කතාවත් එය ඇසූ ආකාරයත් ගැන අම්මාද පුදුම වූවා ය.

තාත්තා එතරම් කරුණාවෙන් කතා කළ දවසක් පද්මසිරිට මතක නැත .

පද්මසිරි පැවිදි වනවාට අම්මා කැමැති වූයේ නැත. පවුලේ බඩපිස්සා වූ පද්මසිරි නිදා ගත්තේ අම්මා සමඟය. අම්මා කිසිවිටෙක ඒ බඩ පිස්සා තමාගෙන් වෙන්වනවාට කැමැති වූයේ නැත. එහෙයින් ඒ කතාව එතැනින් නිම වුණි.

කාලය ගෙවී ගියේ ය.

ඒ 1973 වසරයි. එකල නවදගල ගමට වාහනයක් ආවානම් ඒ ඉතාම කලාතුරකිනි. මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයක් දිනක් මේ ගමට ආවේය. එදින පාසල් නිවාඩු දිනයක් වූ අතර මෝටර් රථය පිටිපස්සෙන් ගමේ කොල්ලො කුරුට්ටෝ සේරම දුවන්නට විය. සමහරු දිව්වේ අත තිබුණු බයිසිකල් රිම් අතේ ඇතිවය. මෝටර් රථය කෙලින්ම පැමිණියේ පද්මසිරිගේ නිවස ඉදිරිපිටට ය.

පද්මසිරිගේ අම්මා තාත්තා ඇතුළු නිවසේ සිටි සියලූ දෙනා එළියට බැස්සේ පැමිණියේ කවුදැයි සොයා බලන්නය. රියැදුරා බැස විත් පසුපස දොර ඇරියේය. දොරින් බැස ගත්තේ ස්වාමීන් වහන්සේ නමකි.

‘‘දෙයියනේ නාගදීපෙ අලූත් ලොකු හාමුදුරුවෝ‘‘ මව ගෙට දිව ගියාය. සුදු රෙද්දක් ගෙන පුටුවට දැම්මාය. පද්මසිරිත් තාත්තාත් නිවසේ සිටි සියලූ දෙනාම එළියට පැමිණ ස්වාමීන් වහන්සේගේ දෙපා නැමඳ නිවසට වැඩම කරවන්නට විය.

‘‘නායක හාමුදුරුවෝ කොහේ වඩින ගමන්ද?’’ පද්මසිරිගේ මව විමසුවේ වැඳ නමස්කාර කිරීමෙන් පසුව ය.

‘‘මම මෙහාටමයි වැඩියේ’’ නාගදීප නායක හිමියන් වූ බලපිටියේ බ‍්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස හිමියෝ පැවසූහ.

උන් වහන්සේ එසේ පැමිණීමට හේතුව සුළු එකක් නොවන බවනම් පැහැදිලි විය. එකල කොළඹ සිට නාගදීපයට යාමට දින දෙකක් පමණ ගත විය. එවන් දුෂ්කර ගමනක් උන් වහන්සේ පැමිණියේ මිල්ටන් විසින් යම් හෝ නොකටයුත්තක් කළ නිසාද එසේත් නැත්නම් ප්‍රේමසිරිගේ පියාගේ බීමත්කම සම්බන්ධව යම් දෝෂාරෝපණයක් කරන්නට දෝ යන ප‍්‍රශ්න සැමගේ සිත්හි නළියන්නට විය.

(මතු සම්බන්ධයි*

’‘අපේ නායක හාමුදුරුවන්ගේ අපවත්වීමේ තුන් මාසේ පින්කම ලොකුවට නාගදීපෙ තියන්නයි මගේ බලාපොරොත්තුව’’

‘‘එහෙමයි’’

‘‘එදාට මේ පැත්තෙ දරුවො තුන් හතර දෙනෙක් මහණ කරන්නයි මම හිතාගෙන ඉන්නෙ. පේ‍්‍රමරත්නගෙන් මට දැන ගන්න ලැබුණා පද්මසිරි කියන දරුවා මහණ වෙන්න කැමැතියි කියලා, ඒකයි මම මේ ආවේ, කෝ කවුද පද්මසිරි’’

පද්මසිරි බිම වාඩි වී උන් තැනින් නැඟිට අම්මාත් තාත්තාත් දෙසත් ඒ වෙලාවේ නිවසේ සිටි සහෝදර සහෝදරියන් දෙසත් බැලූවේය.

’’ළමය මහණ වෙන්න කැමැතිද?’’

ඔහුට කට උත්තර නැති විය. තමන් පැවිදි වනවාට අම්මා අකමැති බව පද්මසිරි හොඳින්ම දනියි.

එහෙත් ස්වාමීන් වහන්සේගේ ගෞරවාන්විත තේජස් පිරි මුහුණ දුටු පද්මසිරිට උන් වහන්සේට අවශ්‍ය පිළිතුර නොදී සිටින්නට බැරි විය.

‘‘ඔව්’’ පද්මසිරිගේ මුවින් නිකුත් විය.

‘‘එහෙමනම් මේ දරුවව සූදානම් කරල තියන්න, මම හෙට අනිද්දට පේ‍්‍රමරත්නව එවන්නම්’’.

නායක හාමුදුරුවන්ගේ කතාවට විරුද්ධව කතා කරන්නට හෝ උන් වහන්සේ විසින් කළ යෝජනාවට යම් හෝ වචනයක් කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවුණේ උන් වහන්සේට ඇති ගෞරවය නිසා ය. ගිලන්පස වැළª නායක හිමියෝ ආපසු වැඩම කළහ.