[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

රෝග නිවාරණයට පිරිත්

ක්ෂීණාශ්‍රවයන් වහන්සේ පවා කායිකමය වශයෙන් රෝගී තත්වයන්ට පත් වූ අවස්ථාවලදී බොජ්ඣංග සූත්‍ර දේශනා කර ඇත. මහා කස්සප ථෙර බොජ්ඣංග සූත්‍රය මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග සූත්‍රය ආදී සූත්‍ර මහා කස්සප මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනා කිරීමෙන් පසුව එම කායික අපහසුතා සමනය කරගෙන ඇත.  ද දවසේ මුලු මහත් ලෝකය මුහුණ පා ඇති බරපතළම උවදුර Covid - 19 වයිරස් රෝගය යි. තවමත් එයට නිසි ප්‍රතිකාරයක් සොයා නොගැනීම හමුවේ ලෝකයේ සෑම තත්ත්පර 30කට වරක් අයකු මරණයට පත්වන බවක් පෙනෙන්නට ඇත. දැනට ලක්ෂ 10ක පමණ පිරිසකට රෝගය ආසාදනය වී ඇති අතර පනස් දහසකට අධික සංඛ්‍යාවක් ලොවපුරා මරණයට පත්වී ඇත. මිනිසාගේ පාලනයෙන් ඔබ්බෙහි සිදුවන ව්‍යසනකාරී තත්ත්වයක් බවට මෙය පත්ව ඇත. විශේෂයෙන් මෙවන් අවස්ථාවල දී මිනිසා යොමු වනුයේ විවිධ අභිචාර සහ උපචාර ක්‍රමයට බව ඈත ඉතිහාසයේ සිටම පෙනී යන කරුණකි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි යුගයේදී විවිධ ව්‍යසනකාරී තත්ත්වයන් එදා සමාජයේ ඇති වූ බව සඳහන් වේ. විශාලා මහනුවර ඇති වූයේද එබඳු එක් වසංගතයකි. වැස්ස නැති වීමෙන් ඇති වූ දුර්භික්ෂය, වසංගත රෝග පැතිරීමෙන් ඇති වූ ජීවිත හානි සහ විවිධ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවූ තර්ජන හමුවේ විශාලාව අමුසොහොනක් විය. අන්ත අසරණ තත්ත්වයට පත් නුවර වැසියෝ තම තමන් දන්නා ආකාරයට සහ සුදුසු යැයි ආරංචි මාත්‍රයෙන් දැන ගන්නා ක්‍රමයන්ට විවිධ යාගහෝම කරමින් විවිධ අභිචාර උපචාර විධීන් අනුගමනය කරමින් පුදපූජා පවත්වමින් යම් සහනයක් පැතූහ. ඒ කිසිදු ක්‍රමයකින් සැනසිල්ලක් නො වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එනුවරට තම උපස්ථායක ආනන්ද හිමියන් සමඟ වැඩම කළහ. මහා කරුණාවෙන් යුතුව උන්වහන්සේ එහිදී රතන සූත්‍රය දේශනා කළහ.


 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]