Print this Article


 චන්දා ථේරීගාථා

 චන්දා ථේරීගාථා

මම
පෙර
හිමියකු නැති
දරුවන් නොමැති
දුක්පත් තැනැත්තියක් වීමි.
නෑ මිතුරු කිසිවකු නැති
තැනැත්තියක් වීමි.
ආහාර හා වස්ත්‍ර ද මට නො වී ය.
මම මැටි පාත්‍රයක් හා දඬුකඩක් ද, ගෙන
ගෙන් ගෙට සිඟා යමින්
ශීතෝෂ්ණයෙන් පීඩා විඳිමින්
වසර හතක්
තැනින් තැන ඇවිද්දෙමි.
ආහාරපාන ලැබෙන
පටාචාරා මෙහෙණ දැක,
ඇය වෙත ගොස්
බුදුසසුන්හි පැවිද්ද ඉල්ලුවෙමි.
ඒ පටාචාරා මෙහෙණ ද
මා කෙරෙහි අනුකම්පා උපදවා
පැවිදි කොට
මට අවවාද දී
පරමාර්ථයෙහි (කමටහන් වඩනු පිණිස)
යෙදුවා ය.
මම එතුමියගේ බස් අසා
ඒ වූ පරිදි පිළිපැද්දෙමි.
ආය්‍යාවගේ අවවාද
හිස් නො වී ය.
ත්‍රිවිද්‍යා ලබා රහත් වීමි.
මෙසේ චන්දා තෙරණිය ගාථා කීවා ය.