Print this Article


කෝරළඉම ශ්‍රී සංඝමිත්තා මෙහෙණි පිරිවෙන

කෝරළඉම ශ්‍රී සංඝමිත්තා මෙහෙණි පිරිවෙන


මාතලේ ධම්මධීරා
මෙහෙණින් වහන්සේ

ගෝනපල හන්දිය, කෝරළ ඉම ශ්‍රී සංඝමිත්තා මෙහෙණි පිරිවෙන ගල් තලාවක පිහිටි රමණීය පරිසරයකින් යුත් ශ්‍රී සංඝමිත්තා සීල මාතා අධ්‍යාපන පීඨය නමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 1993 සිට ලියාපදිංචි වූවකි. එය මේ දක්වා පවත්වාගෙන එනු ලැබේ. 2018 අග භාගයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මෙහෙණි පිරිවෙන් ලියාපදිංචි කිරීමේ එම පිරිවෙණ ද ලියාපදිංචි කරන ලදී. 1983 වර්ෂයේ මෙහෙණින් වහන්සේලාට ඉගෙන ගැනීමට පිරිවෙනක් නොතිබූ හෙයින් එවකට ආරාමාධිපති ව සිටි හත්ථක ධම්මචාරී මෙහෙණින් වහන්සේ සහ සිරිශීල සංවර්ධන බෞද්ධ සමිතියේ සභාපතිතුමාගේ උනන්දුව මත බුදුසරණ පුවත්පතින් අධ්‍යාපන පීඨයක් ආරම්භ කරන බව දැන් වීමෙන් ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල පොඩි සහ ලොකු මෙහෙණින් වහන්සේලා, ගුරු මෙහෙණින් වහන්සේලා විසින් භාර දෙන ලදී. එතැන් පටන් 45 නමක්, 60 නමක්, 40 නමක් ආදී වශයෙන් ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගවලට ස්වේච්ඡා ගුරුවරුන්ගේ උපකාරයෙන් ඉදිරිපත්ව එයින් සමත්විය.

1986 දී බුද්ධශාසන අමාත්‍යාංශයේ අධ්‍යාපන පීඨ 17 ක් ආරම්භ කිරීමේ දී මෙම අධ්‍යාපන පීඨයද ඊට ඇතුළත් විය. එහිදී පිරිවෙන්වලින් සිදුකරන මූලික පන්තියේ සිට ප්‍රාචීණ පන්ති දක්වා අධ්‍යාපනය හදාරවන ලදී. එම කාලවල ඉගෙනගත් ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලා දැනට විසි දෙනෙක් පමණ රජයේ පාසල්වල සහ 2018 ආරම්භ කරන ලද මෙහෙණි පිරිවෙන්වල ආචාර්ය මෙහෙණින් වහන්සේලා වශයෙන් උගන්වනු ලැබේ. දැනට පිරිවෙන් අංශයේ ලියාපදිංචි වී ඇති නිසා සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි, දෙමළ, ගණිතය, සෞඛ්‍ය, ත්‍රිපිටකය, සමාජ විද්‍යාව ආදී විෂයන් උගන්වන මෙහෙණින් වහන්සේලාට සහ ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට රජයේ දීමනාව ලැබෙනු ඇත. මෙම පිරිවෙන් ඉදිරියටත් අධ්‍යාපනය ලබා ගැනීමට කැමති වයස 10 - 20 දක්වා ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලා ද, වයස 8 - 16 දක්වා ගැහැනු ළමයින්ටද මෙම පිරිවෙනට භාරකරුවෙකු මගින් ඇතුල්විය හැකි බවද කියයි.නිසි ආරක්ෂාවද ලැබෙන බව කෘත්‍යාධිකාරී මාතලේ ධම්මධීරා මෙහෙණින් වහන්සේ දන්වා සිටී.