Print this Article


සදහම් අරණ

ආනන්ද මහ රහතන් වහන්සේ

ධෝතෝදන ශාක්‍ය මහ රජතුමාගේ පුත්‍ර වූ අනඳ මහ තෙරුන් වහන්සේ පෙර පියුමතුරා බුදුන්වහන්සේ සමයෙහි නොයෙක් කුසල්කොට බුදුන් වහන්සේ නමකට අග්‍ර උපස්ථායක වේවායි ප්‍රාර්ථනා කළහ. ඒ අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායක විය. ධෛර්යය ඇත්තවුන් අතර ද, උපස්ථායකයන් අතර ද උන්වහන්සේ අග්‍ර වූ හ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පෙර උන්වහන්සේට රහත්බව අවබෝධ කර ගැනීමට නොහැකි වුවත්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති පළමුවෙනි ධර්ම සංගායනාවට පළමු දින අලුයම් කාලයේ දී සියලු කෙලෙස් නසා රහත් බව ලැබූහ.

****

සුන්දර පින්කමක්

කඩවත, රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානය වෙත පසුගිය 22 වැනිදා බුද්ධාලම්භන පී‍්‍රතිය දනවන දවසක් විය. අප විහාරාධිපති ගිරාකඩුවේ සද්ධාතිස්ස නා හිමියන්ගේ හැටවන ජන්මදිනය වෙනුවෙන් පින්කම් සංවිධානය වුණි. කුල දරුවන් හතර දෙනෙකු පැවිදි කිරීමත්, මහා සංඝරත්නය සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමත් , පසුදින හීල දානය පූජා කිරීමත් පින්කමට සමගාමී ව සිදුවිය. දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙකු වන මා ද එම පින්කම සාර්ථක කර ගැනීමට ඇප කැප වූ අතර විහාරාධිකාරි කැලණියේ සුධම්ම හිමියෝ අපට මඟපෙන්වීම සිදු කළහ.

****

පෙරදිග මුතු ඇටය

සශ්‍රීකත්වයෙන්, ගහකොළින් පිරුණු මගේ රට “ශ්‍රී ලංකාව“ යි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් මගේ රට කඳුළු බිංදුවක හැඩයක් ගනී. සිංහල,දෙමළ , මුස්ලිම්, බර්ගර් යන ජාතීහු වාසය කරති. අපේ රටේ කාලගුණය ඉතා සුවපත් ය. බොදු ජනතාව වැඩිපුර වෙසෙන බෞද්ධ දේශයක් වන ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාම පින්බර රටකි. අපේ රටේ නම බබළවමින්, ලක්මවට කීර්තියක් අත්කර දීම මගේ අරමුණයි. අපි සියලු දෙනාම එක්රොක් වී පින්බර ලක්මව සදා රැකගනිමු.

****

මව්ගුණ කවි

හොඳ ඔවදන් දෙමින් ගුණ ගරුක
ඇඟ ලේ කිරි කර දී මෙමට
බොහෝ නො නිමෙන දුක් දරා
මගෙ දිවිමග සරුකරනට වෙහෙස වුණ
අම්මේ ඔබ සුවපත් වේවා!

****

ගුරු හිමියනි

ලෙඩක් දුකක් හැදුණු විටදී අපට ළඟින් හිටියා
පිරිවෙන වෙත පරිස්සමට අප රැගෙන ගියා
එනවිට සතුටින් ගුරුහිමි අප සමඟම වැඩියා
ගුරු හිමියනි මේ භවයෙම නිවනින් සැනසේවා

****

දහම් පාසල

දහම් පාසලට හැම ඉරිදම එනවා
ධර්ම ශාලාව පළමුව අම දිනවා
තැන තැන තියෙන පොඩි තණ කොළ උදුරනවා
ඉදල රැගෙන මුළු මිදුල ම අමදිනවා

හතයි තිහට ලොකු සමිඳුන් වඩින විට
අප කැමතියි ආගම සිහි කරන්නට
පන්සිල් දී පාසලෙ වැඩ අරඹන්ට
ගුරුවරු ළමෝ කැමතියි මේ පිළිවෙලට

****

පුංචි වුණත් මං

හැම පෝයම සිල්ගන්නව පුංචි වුණත් මං
බෝ මලුවත් අමදිනවා පුංචි වුණත් මං
පාසල් ගොස් ඉගෙන ගන්න හරි ආසයි මං
ලොකු වුණාම ගුරුතුමියක් වෙන්න ඉන්නෙ මං

****

බුද්ධත්වය

****

ගොවි මාමා

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

630 දිනුක සත්සර ඇන්තනි - 06 වන ශ්‍රේණිය
වාරියපොල ශ්‍රී සුමංගල විදුහල – මහනුවර

631 ප්‍රමිතා උපශාමා - 8 වන ශ්‍රේණිය
රාජසිංහ මහා විද්‍යාලය – ඉඹුල්ගොඩ

632 ඩබ්.දිනුදි නෙත්සරණි - 05 වන ශ්‍රේණිය
ශ්‍රී සාරානන්ද දහම් පාසල – පානදුර

633 එම්.ටී. හිරුණි චතුරංගි - 06 වන ශ්‍රේණිය
ශ්‍රී විදර්ශි දහම් පාසල – ඉඳුරුව

634 ඩබ්.ඒ. කාවින්දි ඉමාෂා - 11 වන ශ්‍රේණිය
නන්දසාර දහම් පාසල – පරෙයිගම

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

උතුම් ශ්‍රී පාදස්ථානය පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.