ශ්‍රී බුද්ධ වර්ෂ 256- ක් ව මැදින් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 මාර්තු 09 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මානවකයෝ නගුලින් කුඹුර සා භූමියෙහි බිජු වපුරන්නාහු අඹුදරුවන් පෝෂණය කරමින් ධනය ලබත්.
සිල්වත් ව, ශාස්තෘන් වහන්සේගේ ශාසනයට අනුලොම් ව කම්මැළි නොවී, සංසුන් සිතැති, උඩඟු නොවූ මම කවර හෙයකින් නිවන පසක් නො කරම් ද?
පා සේදීම පිණිස තුන්වරක් දිය නැමූ කල්හි උස් බිමෙන් පහළට ගලා ආ දිය දැක, මම එය භාවනා නිමිත්තක් කරගතිමි.
අනතුරුව භද්‍ර වූ ආජානීය අශ්වයකු මෙන් මගේ, සිත විදර්ශනා සමාධියෙන් සමාහිත කෙළෙමි. ඉන්පසු පහනක් ගෙන විහාරයට පිවිසියෙමි.
පහන් එළියෙන් සයනය දැක ඇඳෙහි හිඳගතිමි. ඉක්බිති ඉදිකටුවෙන් පහන් තිරය තෙලට ඇද්දෙමි. එවිට පහන නිවුනාක් මෙන් සිත ද කෙලෙසුන්ගෙන් මිදුණේ ය. (සිත ද නිකෙලෙස් විය)
මෙසේ පටාචාරා තෙරණිය
ගාථා කීවා ය.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්රන්ථ සම්පාදක මණ්ඩලය සිංහල ථේරීගාථා
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.
මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.
පසළොස්වක
මාර්තු 09
අව අටවක
මාර්තු 16
අමාවක
මාර්තු 23
පුර අටවක
අප්‍රේල් 01
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]