ගුරු ගෞරවය
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
මෙම ලිපියේ මුල් කොටස පසුගිය පුරඅටවක පෝදා (02 වනදා) පත්‍රයේ පළවිය.
ග්‍රාමවාසී සැදැහැවතුන් උන්වහන්සේලා හඳුනාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් අවශ්‍ය පහසුකම්
සලසා දුන්නා. පොඩි හාමුදුරුවෝ උන්වහන්සේලා ඉතාම ගෞරවයෙන් පිළිගත්තා.
එදා රාත්‍රියේ තමන්ට බණ අසන්නට අවශ්‍ය බව දායක පිරිස පැවසුවා. ‘පිණ්ඩපාතික තිස්ස
පොඩි හාමුදුරුවන් වහන්සේටම ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලෙස සැරියුත් මහ රහතන්
වහන්සේ පැවසුවා.
“අනේ! අපේ පොඩි හාමුදුරුවෝ දන්නේ සුවපත් වේවා!. දුකින් මිදෙත්වා! කියන්න විතරනේ.
අපට නම් කවදාවත් බණ ටිකක් කියා දී නෑ” ගමේ අය කීවා.
සැරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතික තිස්ස පොඩි හාමුදුරුවන් ඇමතුවා. සුවපත් වෙන සැටි,
දුකෙන් මිදෙන සැටි ම මාතෘකා කරගෙන ධර්ම දේශනාවක් කරන ලෙස පැවසුවා. ඉතින් පොඩි
හාමුදුරුවන් වහන්සේත් බෝධි පාක්ෂික ධර්ම වගේ ගැඹුරු ධර්ම කරුණුවලින් ධර්ම දේශනාව
සිදු කළා. නිවන් අවබෝධ කළ තැනැත්තා නියම සැප ඇති පුද්ගලයෙක් බවත්, සතුටු වෙන
තැනැත්තා දුකෙන් මිදුණ කෙනෙක් බවත් පැහැදිලි කළා. දායක පිරිසේ සිටි බොහෝ අය පොඩි
හාමුදුරුවන්ගේ බණ අසා බොහෝ සතුටට පත් වුණා. තවත් පිරිසක් මේ තරම් බණ දැනගෙනත් අපට
වචනයක් කියලා දුන්නේ නෑ” කියලා අප්‍රසාදය පළ කළා. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ
පසුවදා උදෑසන ම දෙව්රම් වෙහෙරේ සිට මේ සිදුවීම දිවැසින් දුටුවා.
භික්ෂූන් වහන්සේලා දවල් පිණ්ඩපාතය පිණිස ගමට වැඩියා. ඒ පිරිසේ මුලින් ම පෙනී සිටියේ
බුදුරජාණන් වහන්සේ. පොඩි හාමුදුරුවන් වහන්සේ අගට ම වැඩියා. දානය වළදා අවසානයේ
බුදුරජාණන් වහන්සේ භූක්තානුමෝදනා දේශනාව සිදු කළා. ඒ ධර්ම දේශනාව ඇසූ බොහෝ පිරිසක්
පැහැදුණා. දානයෙන් පසුව බුදුරජාණන් වහන්සේ පොඩි හාමුදුරුවන්ගෙන් ‘මේ ගස්වැල් , මල්
මොන වගේ ද? “ කියා අසමින් ආරාමයේ කඳු මුදුනට ම වැඩම කළා. ඈතින් පෙනෙන පරිසරය හරිම
ලස්සනයි. මහ මුහුදේ දර්ශනය බොහොම ආකර්ශනීය යි. “ මහ මුහුද දුටුවාට පසුව පොඩි
හාමුදුරුවන්ට සිතුණේ මොනවා ද?”
බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතික තිස්ස පොඩි හාමුදුරුවන්ගෙන් විමසුවා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දුකට පත්වෙලා හැඬූ කඳුළු මේ මුහුදු ජලයටත් වඩා
වැඩියි.” පොඩි හාමුදුරුවෝ පැවසුවා. පෙනෙනවා නේද දරුවනේ. රහතන් වහන්සේ නමක් සහ අප
මුහුද දැකීමේ දී තිබෙන වෙනස.
ඊළඟට, පර්වතය මුදුණේ සිට පහළින් පෙනෙන මහා ප්‍රපාතය දුටුවා ම මොනවද සිතුණේ කියලා
බුදුරජාණන් වහන්සේ විමසුවා. “මේ සංසාර ගමනේ දී කො පමණ වාරයක් මා මෙතැන ම මිය ගොස්
මෙතැනින් ම පහළට නො දමන්නට ඇතිද කියලා මට සිතෙනවා’ යි පොඩි හාමුදුරුවෝ පැවසුවා.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ පොඩි හාමුදුරුවන් අමතා, ‘අප දැන් ආපසු වඩිනවා.ඔබත් අප සමඟ
යනවා ද? “ කියලා විමසුවා. ‘ගුරුහාමුදුරුවෝ කියනවා නම් මමත් යනවා”. පොඩි හාමුදුරුවෝ
පිළිතුරු දුන්නේ ඒ විදිහට. පිණ්ඩපාතික තිස්ස පොඩි හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්
වහන්සේ කවුද? සැරියුත් මහ රහතන් වහන්සේ පොඩි හාමුදුරුවෝ එසේ පැවසුවත්, වඩාත් කැමති
වනවාසී ව වැඩ සිටින්නට බව සැරියුත් මහ රහතන් වහන්සේ තේරුම් ගත්තා. ඉතින් සියලු
භික්ෂු පිරිස ආපසු වැඩම කළා. පොඩි හාමුදුරුවෝ ආරණ්‍යයේ ම නතර වුණා. එතැන් සිට
පිණ්ඩපාතික තිස්ස පොඩි හාමුදුරුවෝ “වනවාසී තිස්ස” නමින් ප්‍රසිද්ධ වුණා. දිනක් දම්
සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේ මේ ගැන කතා වුණා.
පිණ්ඩපාතික තිස්ස හාමුදුරුවෝ ලාභ සත්කාර අත්හැර දමා කැලෑවකට ගිහින් දුක් විඳිනවා.”
බුදුරජාණන් වහන්සේට මේ කතාව ඇසුණා. “ලාබ සත්කාර ඉපදීමේ ක්‍රමය එක ගමන් මගක්,
නිර්වාණගාමි ප්‍රතිපදාව තවත් ගමන් මගක්.” බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ලාබ
සත්කාර බලාපොරොත්තු නො වන පිරිසක්’.කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
දරුවනේ, පෝ දින කිහිපයක් පුරා අප කතා කළ පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේගේ කතාව
හොඳින් මතක තබා ගන්න. උන්වහන්සේගේ චරිතය ආදර්ශයට ගෙන යහපත් දරු පිරිසක් වෙන්නට
උත්සාහ කරන්න. හොඳ වැඩ කරලා හොඳ නමක් දිනා ගන්න. ගුරුභවතුන්ට කීකරුවෙන්න. තමන්ගේ
ජීවිතයට ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.
රමණී සුබසිංහ |