සැප විඳින්නේමේ ජිවිතයේ කළ පිනෙන් පමණක් ද?
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පව් කරන සමහර පුද්ගලයන් සුවසේ වාසය කරනවා අපට දකින්නට ලැබෙනවා. ඔවුන් ධනය උපයනවා.
ප්‍රසිද්ධියත් ලබනවා. හොඳින් කා බී ජීවත්වෙනවා. ඔවුන් පව් කරනවා අපට පේනවා. සැපසේ
වාසය කරන බවකුත් පේනවා. ඇත්තෙන් ම ඔවුන් සැපසේ වාසය කරන්නේ මේ ජීවිතයේ දී කරන
පිනකින් නෙවෙයි. පෙර ජීවිතයක දී කරපු පින් බලයෙනුයි.
ගෞරවනීය ස්වාමින්වහන්ස, අප විසින් කරනු ලබන පාප කර්ම, අකුසල කර්මවල, අයහපත්ඵල අප
පසුපස ම පැමිණෙනවා. මේ අකුසල පිළිබඳව ධර්මයෙහි විස්තර වන්නේ කෙසේ ද?
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ පව යනු දුක උපදවන දෙයකට කියන නමක් බවයි. එමෙන් ම
අනිෂ්ඨ, අකාන්ත, අමනාප, අපි‍්‍රය දේ ජීවිතවලට ලැබෙන්නේ සිත, කය, වචනයෙන් පව්
රැස්වීම තුළ යි. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් මුල් හේතුකරගෙන දස අකුසල් සිදුවෙනවා.
ප්‍රාණඝාතය, සොරකම, වැරැදි කාමසේවනය, බොරු කීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය පස් පව්
යනුවෙන් ධර්මයේ පෙන්වා දී තිබෙනවා. ඒ වගේම කය මුල්කරගෙන ප්‍රාණඝාතය, සොරකම, වැරැදි
කාම සේවනය සිදුවෙනවා. වචනය මුල් කරගෙන බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන
කීම යන අකුසල් හතර සිදුවෙනවා. මනස මුල්කරගෙන තරහ අමනාපයත්, විෂම ලෝභයත්, මිථ්‍යා
දෘෂ්ටියත් යන ත්‍රිවිධ අකුසල් සිදුවෙනවා. මේවා හඳුන්වන්නේ දස අකුසල් වශයෙනුයි. පස්
පව් තුළිනුත්, දස අකුසල් තුළිනුත් රැස්වෙන අයහපත් කර්මයන් ඔස්සේ මේ ජීවිතයේදීත්,
පරලොව වශයෙනුත් දුක් විපාක උපදින බව දුගතිගාමී වන බව, සියල්ල දන්නා, සියල්ල දක්නා
සර්වඥතා ඤාණයෙන් යුතු අපගේ ශාස්තෘන් වහන්සේ මනාකොට පෙන්වා දී තිබෙනවා.
පව විපාක දෙන ආකාරය ගැන ධර්මයේ සඳහන් වන්නේ කුමන ආකාරයෙන් ද?
පින් පව්, එසේත් නැත්නම් කුසල්, අකුසල් විපාක දෙන ප්‍රධාන ආකාර තුනක් ධර්මයේ සඳහන්
වෙනවා. එනම් දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ජීවිතයේ දී ම විපාක දෙනවා. උපපජ්ජවේදනීය
වශයෙන් මරණින් මතු ඊළඟ ජීවිතයේ දී විපාක දෙනවා. ඒ වගේම අපරාපරීයවේදනීය වශයෙන් නිවන්
දක්නා තුරුම විපාක දෙන කර්මයන් තිබෙනවා.
පස් පව්, දස අකුසල් සිදු කරන විට මෙලොව වශයෙන් ම බිය, වෛරය, කායික මානසික දුක්
දොම්නස් උරුමවෙන බව පංචභයවේර සූත්‍රය ආදී බොහෝ දේශනාවල දී භාග්‍යවතුන් වහන්සේ දේශනා
කොට වදාළා. පව් කරන තැනැත්තා නින්දා, අපහාසවලට ලක්වෙනවා. පහරදීමට ලක්වෙනවා.
නීතියෙන් දඬුවම් ලැබෙනවා. දෙතිස් වධයන්ට ලක්වෙනවා. සමහරුන්ට ජීවිතය පවා අහිමිවෙනවා.
ඒ වගේම පරලොව වශයෙන් නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත, අසුර ආදී ලෝකවල ඉපදී අනේක දුක්
දොම්නස් විඳිනවා. දේවදූත සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, කෝකාලික සූත්‍රය ආදී දේශනාවල
නිරයේ විඳින්නට සිදුවන බිහිසුණු දුක් විස්තර වශයෙන් පෙන්වාදී තිබෙනවා. ප්‍රේත ලෝකයේ
ඇති අනේක දුක් ප්‍රේත වත්ථු දේශනාවල පැහැදිලි ව පෙන්වා දී තිබෙනවා. තිරිසන් ජීවිතවල
විඳවන දුක් වචනයෙන් පවසා නිමකළ නොහැකි බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ
ආකාරයට පස් පව්, දස අකුසල් කරන කෙනාට බොහෝ සෙයින් එහි ආදීනව විඳින්නට සිදුවෙනවා.
පව් කරන අය සමාජයේ හොඳින් ජීවත්වන බවත්, ඔවුන්ට එහි විපාක නො ලැබෙන බවටත් වැරැදි
මතයක් සාමාන්‍ය මිනිසුන් අතර තිබෙනවා. මේ ගැන ධර්මානුකූලව කරුණු පහදා දෙන්න.
පව් කරන සමහර පුද්ගලයන් සුවසේ වාසය කරනවා අපට දකින්නට ලැබෙනවා. ඔවුන් ධනය උපයනවා.
ප්‍රසිද්ධියත් ලබනවා. හොඳින් කා බී ජීවත්වෙනවා. ඔවුන් පව් කරනවා අපට පේනවා. සැපසේ
වාසය කරන බවකුත් පේනවා. ඇත්තෙන් ම ඔවුන් සැපසේ වාසය කරන්නේ මේ ජීවිතයේ දී කරන
පිනකින් නෙවෙයි. පෙර ජීවිතයක දී කරපු පින් බලයෙනුයි. ඒ පින් අවසන් වූ දවසටයි දැන්
කරන පව්වල විපාක ලැබෙන්නේ. එවිට ඔවුන් දුක් විඳිනවා. නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත
ලෝකයේ ඉපදී බිහිසුණු දුකකට පත්වෙනවා. එදාට තමන් කරපු පව් හොඳට පේන්න ගන්නවා. ‘කරන
කළට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.’ කියා පවසන්නේ ඒ නිසයි.
එමනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ, ‘සචේ භායති දුක්ඛස්ස’ යමෙක් දුකට භයනම්,
අකැමැතිනම්, එළිපිටදීවත්, රහසේවත් පව් නො කරන ලෙසයි.
සමහරු තමන්ගේ ධනය, බලය යොදාගෙන පව් කරමින්, නීතියේ රැහැනට අසුනොවී ඉන්නවා. එම
වැරැදි ආදර්ශය නිසා අනෙක් අයත් වැරැදිවලට පෙළඹෙනවා නේද?
කෙනෙක් පස්, පව්, දස අකුසල් කොට තමාගේ ධනය, බලය උපයෝගී කරගෙන නීතිමය දඬුවම්වලින්
බේරී සිටින්නට පුළුවන්. ඒ වගේම තාවකාලික ව සැපවත් ජීවිතයක් ගත කරනවා වෙන්නත්
පුළුවන්. නමුත් ඔවුන් කළ පාපකර්ම අළුයට ගිනි පුපුරු සේ තිබී විපාක දීම සිදුවෙනවාම
යි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් පාප කර්මයක් කළ පසු එය විපාක නො දීම පිණිස සැඟවී
සිටින්නට තැනක් අහසෙත් නෑ. මුහුදෙත් නෑ. පර්වත ඇතුළෙත් නෑ. පව විපාක දෙනවා යි. කියා
යි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දුස්සීල පාපී පුද්ගලයාට සිදුවෙන හානි පහක් පෙන්වා දී
තිබෙනවා.
ඔහුගේ භෝග සම්පත්, ධන - ධාන්‍ය විනාශ වී යනවා, අපකීර්තිය පැතිරී යනවා, තමන් කළ
වැරැදි, පව්කම් නිසා පිරිසක් මැදට, සමාජයට පැමිණෙන්නේ සැක, බිය සහිතවයි, සිහි
මුළාවී මරණයට පත් වන්නට සිදුවෙනවා, මරණින් මතු දුගතියේ උපදිනවා. එමනිසා අනුන් පව්
කරනවා ඒත් හොඳින් ඉන්නවා කියන මිථ්‍යා මතය තුළ සිටිමින් තමන්ගේ ජීවිතය විපතේ හෙළා
ගැනීම කිසිසේත් නො කළ යුතුයි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කොට
වදාළේ මේ ආකාරයට යි.
කෙනෙක් ධර්මය නො දන්නාකමින්, පාප මිත්‍ර ඇසුරෙන් පවට යොමුවී සිටියේ නම්, ඔහුට
නැවත නිවැරැදි විය හැකි ද? ඒ කෙසේද?
මුලින්ම ඔහු පාපමිත්‍ර ආශ්‍රය බැහැර කළ යුතු යි. පාපමිත්‍රයා තරම් ජීවිතයට හානිකර
කෙනෙක් බුදු ඇසින් නො දකින බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම ඔහු තමන්
අතින් සිදු වූ වැරැදි අඩුපාඩු අකුසල් බව තේරුම් ගත යුතු යි. එවිට වර්තමානයත්,
අනාගතයත් යහපත් කරගත හැකියි. එමෙන් ම කල්‍යාණ මිත්‍ර ඇසුර සලසාගෙන ධර්මය ශ්‍රවණය
කිරීම ඉතාමත්ම වැදගත්. අප සිදුකළ යුත්තේ වරදින් අත්මිදී යහපත් වීමයි. පින් රැස්
කිරීම යි. දස කුසල් පුරුදු පුහුණු කිරීම යි. බුද්ධ ශාසනය තුළ මසුරු අය මහා
පරිත්‍යාගශීලීන් බවට පත්වුණා. දුශ්සීල ජීවිත ගත කළ අය සුසිල්වත් වුණා. අසමාහිත සිත්
ඇති අය සමාධිමත් ජීවිත ලබාගත්තා. දුෂ්ප්‍රඥව සිටි අය ධර්මය නුවණින් මෙනෙහි කොට මනා
ප්‍රඥාවන්තයින් බවට පත්වුණා. එමනිසා අංගුලිමාල මහරහතන්වහන්සේ, අම්බපාලි රහත් තෙරණිය
ආදී අකුසලයෙන් මිදී පරිපූර්ණ වශයෙන්ම කුසල් දියුණුකරගත් උත්තම චරිතාපදානයත් ආදර්ශයට
ගත යුතුයි. සියලු පවින් වෙන් වී කුසල් වැඩිය යුතුයි. කරුණා, මෛත්‍රී ආදී ගුණධර්ම
දියුණුකරගත යුතුයි. එවිට ලද වටිනා මිනිස් ජීවිතය, ධර්මය තුළින් සුරක්ෂිත කරගත
හැකියි.
- නයනා නිල්මිණී |