චූල සුභද්‍රාව
අනේපිඬු සිටුතුමාට චූල සුභද්‍රා, මහා සුභද්‍රා, සුමනා යැයි දියණියන් තිදෙනෙක් වූහ.
එයින් චූල සුභද්‍රා උග්ග නම් සිටුවරයාගේ පුත්‍රයාට විවාහ කරදෙන ලදී. උග්ග
සිටුතුමාගේ පවුලේ අය නිගණ්ඨයන්ට දානය දෙනවා. තමා ඔවුන් දැකීමට පවා ඇය අකැමැති වූවා
ය. එයට හේතු විමසූ විට ඇය ඉතා මිහිරි ගීයෙන් මහා සංඝරත්නයේ ගුණ වර්ණනාවක් කළා ය.
එයින් පැහැදීමට පත් උග්ග සිටුතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක්
දීමට ඇයට අවස්ථාව ලබා දුන්නේ ය. ඇය බුද්ධ ප්‍රමුඛ පන්සියයක් වූ මහා සංඝරත්නය
විෂයෙහි මහා දානයක් පිදුවා ය. මෙහිදී බණ ඇසූ උග්ග සිටුතුමා ඇතුළු පිරිස තෙරුවන් සරණ
ගියහ.
යූ.කේ. ෂකිනි ඉමල්ෂා
10 වන ශ්‍රේණිය
ශ්‍රී බෝධිරාජ දහම් පාසල, කතරගම
****
හොඳ ගතිගුණ
තෙරුවන් සරණ යෑමත්
දෙගුරුන් නැමදීමත්
වැඩිහිටියන් සැලකීමත්
ගති ගුණයකී යහපත්
පන්සිල් රැකීමත්
ධර්මය ඉගෙනීමත්
දුර දිග බැලීමත්
ගති ගුණයකි යහපත්
අනුන් දේ නොගැනීමත්
අසරණයින්ට පිහිට වීමත්
රට ජාතිය ගැන සිතීමත්
ගතිගුණයකි යහපත්
රවිදි චමත්මා ජයතිලක
3 වසර
බෝසත් දහම් පාසල
උඩහමුල්ල
****
පොළොන්නරු රන්කොත් වෙහෙර
උසින් මීටර් 55 ක් පමණ වන පොළොන්නරු රන්කොත් වෙහෙර කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල
රජතුමාගේ නිර්මාණයකි. මෙහි පැරැණි නම රුවන්වැලි දාගැබ ය. පේසාවළළු, වාහල්කඩ, ගර්භය,
සතරැස් කොටුව, කොත් කැරැල්ල යන අංග ඉතා අලංකාර ලෙස අදත් විද්‍යමාන වේ. මේ චෛත්‍යය
වට, යෙදූ සලපතල මළුව අදත් මනාව දැක ගත හැක.
යුමෙත්මා ලක්මින්දි
03 වන ශ්‍රේණිය
ඉන්ද්‍රජෝති දහම් පාසල - කුරුණෑගල
****
දේශීය ආහාර ගනිමු
දේශීය ආහාර යනු අතීතයේ මුතුන්මිත්තන්ගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන වස
විස නැති අපේම ආහාර වේ. දේශීය ආහාර අපේ ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර වේ. අපට දේශීය
ආහාර බොහෝමයක් තිබේ. අපි මුං කිරිබත්, හත්මාළුව, කවලම් මැල්ලුම, කොළ කැඳ, සිංහල
අච්චාරු, එළවළු සලාද, දේශීය පලතුරු බීම, පලතුරු සලාද වැනි සෞඛ්‍යාරක්ෂිත ආහාර රැසක
උරුමකරුවෝ වෙමු. එහෙත් වර්තමානයේ ජනතාවගේ අහිතකර ආහාර රටාව නිසා ඔවුන් රෝගී වී
තිබේ. අධික තෙල් සහිත ක්ෂණික ආහාර, කෘත්‍රීම බීම වර්ග, විවිධ රසකාරක යෙදූ ආහාර,
පිෂ්ඨමය ආහාර වැනි ආහාර මඟින් බෝ නොවන රෝග වැළඳීම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
අතීතයේ මිනිසුන් දීර්ඝායුෂ වින්ඳ ද, වර්තමාන මිනිසාගේ ආයුෂ අඩු වී ඇත්තේ මේ වැරැදි
ආහාර රටාව නිසා ය.
රශිනි කාව්‍යා
09 වන ශ්‍රේණිය
සුවිසුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත
****
යහපත් සිතිවිලි
සම්බුදු සරණයි අප හැම දෙන හට
සදහම් සරණයි සිත පැහැදීමට
සංඝං සරණයි ගුණ සිහිවීමට
තෙරුවන් සරණයි මිනිසත් සැමහට
බෝ මලු සඳ මලු පිරිසුදු වන්නේ
වත් පිළිවෙත් හොඳ හිතින් කරන්නේ
සිත කය වචනය පහදා ගන්නේ
පින් කොට පැතු දෙය සිදුකර ගන්නේ
මහආරගම සුදස්සන හිමි
02 වන වසර
ශ්‍රී සුමන සාමණේර ආයතනය, වෙහෙරයාය
****
ජේතවනාරාමය
ලොව විශාලතම දාගැබ ලෙස සැලකෙන ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කරවන ලදී.
අනුරාධපුරයේ මහමෙව්නා උයනට ආසන්න ව පිහිටි ජේත උද්‍යානයේ ඉදිකරන ලද නිසා ජේතවනාරාමය
නමින් ප්‍රසිද්ධ වී ඇත. චෛත්‍ය මලුවේ පැත්තක දිග අඩි 516 කි. බුදුරජාණන් වහන්සේගේ
පටී ධාතුවෙන් කොටසක් ගෙන නිධන් කොට ජේතවනාරාමය ඉදි කළ බව සැලකේ. එසේම බුදුරජාණන්
වහන්සේගේ බඳ පටි හා රජවරු කිහිප දෙනෙකුගේ ප්‍රතිමා මෙහි තැන්පත් කොට ඇත. ගඩොලින්
ඉදිකළ උසම ගොඩනැගිල්ල මෙය වන අතර, එකල එහි උස අඩි 400 (වර්තමානයේ උස අඩි 237 කි) ක්
බවත් ගඩොල් කැට ලක්ෂ 56 ක් චෛත්‍යය ඉදි කිරීමට යොදා ගෙන ඇති බවත් ඉතිහාසයේ විස්තර
වෙයි.
යාලබෝ සුධීර හිමි
1 වන ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය- හඳපානාගල
****
අභයගිරිය මහා විහාරය
මෙම විහාරය කරවූයේ වළගම්බා රජතුමා ය. ක්‍රි. පූ 108 දී පැරැණි රජ කෙනෙකු ලෙස එතුමා
ඉතිහාසයට එක්විය. වළගම්බා රජු වනගතව වසර 14 ක් සොළී ආක්‍රමණික වූ දාඨය නම් රජු සමග
යුධ කොට ඔහු පරාජය කළේ ය. වසර 12 ක් සිංහලයාගේ පාලකයා ලෙස රජ කළේ ය.
බෝගමුවේ නන්දසාර හිමි
1 වන වසර
ශ්‍රී සංඝබෝධි පරමානන්ද විහාරය, පොතුහැර
****
ගාලු කොටුව
ලෝක උරුම අතරට එක් වූ ගාලු කොටු පවුර ශ්‍රී ලංකාවේ දකුණු පළාත් මුහුදු තීරයේ පිහිටා
ඇත. ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි ජාතිකයින් ඔවුන්ගේ
ආරක්ෂාවට මේ බළකොටුව යොදා ගනු ලැබී ය. මේ බලකොටුව මුල් වරට ඉදි කරන ලද්දේ පෘතුගීසි
ජාතිකයන් විසින් ය. උතුරේ සිට දකුණට මීටර් 700 ක් පමණ දුරට මේ කොටු පවුර විහිදී
තිබේ. අක්කර 90 ක පමණ භූමි භාගයකින් සමන්විත මේ කොටු පවුර වටා, ආරක්ෂක මුර කුටි
රැසක්ම ඉදි කර තිබේ. කොටු පවුර වටා ආරක්ෂක බැම්මේ උස අඩි 70 ක් පමණ වෙයි. අද මෙය
විදේශීය සංචාරකයින්ගේ සුන්දර පාරාදීසයක් ලෙස පවතින අතර, ලෝක උරුමයක් බවට ද පත් කර
ඇත.
ගොඩකවෙල සුමිත්ත හිමි
02 වන ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය
****
සමවත් සුවෙන් වැඩ සිටීම
සසිදුල චනිත්
10 වන ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල වැල්ලවත්ත
****
පින්බර පන්සල
උදේෂි සමින්දිකා ජයසිංහ
07 වන ශ්‍රේණිය
වළගෙදර මහ විදුහල
මතුගම
****
බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ
625 උදේෂි සමින්දිකා ජයසිංහ 07 වන ශ්‍රේණිය,
වලගෙදර මහ විදුහල – මතුගම
626 අනුරාධ ඉසුරුකුමාර දිසානායක - 06 වන ශ්‍රේණිය
මලියදේව විද්‍යාලය – කුරුණෑගල
627 එම්.ඩී. නදීශා චලනි - 07 වන ශ්‍රේණිය ,
ඩී.එස්.සේනානායක විදුහල – කොළඹ
628 එම් . පී. චමෝදි ජනීෂා - 05 වන ශ්‍රේණිය,
ශ්‍රී සූරියදේව දහම් පාසල – සිරිපුර
629 එච්.එම්. දිනුෂා සංදීපනී - 12 වන ශ්‍රේණිය
වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහල - අනුරාධපුර සංස්කරණය
නයනා නිල්මිණි |