Print this Article


විමලා ථේරීගාථා

විමලා ථේරීගාථා

මම වර්ණයෙන් ද, රූපයෙන් ද,
සෞභාග්‍යයෙන් හා යසසින් ද,
මත් වීමි.

යෞවන මදයෙන් දැඩි ව
අන්‍ය ස්ත්‍රීන්
පහත් කොට සිතීමි.

බාලයන් තුටුවන පරිදි
මේ කය සරසාගෙන
මලපුඬු ඇට වූ වැද්දකු සේ
වේශ්‍යානිවසේ
දොරටුවෙහි සිටියෙමි.

රහස් තැන් ප්‍රකාශ කරන
බොහෝ පළඳනා දක්වමින්
බාලජනයා පොළඹවන්නට
උස් හඬින්
සිනා සෙමින්
නානාවිධ
මායා දැක්වීමි

ඒ මම දැන්
හිස මුඩුකොට
සඟල සිවුර පොරවා
පිඬු සිඟා හැසිර
ගස්මුල් සෙනසුනෙක්හි වෙසෙමින්
ද්විතීය (අවිතර්ක) ධ්‍යාන පාදක කොට ඇති
නිවන ලදිමි

දෙවියන් පිළිබඳ වූ ද,
මිනිසුන් පිළිබඳ වූ ද,
පවත්නා යම් (කාමාදී) යෝගයෝ වෙත් නම්,
ඒ හැම සුන් කොට
කාමාදී සියලු ආශ්‍රව ගෙවා
සිසිල් ව
කෙලෙස් පිරිනිවුමෙන්
පිරිනිවියෙමි