වීථි සංචාරය
29 වනදා:
රයිගම්පුර අභිමානය
හොරණ මහා පෙරහර
පද්මසිරි ඕපනායක
රයිගම්පුර ජනතාව චිරාත් කාලයක් තිස්සේ රැකගෙන ආ පාරම්පරික උරුමය මතු පරපුරට දායාද
කිරීමේ අභිමානවත් හොරණ මහා පෙරහර මෙම මස 29 වන දින රාත්‍රී 7.00 සිට හොරණ වීථි
සංචාරයට කටයුතු යොදා ඇත.
දර්ශනපති
තන්ජම්තැන්නේ ධම්මරංසි හිමි |
පෙරහර අපේ පාරම්පරික උරුම කුසලතා වන නිර්මාණාත්මක සංකේත නැටුම් ගැයුම් වැයුම්
ඇතුළත් ත්‍රිත්ව ක්‍රියාකාරීත්වයක් දෘෂ්ටි මායාවක් ලෙස පෙන්වීමකි. රයිගම්පුර
අභිමානය, හොරණ මහ පෙරහර එවැනි කුසලතා පූර්ණ ශිල්පීන් මවන, සංකේතාත්මක ආකෘති
ගණනාවකින් සමන්විත ය.මේ උත්සාහය, ඒ හැකියාව, නිර්මාණශීලීත්වය, සංවේදී භාවප්‍රකාශනය
උද්දීපනය රයිගම්පුර මතුපරපුරේ උරුම කරුවන් වන දූ දරු මුණුපුරන්ට පෙන්වීමට ආභාසය ලබා
දීමටය.
රයිගම්පුර අනාගතය සැකසීමට උරදෙන වර්තමාන රයිගම්පුර අභිමානි යතිවරයන් ගේ මගපෙන්වීම,
රයිගම්පුර ව්‍යාපාරිකයින් හා පොදු ජනතාවගේ දායකත්වයෙන් අන්‍යොන්‍ය සහාය, එකමුතුකම,
සංහිඳීයාව අගයකරන රයිගම්පුර ප්‍රදේශවාසීන්ගේ අභිමානය ලොවට පෙන්වීමට හොරණ වෑවල
ඉසිපතනාරාමය ගනු ලබන උත්සාහයකි.
අතීතයේ රයිගම්පුර පානදුර තොටමුණේ (බටහිර) සමනල බෑවුමෙන් ක්‍රමයෙන් තුනීවී යන කඳු
පන්තියකින් සමන්විත කළුගඟින් (නැගෙනහිර) හා දකුණු මායිම් වන, උතුරට සල්පිටි කෝරළය
මායිම් වන එවකට වර්ග සැතපුම් 130 ක් විශාල භූමි ප්‍රදේශයකි. අයබදු එකතු කිරීමේ
පහසුව සඳහා ප්‍රදේශ මායිම් වෙනස් කිරීම සමග පානදුර තොටමුණ වෙන්වී ඇත.
මේ වන විට මානව ඉතිහාසයේ ඉපැරණි ජනාවාස තිබුණු බවට සාධක හමු වූ පාහියන්ගල ලෙන
ප්‍රධාන කොට වාසය කළ අපේ ආදිතමයා කාබන් කාල නිර්ණය අනුව වසර 30000 ඉතිහාසයක්
ඇත්තෙකි. ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මුහුදට පැමිණි පහසු මග හොරණ රයිගම් පුරය හරහා වැටී
තිබෙන්නට ඇත.
ලේඛනගත සාක්ෂි අනුව රඹුක්කන පොකුණුවිට, කෙසෙල් හේනාව,වීදාගම රයිගම, රෙමුණ, පතහවත්ත
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට වඩා ඈත ඉතිහාසයකට නෑකම් කියයි. අනුරපුර යුගයේ
කිත්සිරිමෙවන් රජු සමයේ ක්‍රි.ව 301-328 පොකුණුවිට ශිලා ලේඛනය -රබගම කර්නිකායේ
පවරිය විහාරයට කළ පූජාවක් සඳහන් ය. එය සිරිමෙවන් රජුගේ අභිෂේකයෙන් දවස් පූර්ණ
වීමෙන් පසු සිදුකළ පූජාවකි. එම උත්සවයේ දී සිරිලක නන්දෙසින් එවැනි පූජා කළ බව සනාථ
වන්නේ වව්නියා දිස්ත්‍රික්කයේ තෝනිගල සෙල්ලිපියේ මෙවැනි පරිත්‍යාගයක් ඒ පෙදෙසේ
විහාරයකට කළ බව සඳහන් වීමෙනි. ඒ මෙයට වර්ෂ 1719 කට පෙර දී ය.
රයිගම්පුරය බැබළ වූ පතිරාජ ඇමති ක්‍රි.ව 1236 -1270 දඹදෙණියේ රජු වූ දෙවන
පරාක්‍රමබාහු රජුගේ රණශූර ඇමතියෙකි. අලගක්කෝනාර රයිගම්පුර අධිපති වූයේ ක්‍රි.ව.1372
- 1391 පස්වන බුවනෙකබාහු රජු සමයේ දී ය. පෘතුගීසීන් මෙරටට පැමිණ කොළඹ කොටුව
සිටිමින් තමන්ට අවශ්‍ය කුරුඳු, ගම්මිරිස් මැණික් සපයා ගැනීමට පානදුරේ සිට සබරගමුව
දක්වා ගමන් කළේ වර්තමාන ඒ 8 මාර්ගයේ ය. ඔවුන්ගේ කොල්ල කෑමට වීදාගම, රයිගම,
පොකුණුවිට, හොරණ රජමහා විහාරය ලක්වී තිබුණි.
දඹදෙණිය යුගයේ සිංහල ව්‍යාකරණ පොත, ‘සිදත් සඟරාව‘ ලියූ ධම්මසේන හිමි වැඩ විසූ
පතිරාජ පිරිවෙන ක්‍රි.ව 301- 328 කිත්සිරි මෙවන් රජ සමයේ පොකුණුවිට කොණ්ණාඥාරාමයේ
සෙල් ලිපියේ දක්වා ඇති පවරිය විහාරය හොරණ රජමහා විහාරය බව පරණවිතාන මතයයි.
ඒ අනුව වර්තමාන රයිගම්පුර ලේඛක පරපුර බිහිකිරීමට අවශ්‍ය දායකත්වය හොරණ රජමහා
විහාරය, වීදාගම විහාරය විසින් ඉටුකළ බව අවිවාද ව පිළිගත හැක. කොළඹ යුගයේ මහාකවි
මීමන ප්‍රේමතිලක, පසුව ජයසේන ජයකොඩි, හොරණ වජිරඤාණ නා හිමි, ගුණදාස
ලියනගේ.කරුණාසේන ජයලත් රයිගම් පුත්‍රයෝ වූ හ.
හොරණ මහ පෙරහර මෙහෙයවන ඉසිපතනාරාමය
නගරය ආරම්භ වන ස්ථානයේ පිහිටි වසර 2000 කට වැඩි ඉතිහාසයක් ඇති රයිගම්පුර බැබළවු
හොරණ රජමහා විහාරස්ථානය හොරණ ප්‍රමුඛ විහාරස්ථානයකි, විද්‍යාරත්නයකි. හොරණ ශ්‍රී
පුර්වාරාමය, මුණගම බෝධි රුක්ඛාරාමය හා ආරණ්‍යසේනාසනය, මෙම විහාරස්ථාන මෙහෙවර
ඉදිරියට ගෙන යාමට උපකාර වන්නේ විද්‍යාරත්නය ඇරඹී බොහෝ කලකට පසුව ය. මේ අතරින් අද
හොරණ මහ පෙරහර වීථි සංචාරයට සංවිධානය කරන හොරණ ඉසිපතනාරාමය හොරණ නගර සීමාවේ පිහිටි
ළාබාලතම විහාරස්ථානය යි. බොද්දෙල්ගොඩ විහාරාධිපති අපවත් වී වදාළ රයිගම් කෝරළේ උප
ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය අකුරණ පඤ්ඤාරංශි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්
වෑවල සැදැහැවත් බෞද්ධ ප්‍රජාවගේ දායකත්වයෙන් 1975 දී පිහිටුවන ලදී. ඉසිපතනාරාමය
පිහිටි භූමිය ජය භූමියකි. ඉහතින් දක්වා ඇති ලංකාවේ ග්‍රාම සංවර්ධන වැඩසටහන ආරම්භ
කිරීම, අඩු ආදායම් ලාභින් ව්‍යවසායකයින් කිරීමට උපකාර වන සමූපකාර ව්‍යාපාරය ඇරඹුවේ
මෙම භූමියේ සිට ය. ඉතා කෙටි කලකින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනැගූ පඤ්ඤාරංශි
නායක හිමිපාණෝ රයිගම් කෝරළයේ ව්‍යවසායකත්වය නගා සිටුවීමට ප්‍රායෝගික ආර්ථික
වැඩසටහන් ගණනාවක් ඇරඹී ය.
ප්‍රථම හඳුන්කූරු කර්මාන්ත ශාලාව ( මේ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැත්වූ කර්මාන්තය),
ව්‍යාපාරික මට්ටමෙන් දේශිය සහල් වෙළඳපොළට සකස්කිරීමට බොද්දෙල්ගොඩ ඇතුලු ගම් වාසින්
පෙළඹවුයේ උන්වහන්සේ ය. මතු පරපුරට ද මග පෙන්වන වෘත්තීය අධ්‍යාපනයට ම වෙන්වූ
පාඨමාලාවන් ඉසිපතනාරාමයේ ආරම්භකළේ සහජයෙන් ම දක්ෂ කාර්මිකයෙකු වූ අප නායක
හිමිපාණෝය.
එදා සුළුවෙන් ඇරඹූ එම වෘත්තීය පුහුණු පාඨමාලාවන් රජය සහ ලොව පිළිගන්නා වෘත්තීය
පාඨමාලාවන් බවට පත් කෙරුණ වර්තමාන වෘත්තීය පුහුණු ආයතනය ඉසිපතනාරාමය විසින්
පරිත්‍යාග කළ ඉඩමේ ම පිහිටුවා ඇත.
මීට අමතර ව උන්වහන්සේ විසින් දිවයිනේ බොහෝ දුෂ්කර ගම්මානවල වෙහෙර විහාරස්ථාන නගා
සිටුවීමට කටයුතු කරන ලදී. උන්වහන්සේ ගේ ශිෂ්‍ය වර්තමාන ඉසිපතනාරාමාධිපති,හොරණ
ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය තන්ජම්තැන්නේ
ධම්මරංසි හිමිපාණන් වහන්සේ, නායක ස්වාමීන් වහන්සේ පටන් ගත් සෑම ව්‍යාපෘතියක් ම
මෙහෙය වීමේ වගකිම බාරගෙන තිබීම රයිගම් කෝරළ වාසින් මෙන් ම, ශ්‍රී ලාංකිකයින්ට හිමි
වූ භාග්‍යකි.
කවුරුත් හද බැදි ගෞරවයෙන් පොඩි හාමුදුරුවෝ ලෙස හඳුන්වන ධම්මරංසි
නායක හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ ලොව විශිෂ්ටතම සෞන්දර්යාත්මක කලා අංගයන්ගෙන්
සමන්විත ලෝක උරුමයක් වන දළදා පෙරහර අනුකරණය කරමින් සම්ප්‍රදායානුකූල පෙරහරක් රයිගම්
පුර අභිමානය ඔප්නංවන සේ ඔබ වෙත ඉදිරිපත් කරමු. |