[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැරැදි වැටහීම

වැරැදි වැටහීම

මෙම ලිපියෙහි 05 වන කොටස නවම් පුර අටවක පෝදා (පෙබරවාරි 02) පත්‍රයෙහි පළවිය.

බුදුරජාණන් වහන්සේ පුද්ගලානුරූපීව හා අවස්ථාවෝචිතව එක ම ධර්ම කරුණු විවිධ ක්‍රමවලින් දේශනා කොට ඇති අතර ඒවා පරියාය ලක්‍ෂණ වශයෙන් හැඳීන්වේ. ධර්මය විකෘති කරන්නෝ මෙවැනි දේශනා අතුරින් එකක් ගෙන එය නිවැරැදි ම එක වශයෙන් දක්වමින් අනෙක් දේශනා බුදුරදුන් නො දෙසූ බව හෝ බමුණුමත බව කියති. බුදුදහමින් විග්‍රහ වන සීලය කෙතරම් පුළුල් වූවක් දැයි දැනගනු කැමැත්තෝ පටිසම්භිදාමග්ගප්පකරණයෙහි සීලමයඤාණ කොටස බලත්වා !

පාලියෙහි සීලය පිළිබඳ සඳහන් වන බොහෝ අවස්ථාවල සංවර යන වචනය භාවිත වේ. මෙම සංවර යන වචනය අත්තනෝමතිකව සං + වර සංවර යනුවෙන් බෙදා ‘සං’ වූ දේවල් (රැස් වූ දේවල්) වරණය කිරීම යැයි කීව ද එය ඔවුන්ගේ විකාර අර්ථ සම්පාදනයක් විනා පාලි භාෂාවට හෝ ධර්මයට අනුගත වූවක් නොවේ.

වර්තමානයේ දහම් විකෘති කරන කණ්ඩායම් විසින් ඉහත දක්වන ලද ප්‍රධාන කරුණුවලට අමතරව තවත් බොහෝ දහම් කරුණු විකෘති කරනු ලැබේ. ඒ අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාදක කොට ගත් ආනාපානසති භාවනාවට හුලං දිහා බලා සිටින හුලං භාවනාවක් යැයි නිග්‍රහ කරමින් නියම ආනාපානසතිය කියන්නෙමියි විකාර රූපී අදහසක් ඉදිරිපත් කරති.

මෙම ලිපියෙහි තවත් කොටසක් නවම් අව අටවක පෝදා (පෙබරවාරි 15 ) පත්‍රයේ පළවේ

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]