[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

38/6, මාළිගාවත්ත පටුමග, කොළඹ 10 ලිපිනයෙහි පදිංචි 60 වියැති පතිරගේ සෝමවතී මහත්මියට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ඇය පරීක්ෂා කළ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා ඇයට ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කාරුණික පින්වතෙක්, පින්වතියක් වේ නම් පහත දුරකථන අංකවලට අමතා ඇයට පිහිටවන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 071 7108624, 075 6267477, 0766 49 84 63

****

උස්වැටකෙයියාව පදිංචි විනෝදන් (24) නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බවත් කියයි. “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් එම රෝගියා සුවපත් කිරීමට අවශ්‍යව ඇති හෙයින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0766077677දුරකතන අංකයෙන් විමසීමට කාරුණික වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

ගල්ගමුව ඇහැටුවැව, නිද්දව 108/1 සී පදිංචි ඩී.එම්.චමින්ද හේරත් දිසානායක මහතාගේ පුතු වන ඩී.එම්. දිහන්ස යසින් දිසානායක වයස අවුරුදු 02 මාස 02 වන අතර එම දරුවාට තැලසීමියා රෝගය වැළඳී ඇති අතර දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කිරීමට සිදුව ඇති බව කියයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බවද, කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරුන් විසින් නිගමනය කර ඇතැයි කියයි. එම මුදල සොයා ගැනීමට ඔහුට ඉතා අපහසු බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාරය අපේක්ෂා කෙරේ. ගිණුම් අංකය 107290190586, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ගල්ගමුව ශාඛාව වන අතර දුරකතන අංක 076 398 5648, 078 8793 474 වේ.

****

වකුගඩු අක්‍රීය වී ඇති වයස අවුරුදු 43 ක් වන වෛද්‍යවරිය සඳහා “ඒ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති භික්ෂූන් වහන්සේ නමක් කඩිනමින් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. වයස අවුරුදු 45 ට අඩු නිරෝගී භික්ෂූන් වහන්සේ නමක් විය යුතු බවද කියයි. දුරකථන අංක 076 0601058, 077 4724151, 078 5056247 වේ

****

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සුවපත් කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුªගඩුවක් පරිත්‍යාග කිරීමට කාරුණික වන්නැයි එම රෝගියා ඉල්ලීමක් කරයි. 077 4819 192 දුරකතන අංකයෙන් විස්තර දැනගත හැකි බව ද කියයි.

****

නො. 10, 17 වෙනි පටුමග කොටහේන කොළඹ 13 ලිපිනයේ පදිංචි ඊ ශිලාකාන්ති ජයලත් මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධකළ යුතු බව වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව ද කියයි. එබැවින් “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් දු.අංක 077 2006799, 0777 551607 අංක වෙත අමතන ලෙස ඉල්ලීමක් කෙරේ

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]