[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ වාර්ෂික අවුරුදු පොළක්

සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ වාර්ෂික අවුරුදු පොළක්

 

1949 වර්ෂයේ දී බී.එස්. ජයවර්ධන මැතිනිය ප්‍රමුඛ ප්‍රභූ කාන්තාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය හව්හරණක් නොමැති අවශ්‍යතා ඇති කාන්තාවන් රැසකට හා විශේෂ අවශ්‍යතාවයන් ඇති තරුණියන් පිරිසකට ද ඔවුනගේ ජීවිතාන්තය දක්වා සෙවන දෙන ආයතනයකි. එම පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සලසමින් ජීවිතාන්තය දක්වා ඔවුන් රැක බලා ගැනීම ආයතනයේ ප්‍රමුඛතම කාර්යය වේ. ඒ සඳහා විශාල මූල්‍ය ප්‍රතිපාදනයක් සම්මේලනය මඟින් වියදම් කරනු ඇත. එම වියදම් පියවා ගැනීම උදෙසා අවුරුදු පොළක් සම්මේලනය මඟින් වාර්ෂිකව සිදු කරනු ලැබේ.

මෙවර අවුරුදු පොළ මාර්තු මස 28 සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම සම්මේලනය කියයි. පොළ පැවැත්වෙන මාර්තු 28 වන දිනට පැමිණීමෙන් සන්ධ්‍යා වැඩිහිටි නේවාසිකාවන්ගේ සහ පුබුදු විශේෂ තරුණියන්ගේ අත්කම්, මැහුම්, ගෙතුම් මිලදී ගැනීමට ද එමෙන්ම සිංහල අවුරුදු උත්සවය සැමරීම සඳහා අවශ්‍ය කැවිලි වර්ග, ආහාර වර්ග, රෙදිපිළි, තෑගි භාණ්ඩ ආදිය පහසු මිලට ලබා ගැනීමට හැකියාව ඇතැයි සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය කියයි.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]