Print this Article


ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

මෙම ලිපියෙහි පස්වන කොටස නවම් පුර අටවක පෝදා (පෙබරවාරි 02) පත්‍රයෙහි පළවිය.

සහශ්‍රක දෙකහමාරකට වැඩි කාලයක් තුළ ඓතිහාසිකවත් අද යුගය වනවිටත් නා නා මාදිලියේ ආසවට්ඨානීය ධර්ම භික්‍ෂු සංඝයා තුළපහළ වී තිබේ. සසුනේ උන්නතියක් අපේක්‍ෂා කරන්නේ නම් කප්පිය, කප්පියානුලෝමික, අකප්පිය, අකප්පියානුලෝමික යන විනයමහාපදේස අනුව විනිශ්චය කොට ක්‍රියා කිරීම පිළිබඳව භික්‍ෂූන් වහන්සේලාගේ අවධානයක් නැත්නම් ශාසන උන්නතියක් බලාපොරොත්තු විය හැකි නො වේ. විනයමහාපදේස වලින් බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් කැප අකැප බව වෙසෙසා සඳහන් නො කළ කරුණු සම්බන්‍ධයෙන් කැපයට අනුලෝමික ද, අකැපයට අනුලෝමික ද යන්න විමසා කැපයට අනුලොම් නම් පිළිගැනීමෙන් හා අකැපයට අනුලොම් නම් බැහැරකිරීමෙන් කැපය නො වළකාලන්නටත්, අකැපය වළකාලන්නටත් අවකාශ විවෘත කිරීම බව දතයුතු ය.

සසුනේ උන්නතිය අපේක්‍ෂා කරන්නේ නම් ධර්මයත්, විනයත් ශාස්තෘත්‍වයෙන් පිළිගතයුතු ය යන්න පිළිබඳව කිසිදු දෙගෙඩියාවකට හේතුවක් නැත. ධර්මයෙන් දර්ශනයත්, විනයෙන් චරණයත් අර්ථවත් වේ. අද යුගයේ ද අවධානය යොමු කළයුත්තේ සසුනේ උන්නතිය හා පැවැත්ම උදෙසා බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළ කරුණු පිළිබඳව ම ය.

මෙම ලිපියේ ඉතිරි කොටස නවම් අව අටවක පෝදා (15) පත්‍රයේ පළවේ