මසුරු සිතට
සිදුවන දෙය
කොළඹ විජේරාම මාවතේ,
ජාත්‍යන්තර විපස්සනා
භාවනා මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර
කාශ්‍යප හිමි
අපගේ සිතෙහි ඇතිවන සැප වේදනා නැතහොත් කාය සම්පස්ස ද, චක්ඛු සම්පස්ස ද, සෝත සම්පස්ස
ද, ඝාන, ජිව්හා, කාය, මන යන ඉන්ද්‍රියයන් හරහා සැප මාත්‍රයන් ඇතිකර ගැනීමේ මහා
තරගයක අපි සියලු දෙනා යෙදී සිටින බව අමතක නොකළ යුතු ය. මේ ප්‍රවාහය තේරුම්
නොගත්තෙහි නම් අන්තිම මොහොත දක්වා ම අපි සටනක යෙදෙන්නෙමු.
නෙත් දෙකට දැලක් එලා තිබුණත්, අන්තිම මොහොතේදී පවා තම දරුවන් වෙත ළඟට පැමිණෙන්නැයි
ඉල්ලීම් කරනු ලැබේ. ඒ තවත් එක්වරක් හෝ දැක බලා ගැනීමට තම සිතෙහි ඇතිවන තදබල ස්වභාවය
හේතුවෙනි. ඒ පිළිබඳ මේ මොහොතේ දී අපි මොහොතක් සිතා බැලීම වටී.
යම් අයෙක් කවදා හෝ අනුභව නොකළ ආහාරයක් දුටුවා යැයි සිතන්න. ඉතා රස ආහාරයක්. කිසිදු
තණ්හාවක් කිසිදු කලබලයක්, කිසිදු නොසන්සුන්කමක් හට ගන්නේ ද? එසේ සිදු නොවේ. ඒ ආහාරය
විදේශයකින් ගෙන්වා ගත් පලතුරක් යැයි සිතන්න. ආහාරයට ගෙන එය බලන විට ඉතා රසවත් බවක්
දැනේ.
නැවත දිනයක දී ඒ රසවත් පලතුර පින්කමක් අවස්ථාවක දී ලබා දීමට ගෙනවිත් ඇතැයි සිතන්න.
සමහර විට ධර්ම දේශනා පින්කම් අවස්ථාවක් යැයි සිතන්න. ධර්ම දේශනාවෙන් පසු එම පලතුර
ලබා දෙන බව කීවත්, ධර්ම දේශනාව පැවැත්වෙන අතරතුර තම සිතිවිලි ගලා යන්නේ ධර්ම දේශනාව
සඳහා ද? නැතහොත් ඉතා රසවත් පලතුර වෙත ද? සිතා බලන්න.
එසේ සිත දිව ගියේ කවර දෙසකට ද? අතීතය වෙත ය. අනාගතයේ ද, එයම සාදා ගැනීමට
ප්‍රාර්ථනාවක් ඇතිවේ. අතීතයේ ඇති වූ සැප වේදනාව නැවත සාදාගැනීමේ ප්‍රාර්ථනාවක් වේ.
එසේ නම් තණ්හාවෙන් සිත අතීතයට දිවයන ස්වභාවය පවතී. සෑම කරුණක් ම එසේ පවතී.
පුරුදු පුහුණු කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ.
හිමිදිරියේ පිබිදුනු අපි සන්ධ්‍යාව නොව රාත්‍රී නින්දට යනතුරු සොයනු ලැබේ.
සන්ධ්‍යාව වනතෙක්, ඇසෙන්, කනෙන්, නාසයෙන් සොයන්නේ අතීත සැපය නැවත ඇතිකර ගැනීමට
සොයනු ලැබේ. එය ම කාරණය වේ. හැම මොහොතකම අතීතයේ අසනු දේ, දුටු දේ, විඳපු දේ නැවත
දකින්නට, අහන්නට, විඳින්නට මහත් උත්සාහයක් ගනු ලැබේ. ඒ සඳහා අවශ්‍යදෑ ඒකරාශි කරගනු
ලැබේ. එසේ එකතු කර ගත් දේ වට කර වැට ගසනු ලැබේ. තාප්ප ඉදි කරගනු ලැබේ.
අද අප සැප විඳින දේ ආරක්ෂා කර ගැනීමට මහත් උත්සාහයක් දරන්නේ ඇයි? හෙටටත්,
අනිද්දාටත් ඊට පසුවදාටත්, එමෙන්ම ලබන වසරටත් ආදී වශයෙන් අවසානයක් නොමැතිව මේ හිත
මෙසේ වස්තූන් කෙරෙහි තණ්හාවෙන් බැඳෙමින් පවතී.
රූප තණ්හා ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ෂ, තණ්හා, ධම්ම තණ්හා යනුවෙන් හය
දිසාවකින් සිත පහරන ලබන දේ ඉල්ලනු ලැබේ. එය අතීතය සිත ලුහුබැඳ යන ස්වභාවය වේ.
කවුරු හෝ පුද්ගලයකු මේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම යන කොටස හෙවත් රූප,
වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ආකාරයට මෙසේ අප තණ්හාවෙන් අල්ලා ගනු ලබන දේ සෑම
නිමේශයක ම වෙනස් වනවා ය, නැති වෙනවා ය, ඊට අගක් මුලක් නැතැයි නිසි අයුරෙන් තේරුම්
ගතහොත්, ප්‍රත්‍යක්ෂව දැන ගතහොත් අන්න එබඳු තැනැත්තා වෙත මෙසේ ලුහුබැඳ යන ස්වභාවය
පැමිණේ ද? එසේම ලුහුබැඳ යන ගතිය නොපැමිණේ.
එසේ ලුහුබැඳ යාමට තවත් හේතුවක් පවතී. අපේ විශ්වාසයත්, දැක්මත්, අදහසත් පවතිනුයේ මෙම
ක්‍රියාව කළ හැකි ද? නොහැකි ද? යනුවෙනි. අතීතයෙහිදී මා වෙත ලද සැපය අනාගතය දක්වා
රැගෙන යාමට හැකි යැයි අදහසක් පවතිනු ලැබේ. අන්න එසේ පවතින අදහසට අප දෘෂ්ඨිය යැයි
කියනු ලැබේ.
කුසගින්න පවතින මොහොතක තමන් ඉතාම කැමැති ව්‍යාංජන සහිත ආහාර පාසල් කීපයක් තමා වෙත
ලැබේ. ඉන් දෙකක් පරිභෝජනය කරනු ලැබේ. නැවත ආහාර ගත හැකි ද නොවේ. එහෙත් කැමැති ම
ව්‍යාංජන ඇත. එම ඉතිරි ආහාර පාර්සල් කිසිවකුටත් දෙනු නොලැබේ. පසු වෙලාවක ආහාරයට ගත
යුතුය යන බැවිනි. එවිටම ඉතා හිමිදිරියේ පිසන ලද ආහාර තවත් හෝරා කීපයක් තබා ගත
නොහැකිය යනුවෙන් එවිට යම් තැනැත්තකු පැමිණියහොත් සිය මසුරුකමට කුමක් සිදුවේද? ආහාරය
කල්තබා ගත නොහැකියැයි දැනගත් විට මසුරුකම නැතිවී ගියේ ය. පංචුපාදානස්කන්ධය පවත්වා
ගත නොහැකියැයි කිසියම් වෙලාවක ප්‍රත්‍යක්ෂව දැන ගතහොත් ඒ තැනැත්තාට මේ ලෝකය පවත්වා
ගැනීම පිළිබඳ මසුරුකමක් ඇති නොවේ. අතීතයේ ඇති වූ වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤානයන්
වර්තමානය දක්වා ඇදගෙන ඒමේ පුළුවන්කමක් නැත. තමාට අවශ්‍ය අයුරෙන් පවත්වා ගැනීමට
පුළුවන්කමක් නැතැයි ඒ තැනැත්තා තේරුම් ගනු ලැබේ.
- බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ |